විද්‍යා ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන සිසුන් හට උසස් අධ්‍යාපනය තෝරා ගැනීමේදී වඩාත් ඵලදායි ලෙස තෝරාගත හැකි උපාධියක් තමයි භෞතික විද්‍යා උපාධිය කියන්නේ. ඒ වගේම විද්‍යා උපාධි වර්ග අතරින් භෞතික විද්‍යා උපාධිය කියන්නේ මූලිකම උපාධියක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.
භෞතික විද්‍යා උපාධියක් කියන්නේ මොකක්ද ?
භෞතික විද්‍යා ක්ෂේත්‍රයෙදී අපිට ඉගෙන ගන්න තියෙන්නෙ කාබනික ලෝකය ගැනයි. උපාධියක් හදාරන ඔබට වැඩිදුරටත් ගැඹුරින් මේ පිළිබඳව ප්‍රායෝගික කුසලතා සහිතවම ඉගෙනීමේ අවස්ථාව ලබා ගන්නට පුළුවන්.විශේෂයෙන්ම භෞතික විද්‍යාව විශය ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් 4 කින් යුක්ත වෙනවා.
- තාරකා විද්‍යාව
- භෞතික විද්‍යාව
- රසායනික විද්‍යාව සහ කාලගුණ විද්‍යාව
- භූ විද්‍යාව
භෞතික විද්‍යා උපාධිධාරීන් බිහි කිරීමේ මූලික පරමාර්ථයන් වන්නේ මොනවාද ?

- භෞතික ලෝකයේ දේවල් සිදුවන ආකාරය පිළිබඳව ඉහළ මට්ටමේ අවබෝධයක් ලබා ගැනීම.
- භෞතික ලෝකයේ ඇති විය හැකි හැකි ගැටළු වලට අති සාර්ථක විසඳුම් ලබාදීම.
- විවිධ ක්ෂේත්‍ර හරහා භෞතික විද්‍යා දැනුම සපිරි වෘත්තිකයින් බිහිකිරීම.
- පාසල් පද්ධති හට දැනුමෙන් පිරි ගුරුවරුන් බිහි කිරීම.
ඔබ උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා අංශයෙන් හෝ ගණිතය අංශයෙන් මුහුණ දී සාමාර්ථයක් ලබා ගෙන ඇත්නම් ඔබට එම වසර අනුව විශ්වවිද්‍යාල සඳහා අයදුම් කළ හැක. එහිදී භෞතික විද්‍යා විෂය ධාරාව පවත්වනු ලබන විශ්වවිද්‍යාලයයන් සඳහා ඔබගේ කැමැත්ත අනුව ඉල්ලුම් කළ හැක.ඒ අනුව පහත සඳහන් විශ්වවිද්‍යාල සඳහා ඔබට අයදුම් කළ හැක.
- කොළඹ විශ්වවිද්‍යාලය
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- කැළණිය විශ්වවිද්‍යාලය
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- රුහුණ විශ්වවිද්‍යාලය
- යාපනය විශ්වවිද්‍යාලය
- නැගෙනහිර විශ්ව විද්‍යාලය
ඒ වගේම ඔබට භෞතික විද්‍යා විෂය ධාරාව සමඟ හැදෑරීමේ අවස්ථාව ලැබෙන ප්‍රධාන විෂයන්.

- පරිගණක විද්‍යාව
- ව්‍යවහාරික ගණිතය
- ශුද්ධ ගණිතය
- සංඛ්‍යානය
- රසායන විද්‍යාව
- භෞතික විද්‍යාව
භෞතික විද්‍යා විෂය ධාරාව හැදෑරීමෙන් පසුව දැනුමෙන් සහ කුසලතාවයෙන් සන්නද්ධ සිසුන් හට ලබා ගත හැකි රැකියා අවස්ථා.
- ව්‍යවසායකයින්
- විශ්ව විද්‍යාල ආචාර්යවරුන්
- රසායනඥයින්
- පර්යේෂණ විද්යාඥයන්
- තාක්ෂණවේදීන්
- ගුරුවරු
- උපදේශකයින්.