බටු තුත්තිරි සහ තුවාලේ (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සු පින්වන්ත උපාසක උපාසිකාවනි යි අද මම ඔයාලට දේශනා කරන්න යන්නේ බටු තුත්තිරි ට වෙච්ච තවත් අකරතැබ්බයක්. ඔව් ඉතින් අපේ ඔය බටු තුත්තිරියානං වහන්සේ අකරතැබ්බවලට අධිශෝෂණය වන්නේ ගොඩක් වැඩි සීඝ්රතාවයකින්. ඉස්සෙල්ලාම මේ මගේ යාලු තුත්තිරි යාගේ පුංචි ලක්ෂණයක් කියන්ඩ ඕනෙ. මේ උත්තමාවිය ට එහෙම හෙමෝෆෝබියා වක් තියෙනවා. ඒක හින්දා මුන් දාට දෑට තුවාලයක් වුණ හැටියේ හරි ලේ පොඩ්ඩක් පෙනිච්ච හැටියෙ හරි කලන්තයක් ඇවිත් සෙත්තපෝච්චි වෙනවා. ඔවුන් ඔය ලස්සනේ නිසා සිද්ධ වෙන්ට යෙදිච්ච අංජබකල් එකක් තමා අද මේ කියන්න යන්නේ.
ඊටත් ඉස්සෙල්ල මතක් කරන්ඩ ඕනේ බටු තුත්තිරි season one කියවපු නැති උපාසකවරු පහල ලින්ක් එකෙන් ගිහින් ඒකත් කියෙව්වට කාරි නෑ ඕන්. නෑ කෝමින් කෝම හරි යටගිය දවස ජනේල ගමු නුවර කවුද මන් දන්නෑ රජ්ජුරුකෙනෙක් රාජ්යය කරණ කල්හි අපේ බටු තුත්තිරි යානෝ ජනේලෙකින් බල බලා පොල් ගගා හිටිය ලූ.
එදා මාත් ඒ ගෙදර තමා හිටියේ උදේ කෑම එහෙම අනුභව කරලා අපිට තිබ්බා අත්තම්මගෙ ගෙදර දානෙ කට වාෂ්ප වෙන්ඩ. ඔව් ඉතින් ඇඳ පැළඳගෙන ලක ලැහැස්ති වෙලා පයින් ම ගෑටුවා ඇඳුම් කැඩුම් ටිකත් අරගෙන දානෙ ගෙදරට. අපි එදා ඒ අත්තම්ම ලෑ ගෙදරම ඉන්න කියලා තමා හිතන් උන්නේ. දානේ වැඩකටයුතු වැඩ කටයුතු අහවර වෙලා අපිත් නැගිටින්න බැරි වෙනකන් ආහාර අනුභව කෙරුවට පස්සේ බටු තුත්තිරි යානං වහන්සේට අවුරුදු ගානකින් පස්සේ ඇඟ පත ඇඟපත හෝද ගන්න වුවමනා වුණා. ඕං ඉතිං තුවායයි රෙදි ටිකයි පොදි ගහගෙන. එව්වත් උඩ දදා පොඩි දොමිකිට තක දොං එකකුත් දාගෙන නාන කාමරේට සේන්දු වෙන වෙලාවෙම පොඩ්ඩක් අර සෙන්ටර් ඔෆ් ග්රැවිට් අවුලක් ගිහින් තුම්බිකා අවයවවෙයි කුමඹිකාවෙයි සිග්නල් නැති වෙලා පත බෑ වුනාලු නාන කාමරයේ දොර ගාව. මාත් ඔය ළඟ ලගපාත නෙවෙයි ඒ වෙලාවෙ හිටියෙ.
බටු තුත්තිරි යා නැගිටල බලද්දි වැලමිට ගාව ස්ට්රෝබෙරි අයිස් ක්රීම් වෙලාලු. ඉතින් දැන් කලන්තෙ මන්දු වෙන එක ෂුවර් හින්දා වැලමිට අතින් වහගෙන ඇවිත් කාමරේ ඇඳ කට පත බෑ වුණා කලන්තෙ දාන්න කලින්. දැන් එතන හරි කලබලේ. කට්ටිය එහාට මෙහාට දුවනවා වතුර හොයනවා බටු බබාගෙ අම්මව හොයනවා බටු බබා කලන්තෙ දැම්මහම කරන්ඩ ඕනේ ඒවා කියනවා. බය වෙන්ඩ එපා ය මට වතුර කෑවම හරි හරි යනවාය කියලා අන්තිම කැමති පත්තරෙත් ලියලා තියලා කලන්තෙ දාන්න ලෑස්ති වුනා. මං පැත්තකට වෙලා මුන් මුන්දෑ කලන්තෙ දාන කල් බලාන හිටියා
දැන් ඕං විනාඩි දහයක් ගියා තිහක් ගියා මුන් මුන්දෑ නෙවෙයි කලන්තෙ දැම්මෙ. මුන්දැටත් දැං මාර මෙව්වා යි . කට්ටියත් වටවෙලා බලන් ඉන්නවා ඊට පස්සේ මනුස්සයා හෙමීට වැලමිටට මොකද වෙලා තියෙන්නෙ කියලා බැලුවා…
අනේ බැලින්නම් ඇති කෙහෙම්මල් තුවාලයක් නෑ අර වැටිච්ච පාර බිම තිබ්බ ලයිෆ්බෝයි සබන් පෙත්තක් ඇලවිලා. මේ බටු තුත්තිරියා ඒකට තමයි තුවාලයක් කියලා මෙතන ඇවිත් නටලා තියෙන්නෙ. වස ලැජ්ජාව දැන් දිය වෙන්ඩත් තරම් හිතයි. දෙන්නටම සාමූහිකව භූගත වෙන්ඩ හිතුනා. මොනවා කොරන්ඩද ඉතින් අපි දෙන්නා එතනින් හෙමීට මාරු වෙනවා ඇරෙන්න ඔය බටු තුත්තිරි පරානේ මොළ ගෙඩිය ආමාශයෙන් රිප්ලේස් වෙලා කියලා මං ඉස්සර ඉදන් කියන්නේ බොරුවට ඉතින් ?

රන්දිකා සමරකෝන්

බටු තුත්තිරි ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!