ඉස්කෝලෙ පොඩි පන්ති වලදි පොළක් කියල එකක් තියෙනවනෙ. ඒ කිව්වෙ ලමයි ගෙදර කන්න තියෙන පොල් ගෙඩියයි, කෙහෙල් අැවරියයි, පොලොස් ගෙඩියයි, මුකුණුවැන්න මිටියයි අරකයි මේකයි සේරම උස්සගෙන අැවිත් කුණු කොල්ලෙට ටීචස්ලට විකුණන මහා වියාපාරෙ. ඔන්න අපේ ඉස්කෝලෙත් එහෙම එකක් තිබ්බ. මං හිතන්නෙ හතර වසරෙදි විතර. කොහොමහරි දීර්ඝ බෙදීම ගණන් කියල දීපු කාලෙ.
පස්සෙන්ද ඉස්කෝලෙ පොලක් තියෙනව කියල අම්මට කියන්න මතක් උනේ නිදාගන්න යනකොට. දැන් ඉතින් මහ රෑ කොහෙන් කියල බඩු හොයන්නද. එ් දවස් වල හිටියෙ ක්වාටස් වල නිසා වත්තෙ පොඩි කරපිංච පැලේකුයි මිරිස්පැල දෙකතුනකුයි අැරෙන්න වෙන මුකුත් තිබ්බෙ නෑ. උයන්න ගෙනාපු එලවලු ටික යවන්නත් බෑනෙ. වෙලාවට ලඟ ගෙදරකින් හම්බු වෙච්ච පුවාලු අැවරියක් තිබ්බ. අම්ම එ්ක ඔතල දුන්න. එ්ත් ඉතින් මදි වගේනෙ. මං අායෙ කන්කෙඳිරි ගානව.
අපරාදෙ කියන්න බෑ මට නැති උනාට අපේ අම්මට නම් තැනට සුදුසු නුවණ කියන එක හොඳටම පිහිටල තියෙනව. අවුරුද්ද ඉවර වෙච්ච ගමන්ම නිසා බිස්කට් ටින් කේක් පෙට්ටි කබඩ් එක උඩ ගොඩ ගැහිල. තාම ගමේ ගියෙත් නැති නිසා තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල එ්ව බෙදාහැරල නෑ තවම. අම්ම අර බිස්කට් ටින් දෙකක් කඩල පොත් වලට කවර දාන්න ගෙනාපු ඉටි කොල වලින් චූටි කවර හදල බිස්කට් දහය දහය වගේ එ්වට දැම්ම. දැන්නම් චුට්ටක් හිතට හොඳයි.
අායෙ හිත නරක් උනේ උදේ ඉස්කෝලෙ ගියහම. මං පොඩි බෑග් එකකට කෙසෙල් අැවරියයි බිස්කට් පැකට් ටිකයි දාගෙන ගියාට අනිත් ලමයි ගෙවල් වලින් වාහනත් කතා කරගෙන පොල්ගෙඩි අනම් මනම් ගෙනැල්ල. ඒ උනාට පන්තිබාර ටීච උදේ පාන්දරම මගේ පුවාලු අැවරිය දැකල කිව්ව “කාටවත් විකුණන්නෙ නැතුව තියන් ඉන්න පුතා මම ගන්නව” කියල. සහන්ගෙ පොල් ගෙඩි ටිකටයි ඉෂානිගෙ අඹ ගෙඩි ටිකටයි අත් උනෙත් එ් සෙතේම තමයි. අපරාදෙ මං හම්බකරන සල්ලි වලින් අඹ ගෙඩියක් ගන්න හිටියෙ.
ඔන්න ඉතින් සෙල්ලම් මිදුලෙ පොඩි මේස දාගෙන ඉටිකොල එලාගෙන පොල පටන් ගත්ත. මට තිබ්බෙ බිස්කට් පැකට් ටික විතරයි නිසා මමයි සොනාලියි එක මේසෙක බඩු ටික තියාගත්ත. සොනාලි ගෙනත් තිබ්බෙ රම්පෙ කොල මිටි බැඳල.
කෙසෙල් මුව, අඹරැල්ල, පැණි දොඩම්, කොහිල දලු, කරපිංච එහෙම උදේම අාපු ටීචස්ල ටක් ටක් ගාල එකතු කර ගත්ත. මගේ බිස්කට් පැකට් ටික තාම විකිනිලා නෑ. සොනාලිගෙ රම්පෙ මිටි ටිකත් එහෙමයි.
හැබැයි ඉන්ටවල් එක ලං වෙනකොට අාපු අයියල අක්කලට නම් මගේ බිස්කට් පැකට් ටික උනු කැවුම් වගේ විකිනුනා. අපරාදෙ කියන්න බෑ අන්තිම හරියෙදි වෙන්දේසි කරන්නත් උනා. ඒත් සොනාලිගෙ රම්පෙ මිටි ටික තාම එහෙම්මයි. මොකෝ රම්පෙ සම්බෝල හදල කන්න කියලයැ. චුට්ටි කෑල්ලක් කඩල හොද්දකට බතකට දානව මිසක්.
මට සල්ලි එකතු උනාට මම සල්ලි දාන්න භාජනයක් ගෙනිහින් තිබ්බෙ නෑ. ඉතින් මං පොල පටන් ගනිද්දිම සොනාලි එක්ක ගිවිසුමකට එලඹිලා හිටියෙ දෙන්නගෙම සල්ලි සොනාලිගෙ අයිස් ක්රීම් පෙට්ටියට දාල පොල ඉවර උනාම දෙන්න එක්ක බෙදාගමු කියල.
අනේ ඉතින් පොල ඉවර උනා. ගිවිසුම නම් ගිවිසුම කියල සල්ලි බෙදන්න පටන් ගත්ත. සොනාලිට වැඩිය ගණන් බෑ. මං මෝඩ උනාට මට ගණන් පුලුවන් එ් දවස්වල. මං ඉතින් සොනාලිට පේන්නත් එක්ක මගේම සල්ලි එකතු කරල කොලයක් පිරෙන්න දීර්ඝ බෙදීමෙන් දෙකෙන් බෙදල හරියටම බාගයක් සොනාලිට පුද කලා.
සොනාලි විකුනන්න ගෙනාපු රම්පෙ මිටි ටිකත් අරගෙන සල්ලිත් අරගෙන ගෙදර ගියා. මං බිස්කට් පැකට් සේරමත් විකුණල එ්කෙන් බාගයක් සල්ලි අරගෙන ටීචට පුවාලු අැවරිය විකුනපු සල්ලි වලින් පිනි ජම්බු වගේකුත් අරගෙන මගේ ගණන් හැකියාව ගැනයි සාධාරණ කමයි ගැන සතුටු වෙවී ගෙදර ගියා.
පස්සෙ තමයි තේරුනේ කරපු මෝඩ කමේ තරම. හිත හදාගන්න තිබ්බ සොනාලි අසරණ දුප්පත් අහිංසක දරුවෙක්වත් උනා නම්. එ් උනාට එ් අපේ ඉංගිරිස් ටීචගෙ දුව. මට ඩික්ටේෂන් බැරි උනා කියල අපේ අම්ම ගෙන්නුවෙත් එයා.
එහෙමයි කියල මං පාඩමක් ඉගෙන ගත්තෙ නම් නෑ ඉතින්. අදටත් ඔ්නවට වඩා සාදාරණ වෙන්න ගිහින් අනත්තවත් රැවටෙනව පාඩු සිද්ධකර ගන්නව.
උපුටා ගැනීම: Arundi Wijesooriya