නුවරඑළිය බැජ් ට්‍රිප (රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ කියන්න යන්නෙ මම කැම්පස් ඉද්දි පලවෙනි බැජ් ට්රිප යද්දි වෙච්ච සිදුවීම් කීපයක්. මේ සේරම සිදුවීම් උනේ අපේ බැජ් එකේ ඉල්ලං පුපේ මාමයිට් ගාගැනීමෙන් සහ යන යන තැන කුජීත වී පජාත වීමට උපං හපංකම් ඇති චාටර් වීමේ රාජයෝගයකින් උපත ලද මාගෙ අතිජාත මිතුරු හෙප්පුවානන්ට. කැම්පස් ට්රිප් කෝමත් ආතල්නේ. ඒ උනාට මේ හෙප්පුවා එක්කං යනවා කියන්නෙ ආතල් ලෝකයක් සිනා සාගරයක්.
හැමෝම යනවා වගෙ අපිත් ඔන්න නුවර එලි තමා යන්න දාගත්තෙ විශේෂයෙන්ම අපේ වැඩි හරියක් හිටියේ නුවර එලිය බණ්ඩාරවෙල බදුල්ල පැත්තෙ කස්ටිය නිසා. අපි යන ගමන පාරෙ බස් එකේ ගියේ. ඔන්න වැල්ලවාය හරියෙදි ලොකු ටියුශන් ක්ලාස් එකක් ඉවර වෙලා කොල්ලො කෙල්ලො වගයක් නැග්ගා බස් එකට. උනුත් උකුලු මුකුලු කර කර යනවා කිචි බිචියෙ. ඔය අතරෙ තමා මට හෙප්පු බෝයිගෙ කට දෙපැත්තෙන් කෙල පනිට්ටු එකහමාරක් විතර බේරෙනවා පෙනුනේ. බලද්දි මූ මුගෙ රබර් ඇහැ කරකෝනවා එක කෙල්ලෙක් දිහා බලාගෙන. එතන කොල්ලො දෙන්නයි කෙල්ලො තුන් දෙනයි හරියටම අපිට ඉස්සරහ තුනේ දෙකේ සීට් පේලියේ. කෙල්ලො තුන් දෙනා තුනේ සීට් එකේ. උන් එක්ක කතා කර කර ගිය කොල්ලො දෙන්නා එහාපැත්තෙ දෙකේ සීට් එකේ. ඔන්න බලපං ඔය තුනෙන් එකක් මම අදම සෙට් කරගන්නවා කියලා සිංහ නාද කරපු හෙප්පුවා නැගිට්ටා සීට් එකෙන්. නැගිටලා ගියා ඒ ලමයි ඉස්සරහට. මුගෙ කරුමෙටද කාගෙ කරුමෙටද මන්දා අර තුනේ සීට් එකේ කෙරෝලෙ හිටපු කෙල්ලත් ඒ වෙලේම බහින්න නැගිට්ටා සීට් එකෙන් අනිත් අයට කලිං. ඒ ඇසිල්ලෙන් හෙප්පුවා අර හිස් වෙච්ච සීට් එකට පැනගත්තා. දැං ඔන්න යනවා අර දෙන්නා දෙපැත්තේ ශාන්ති මැද්දෙ වගේ. අර දෙගොල්ලො දැන් අපේ හෙප්පුවා හරහා තමා කතා බහ කරන්නෙ. අපේ එකාත් හෙන කන්ෆිඩන්ස් පිට අර කෙල්ලන්ටත් විහිලු කර කර උන්ගෙ කතාවට එක්කහු වෙලා. මම උන්ට පිටිපස්සෙ සීට් එකේ මොකද වෙන්නෙ කියල අහගෙන ඉන්නො. අපරාදෙ කියන්න බෑ මූ මරුවට ගේමට එන්ටර් උනා. ඒ ලමයි සැට් එකත් මූත් එක්ක ෆිට් එකේ කතා කරනවා. ඒ අස්සෙන් මූ එහාපැත්තෙ කෙල්ලට පැණිය හලනවා. ඔන්න මට ඇහෙනවා මේම සංවාදයක් අපේ හෙප්පුවා සහ දෙකේ සීට් එකේ කෙරෝලේ ගිය කොල්ලා අතර.
