බටු තුත්තිරි ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ජීවිතේ හරියට අහසක් වගේ……… මිනිස්සු වළාකුලු වගේ……. මිනිස්සු ජීවිතේට එනවා යනවා….. අහසෙ තියන කිසිම වළාකුලක් තව වළාකුලකට සමාන නෑ වගේම තමා අපිට හම්බවෙන මිනිස්සුත් එක වගේ නෑ….. විටෙක අපිට කවදාවත් නිදහසේ දානයක් වළඳන්ඩ දෙන්නෙ නැති අති ජාත මිත්රයන් හම්බවෙනවා….. ඒ වගේම අපිව කන්ඩ බලාගෙන ඉන්න හතුරු තුමන් ලා ගෙන්ද අඩුවක් නෑ….. ඒ වගේම කලාතුරකින් අපේ කෑම එකට අපේ අත යටින් බටු කෑලි ඔබන ජීවීන් ද නැතුවා නොවේ….
නුවර පෙරහැර බලන්න ගිහින් අලියෙක් පයින් ගහල ඉස්සරහ දත් දෙක වැටිච්ච සන්ධිය වෙද්දි මගෙ ඉස්කෝලෙ පන්තියේ මගේ කණ්ඩායමේ හිටපු මගේ හොඳම යාළුවා එක්ක මම කතා කරනවා වැඩී කියල පන්තිභාර ටීචර් එයාව වෙන කණ්ඩයමකට දමලා ගහලා මගේ ලඟට තුත්තිරි ගහක් විතර පන්චස්කන්දයකින් යුතු වැරදිල ඉස්කෝලෙට ආව ජීවියෙක් මගෙ ලඟ පුටුවෙන් ගෙනත් තියන්ඩ යෙදුනා…
අලුතෙන් මන් ලඟට ආව ඔය කස්කුරුප්පුව මට නම් ඇල්ලුවෙම නෑ අපෙ හාංදුරුවනේ. මහම මහ බක පම්ඩිතයා…මට ඇල්ලුවෙම නැත්තෙ වෙන මුකුත් නෙවෙයි හැමදාම ඉන්ටවල් එකට මගෙ කෑම එකට බටු මෝජු කෑලි දාන නිසා…. තමුන්නාන්සෙලට කියන්ඩ ඒ කාලෙ මගේ ඒ අවුරුදු හයක ජීව්ත කාලෙට මම බටු මෝජු කාලා තිබ්බෙ නෑ. ඇයි දෙයියනේ පඬුවස් දෙව් ගෙ කාලෙ ඉඳලා හදපු ඔක්කොම ව්යංජන ටික අපේ අය තාම හදනවනෙහ්. කලුපොල් මාලු කියයි, ඇඹුල් තියල් කියයි, මාලු ජාඩි කියයි, වෙල්ලවැහුම් කියයි,ගඟ වට කෝරලේ කියයි ආකාසට්ටාච බුම්මට්ටා කියයි, ඔය සිලබස් එකම කාලා ඉවර කරන්න අවුරුදු හයක ජීවිත කාලයක් මදි නෙ ආයුබෝවන්ඩ… ඉතින් මට බටු මෝජු කෑලි දැක්කහම හිතුනෙ මෙලෝ රහක් නැති හෝ කර වෙච්ච හාල්මැස්සො ෆ්ලේවර්ඩ් කෑමක් වෙන්ඩ ඇති කියලා… ඇයි අනේ අපේ ගෙදර පිටිපස්සෙ කානුවේ ඉන්න පනුවොත් ඔය වගේ. අන්න හරි ඒ වෙලාවෙ ඉඳන් මට තුත්තිරිව සැකයි. කෝක උනත් ශර්ලොක් හෝම්ස් මෝඩ් ඔන් කරන එක හොඳයි. මේක එන්නෙ නම් හොඳකට නෙවෙයි. ඇයි දෙයියනේ කවුද දන්නෙ මාව ඝාතන කුමණ්ත්රනයක් නම් එහෙම.. කවුද දන්නෙ පණුවො බැදගෙන ඇවිත් මට කවනවද කියලා… නෑ ඉතින් මම එපා කිව්වත් නවත්තන්නේ නෑනෙ.. මම කියනවට ඔයා අදට කාලා බලන්ඩකො කිය කිය හැම දාම ගෙනල්ලා අර ජරාව අතාරිනවා මගේ කෑම එකට. කරන්ඩ දෙයක් නෑ මව් පාර්ශවය දැනුවත් කරන්ඩම වෙනවා.. ඇයි දෙයියනේ මෙහෙම අතවර වෙද්දි ඉවසන් ඉන්න පුලුවන්ද?
