වෛද්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම අත්‍යවශ්‍යම විෂය අංගයක් වන මෙම ක්ෂේත්‍රය කුසලතා පරිපූර්ණ ලෙස නිවැරදි ලෙස හැදෑරීම මගින් පුද්ගලයෙකුගේ නීරෝගී බව සඳහා ඉතාමත් විශාල කාර්යභාරයක් ඉටු කරයි.එහිදී භෞත චිකිත්සාව කියන්නේ, චලන ආබාධයන් සහිත පුද්ගලයින්ගේ සංකූලතා නැති කරමින් ඔවුන්ගේ ශරීරයේ යහපත් මට්ටමකට වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වන ක්ෂේත්‍රයයි.රෝගීන්ගේ විකලාංග ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මෙම ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය වේ.දැනුමින් සන්නද්ධ සහ කුසලතාවලින් පරිපූර්ණ වෘත්තිකයින් සඳහා ශ්‍රී ලංකාවේ රජයේ සහ පෞද්ගලික රෝහල් වල ද විදේශයන්හීද බොහොමයක් ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.ඉන් අමතරව ශ්‍රී ලංකාව තුළ ඔබගේම භෞත චිකිත්සක මධ්‍යස්තානයක් ආරම්භ කළ හැක.
භෞත චිකිත්සක උපාධිය හැදෑරීමෙන් පසුව සිසුවකු හට ලැබෙන කුසලතා.
- භෞත චිකිත්සක ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් හඳුනා ගැනීම.
- රෝගීන්ගේ රෝග වලට හේතු වන සාධක හරිහැටි හඳුනා ගනිමින් ඊට සුදුසු ප්‍රතිකාර කිරීම සඳහා එම තත්ත්වයන් මඟහරවා ගැනීමට උපදෙස් ලබා දීම.

- රෝගියකු හට ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ප්‍රතිකාර සිදුකිරීම.
- භෞත චිකිත්සක විශය ක්ෂේත්‍රය ඔස්සෙ දැනුම පුළුල් කරමින් ඒ ඔස්සේ පර්යේෂණ කිරීම.
- පවුල්,පාසල් ඉලක්ක කරගත් විශේෂිත වැඩසටහන් ඔස්සේ ප්‍රජාවගේ සෞඛ්‍ය යහපත් කරලීම සඳහා විශේෂිත වැඩසටහන් සංවිධානය කිරීම.
කොළඹ විශ්ව විද්‍යාලයේ භෞත චිකිත්සක උපාධිය ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 5ක් ඔස්සේ අධ්‍යනය කරයි.
- මූලික විද්‍යා ධාරාව -Basic sciences stream
- ව්‍යවහාරික භෞත චිකිත්සක ධාරාව –

Applied physiotherapy stream
- සායනික ධාරාව – Behavioral Sciences stream
- චර්යා රටා විද්‍යා ධාරාව –
Clinical practice stream
- පර්යේෂණ ධාරාව – Research stream
විශ්වවිද්‍යාල සඳහා උපාධිය හැදෑරීමට ඔබ සතු විය යුතු සුදුසුකම්.

ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ වසර හතරක 4 ක කාලයක් පුරාවට භෞත චිකිත්සක උපාධිය හැදෑරීමට විශ්වවිද්‍යාල සදහා ඇතුලත් වීමට සිසුවකු ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුතු අතර ඉන් විෂයන් තුනටම සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය වේ.ඉන්පසුව ඔබගේ z අගය අනුව විශ්ව විද්‍යාලයක් සඳහා තෝරා පත් විය හැක.
ඔබට කොළඹ විශ්වවිද්‍යාලයට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහාද අයදුම් කළ හැක. රජයේ විශ්ව විද්‍යාලයක් සඳහා තේරී පත් නොවන සිසුන් සඳහා ජාතික රෝහලට අනුබද්ධ ආයතනයක් වන භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක පාසල මගින් උසස් ජාතික පාඨමාලාවක් හැදෑරිය හැක.