“මේ මචං මේ මගේ එහාපැත්තෙ ඉන්න නංගි හරි අහිංසක පාටයි නේ? වැඩි කතා බහකුත් නෑ. උඹේ යාලුවෙක්ද?”
ගත් කටටම අර කොල්ලා කියාපි,
“අනේ නෑ අයියේ මේ මගේ නංගි…”
“ආනේ ඇත්තද? හරි හොඳ නංගි.”
ඕම කියාපු හෙප්පුවා එහෙම්මම නැගිටලා ආයෙ අපේ සීට් එකටම ආවා හරිම සන්තෝසෙන් මූන හරියට බඩ යන්න බෙහෙත් බීලා ලැට් එකේ යතුර නැති වෙච්ච එකා වගේ කරන්. මට මැරෙන්ඩ හිනා තව ඩිංගෙන් ඉස්සරහා සීට් එක කනවා.
කෝම කෝම හරි අපි නුවර එලියටත් ඇවිල්ලා නුවර එලිය වැඳපුදාගෙන අපේ සෙට් එකේ ආසියාගෙ අම්මගෙ කවදාවත් අමතක නොවන තරමෙ රස ඉට්ලි මරලා පහුවදා බණ්ඩාරවෙලට ආවා ඇල්ල රොක් නගින්න. ඇල්ල රොක් කියන්නෙ විදේශිකයන් සෑහෙන ගැවසෙන තැනක්නේ. අපි බල්ලො වගේ හති දාගෙන ඇල්ල රොක් බඩගාද්දි මෙන්න යකෝ නාකි සුද්දො දෙන්නෙක් ඇල්ල රොක් දුවනවා හැටට හැටේ. අපි බාගයක් අමාරුවෙන් නැගගද්දි උන් දෙන්නා පල්ලෙහාටත් දුවනවා. අවුරුදු විසි දෙකේ විසි තුනේ හයිය හත්තිය ඇති තරුණයක් හැටියට අපිට පුදුම අභිමානයක් දැනුනේ. හැබැයි ඉතිං හැමෝම ඒම නෑ. අපි වගේ හැල්මේ නැග්ග සුද්දො සුද්දියෝ තමා වැඩි. විශේෂම කාරණය මට හොඳට මතකයි එදා ඒ මුලු ගමන පුරාවටම අපිට ඇල්ල රොක් නගිද්දි සහ බහිද්දි හම්බුනේ විදේශිකයො විතරමයි. ලංකාවෙ උන්ගෙන් හිටියෙ බල්ලො විතරද මන්දා. ඇයි අපි බල්ලො ටිකත් හිටියා එච්චරමයි. අපි ඉස්සරහින් ගියේ ඊශ්රායල් සෙට් එකක් (මට උන්ගෙ එකෙක් එක්ක කතා බහ කරන්න ලැබුන නිසා දැනගත්තෙ). කෙල්ලො වගයක් හිටියා අම්මේ…… උන්ගෙ ලස්සන දැක්කම ලංකාවෙ කෙල්ලො වගේ ඉන්න වැඳිරියොන්ට ගගහා එලවන්න ඕනෙ කියල හිතුනා. හරි හරි කෙල්ලො වගේ ඉන්න වැඳිරියොන්ට කිව්වෙ හොඳේ කෙල්ලොන්ට නෙමේ. කෝම හරි අවංකෙන්ම එතන කෙල්ලො හතර පස් දෙනෙක්ම හිටියා ඉටි රූප වගේ. එංගලන්ත ඇමරිකන් සුද්දියෝ වගේ නෙමේ ඊශ්රායල් කෙල්ලොන්ගෙ පාට සහ ලස්සන. (ගාල් ගැඩොට් අක්කව මතක් කරගන්නකො) අපි