ඔන්න ඉතින් ඔහොම ඔහොම ඉර පායලා බැහැලා ආයෙත් පායලා මල් පිපිලා පරවෙලා අපි නිදාගෙන නැගිටලා ආයෙත් නිදාගෙන සතියක් ගෙවුනා… මොනා වුනත් තුත්තිරිගෙ බටු කෑලි කොඩි විනේ නැවතුනේ නෑ… මට දුක වෙන මොනවත් නෙවෙයි මව් පාර්ලිමේන්තුවේ කැබි-නට් එක මගේ කොම්ප්ලේන් පොඩ්ඩ විවාදයට නොගෙනම ප්රතික්ෂේප කරපු එක ගැනයි….. “හරි වේදනයි මට”
දැන් නම් ඉවසුව හොඳටම ඇති. මම එක්සත්ව නැගී සිටිය යුතුයි කියලා මගේ පුන්චි ටිකිරි මොලේට හිතුනා. ඉතින් පින්වතුනි ඊලග දවසේ ඉස්කෝල පින් බිමට ආවෙ මිශන් ඉම්පොසිබල් මෝඩ් ඔන් කරගෙන. උදේ පාන්දරින්ම අවදි වී මුවකට සෝදා සිරි මත් මගෙ සකි යහපත් ලමයෙකි කියලා මම පන්තියට එන්ටර් වුණා. හරියට හරි මගෙ වෙලාව හොඳයි බටු තුත්තිරි ඉස්කෝලෙ ඇවිත් ඒත් බෑග් එක පන්තියේ තියල පණුවො ඇහිදින්න ගිහින්…. බලන්න පින්වත් උපාසක උපාසිකවනි, අබුද්ද්ස්ස කාලෙ හැදෙන ළමයි….!!!
මම තුමී ගත්තා තුත්තිරිගෙ බෑග් එක, ඔය කාලෙ ප්රභාකරන් බෝම්භ පුපුරන කාලෙ සහෝදරවරුනි, ඔය කාලේ ජගත් ජනයා ගේ වකුගඩු සිසාරා නන්නාඳුනන බෑග් භීතිකාවක් හිටවිලා තිබ්බා. මන්චි ටිකිරි මාආආආආආආරි….. !!!!!! මං දිව්වා ප්රින්සිපල්ස් ඔෆිස් එකට “මැඩම් අනේ මේ කාගෙ ද දන්නෑ අයිතිකාරයෙක් නැති බෑග් එකක් තියනවා කාගෙද දන්නෑ… ” මැඩම් උඩ ගියා…. දැන් එතන හරිම කලබලේ…. මැඩම් ල එහාට මෙහාට දුවනවා …. කෑ ගහනවා.. “පුතා ඔයා පන්තියට යන්ඩ” මැඩම් මට කිව්වා. ඔව්…. මා පන්තියට සම්ප්රාප්තවන මොහොතේ තුත්තිරි පැන්චි පන්තිය අනිපැත්ත පෙරල පෙරලා සිය නයි මල්ල සොයමින් හිටියා. ආජි තපර ලාහිලා… බීචි තපර ලාහිලා… ආජි තපර බීචි තපර මේගසේ බොහෝ පැණි දොඩම් තිබේ……… ලාල්ල ලල්ලල්ලල්ලල්ලාආආආආආආ……
මිශන් කොම්ප්ලීටඩ් හිතවත්නි!!! මිශන් කොම්ප්ලීටඩ්…… !!!!