උන්ගෙ සුන්දරත්වය විඳිමින් යනකොට මෙන්න ආවා පිටිපස්සෙන් අපිව පහු කරං අර මම කලිං කිව්ව ලස්සන කෙල්ලොන්වත් තූ…. නොදකිං කියල හිතෙන තරමෙ ලස්සන ගෑල්ලමයි දෙන්නෙක්. හමේ පාට ඇත්දල වගේ. ඇත්තටම අදටත් මම දැකලා තියෙන ලස්සනම කෙල්ලො අතරට උන් දෙන්නව දාන්න පුලුවන්. මෙච්චර වෙලා නාකි බල්ලෙක් හතිදානවා වගේ හිටපු හෙප්පුවගෙ කටට ආවා පණ. කටට විතරක් නෙමේ උගෙ සර්වාංගෙටම පණ එන්නැති. මෙන්න මූ දෙසා බාන්න ගත්තා උං දිහා බලාගෙනම
“අඩෝ මචං මෙන්න කෑලි නම් කෑලි. බලපල්ලා යකෝ පිං පාට. තුක් නොදකිං ලංකාවෙ අපේ කෙල්ලො හැතිකරේ ඉන්නවද බලපං මේ වගේ කිරි ටොයියො? යකෝ මෙව්වා බල බල ලංකාවෙ ඉන්නවත් හිතෙන්නෙ නෑ බොලව්… මේම කෑල්ලක් සෙට් උනොත් මම හනිමූන්ම යනවා මාස හතක් එකදිගට “
දැන් ඔය සේරමව වචන හෙප්පුවගෙ ගලි වල වගේ කටෙන් ගලාගෙන යද්දි අර සුද්දි කෙල්ලො දෙන්නා මූට මොකක් වෙලාද මේ වගේ බලාගෙන ගියා. ඊශ්රායල් උන් නිසා හොඳයි කියාගෙන මමත් සිරික්කිය දැම්මා එයාලට.
ඒ දෙන්නා අපිව පහු කරං ගියාට පස්සෙ මෙන්න එනවා ටිකක් වයසක ජෝඩුවක්. උන් දෙන්නා නම් ලෝකල් පාටයි. හැබැයි සුදුයි. ඒ වයසක අංකල් මගෙන් ඇහුවා පුතා ඇල්ල රොක් මුදුනට නේද ඔයාලත් යන්නෙ පාර හරිද කියලා. මම කිව්වා හරි හරි අංකල් ඔහොම්මම යමු කියලා. ඊටපස්සෙ අර ඇන්ටි කෑගහපි,
“චූටි දුව… ලොකූ…… අපිව පාස් කරන් හයියෙන් යන්නෙපා හිමිං යන්න. එන්න අපි මේ අයියලා එක්ක යං එයාලා පාර දන්නවා..”
විලි ලැජ්ජ හතයි. මෙන්න අර ලස්සන දැරිවියො දෙන්නා කුචු කුචු ගගා හිනා වෙවී හැරිලා එනවා ආයෙ. අයියෝ උං අමු සිංහල. ඒ වෙලාවෙ අපේ මූනු වලයි පස්චාත් බාග වලයි කිසිම වෙනසක් තියෙන්න නැතුව ඇති චැක් කොලා නම්. අනේ ඉතිං ගමනේ ඉතුරු ටිකෙදි මම දැක්කා හෙප්පුවා ගස් ගල් වලට මුවා වෙවී හොරෙක් වගේ යනවා අර අම්මා තාත්තගෙන් ගුටි පෝරියල් එකක් කොයි වෙලේ සෙට් වෙයිද බයෙන්.
එදා හවස් වෙද්දි අපි බදුල්ලෙ හාපත්ගමුව කියන ගමට සැපත් උනා. එහෙ තමා අපේ කොටා මහතුවගෙ ගෙදර තිබ්බෙ. ඒ යන අතරමගදිත් ගමේ බස් එකේදි හෙප්පුවා ඉස්කෝලෙ කෙල්ලෙක්ට බස් ටිකට් එකේ ලියලා නම්බරේ දුන්නා. දුන්න පරක්කුවට අනිත් පැත්තට නම්බරේ උඩින් විසි වෙලා ආවා උගෙ මූන දිහාවට. මං ඉතිං ඔය සීන් එක අපේ මහතුවට පෙන්නුවා බලපං අර හෙප්පුවා යන යන තැන චාටර් වෙනවනේ කෙල්ලොන්ට නම්බර් දෙන්න ගිහිං කියල. පොර මගෙන් ඇහුවා කොයි කෙල්ලද බං කියල. ඊටපස්සෙ මම ඒ කෙල්ලව පෙන්නුවාම අරූ ඔලුවෙ අත ගහගෙන කියනවා “හුටා යකෝ ඒ අපේ අල්ලපු ගෙදර නංගි.”
කෝමෙන් කෝම හරි එදා හවස අපි හේන් යායවල් ගානක් මැද්දෙන් ගිහිං සීතලම සීතල මරේ මරු පීල්ලකින් නෑවා. නාලා ආපහු එද්දි රෑ බෝ වෙලා කරුවල වැටිලා. අපේ ගොඩ දෙනෙක්ගෙ පෝං වල බට්ටි ලව් වෙලා තිබ්බෙ ටෝච් ගහන්නවත් බැරි වෙන්න. හෙල්මලු කුඹුරක් තිබ්බා ඒකේ කෙරවලේ තනි නියරක් දිගේ තමා යන්න තිබ්බෙ. අපි ඉතිං එකා පස්සෙ එකා යනවා. කාගෙවත් මූනක් කටක්වත් පේන්නෑ හද්ද කලුවරේ ඕං.
ඕම යද්දි මෙන්න එකෙක්ට යන්න තියෙන නියරේ කෙසඟ ඩෑල් එකක් ඉක්මනට ඉක්මනට ඕවර්ටේක් කරගෙන යනවා. මම දැක්කෙ අපේ රෙපා ගප්පියා වගේ. මට වගේම හෙප්පුවටත් ඒම පෙනිලා
“කොහෙද acer ගප්පියො දුවන්නෙ?” කියලා උගේ පුප මිරිකුවා. මිරිකුවා විතරයි මෙන්න අරූ පවනට බඳු වේගයෙන් ප්ලෑශ් ගියා වගේ සුස් ගාලා දිව්වා පණ කඩාගෙන. මම හෙප්පුවගෙන් ඇහුවා ඇයි බං අර ගප්පියා දිව්වෙ කියලා. මේං එතකොට ගප්පියා පෝලිමේ පිටිපස්සෙ ඉඳං කෑගහනවා අඩෝ මම මෙහෙ යකෝ කියලා. අනේ බලනකොට අපේ හෙප්පුවා නියර දිගේ ගිය අසරණ ගොවි මහතෙකුගෙ පුප මිරිකලා අමුඩෙ පිටිං යන. හද්දා කරුවලේ නන්නාදුනන කොල්ලො සැට් එකක් තමනෙ පශ්චාත් භාගය මිරිකද්දි අර මනුස්සයට තරු විසිවෙන්නැති පරාණ බයක් දැනෙන්න ඇති සමූහ දූශණයට ලක් වෙලා පතිවත් කෙලෙසෙයි කියලා.
දැනටමත් දිග්ගැස්සිලා තියෙන නිසා කතාව මෙතනින් හමාර කරනවා. ඒ ට්රිපේ වෙච්ච දේවල් නම් තව එමටයි. එව්වා පස්සෙ වෙලාවක කියන්නම්. ජය වේවා. මතු මතුත් කුජීත නොවේවා…..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!