ඔන්න ඉතින් තුත්තිරි බටු බබා ට කර කියා ගන්ඩ දෙයක් නැතුවා. කරන්ඩ දෙයක් නෑ ඉතින් කුමන්ත්රණ කොරන්ඩ ඉස්සෙල්ලා ඔව්වා කල්පනා කරන්ඩ තිබ්බනෙ….. ඔන්න ඉතින් මේ පුතා මේක පන්ති භාර ටීචර් ටත් කිව්වා.. තමන් ඉස්කෝලෙ ගෙනාව බෑග් එක පරිස්සම් කර ගන්ඩ බැරිද ලමයො ඊළඟ දවසෙ ගවුමත් නැතුව එයි කියල ටීචර් බටු බබා ට බැන්නා…. අනේ ඉතිං මගෙ “” ආද්යාත්මික සුවය අල්ට්රා ප්රෝ මැක්ස්……!!!!!!!”” තේරි මේරි මේරී තේරී නිල් අහස් තලේ අගේ කිව්වලු……
කොහොමින් කොහොම හරි ඉතින් ඔන්න ඉන්ටවල් එකත් පහුවෙලා ප්රිනසිපපල් මැඩම් අනෞස්මන්ට් එකක් දුන්නා මුලු ඉස්කෝලෙටම ඇහෙන්ඩ ” අයිතිකරුවෙකු නොමැති බෑගයක් කාර්යාලයට ලැබී තිබෙනවා කරුණාකර අයිති කරුවෙකු වෙතොත් විමසන්න.” කියලා. මැඩම් අන්තිමේට බෑග් එක ඇරල බලන්ඩ ඇති…. ඉතින් බටු තුත්තිරි ඔෆිස් එකට ගිහින් බෑග් එක අරන් ආවා. නිකං නෙවෙයි පින්වතුනි නැතිවෙච්ච බෑග් එක වගේ බෑග් දෙක තුනක් ම පිරෙන්න බැනුම් අහගෙන. මොනා කරන්ඩද ඔහොම තමා…… දන්නෑ මගෙ හැටි තාම….!!!!!!!!!
තමුන්නාන්සෙලා හිතන්නේ මේ වීරක්රියාව කරද්දි මට වයස කීයක් විතර ඇතිද ? සහෘද පාඨක යාණෙනි ඇත්තටම කියනවා නං ඒ වෙද්දි මං හිටියේ දෙකේ පන්තියේ . දැන් මේ ඇත්තන්ට තියන ලොකුම ප්රශ්නෙ යාලුවා ට මොකද උනේ කියන එක නේද ? ඇත්තටම කියනවා නං දවසක් මං අහම්බෙන් බටු මෝජු කෑල්ලක් ගිලපු දවසෙ මම බලෙන්ම වගේ මනුස්සයට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මා…. නිකම් බ්ලොක් වෙන එක අපරාදෙ නේ…. මැරෙන්ඩ ගියොත් එල්ලෙන්න වත් කියල තුත්තිරියෙක් ඉන්ඩ එපායැ. එදා ඉඳන් ඉතින් අපි දෙන්නා හොඳ යාළුවෝ. හැබැයි අදටත් දෙකේ පන්තියේදී එයාගේ බෑග් එක පින්සිපල් ට ගිහින් දුන්නෙ මං කියලා එයා දන්නේ නෑ ඕං….!!!! ඔයාලට එයාව හම්බුනොත් කියන්නත් එපා ඈ!!!
රන්දිකා සමරකෝන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!