බීර සුවඳැති හාදු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජීවිතය මනා ව නිශ්චිතව සැලසුමි කළ හැක්කක් නොවෙි. එක් අහමිබයකින් මුළු ජීවන රටාව ම වෙනස් විය හැකි ය. මෙි නිසා ජීවිතයේ සිදුවන සමහර විපර්යාසන් ප්රශ්න කළ නොහැකි ය. බැලුබැල්මට විශ්වසනීයභාවයෙන් තොර සේ පෙනුනත් එබඳු අහඹු සිදුවීම් ද ඒ ජීවිතය කෙරේ බලපාන ආකාරය ද පිළිගැනීමට සිදුවන්නේ ඒ නිසයි. ජීවිතයේ අහ්ලාදජනක සිදුවීමි ද හද පාරවන ශෝකී සිදුවීම් ද බොහොමයක් සැලසුමකින් තොර ව සිදු වු අහමිබ බව පෙනී යන්නේ එවිටයි. ජීවිතයේ සතුට ද ශෝකය ද එලෙසින් දරාගන්නට හැකි නමි පරිසරයෙන් වඳ වී යන්නට සිදු නොවෙයි.
ප්රේමය කියන්නෙ හුදෙක්ම ලිංගික එකතුවීමක් ද? ලිංගිකව එකතු වෙනවා කියන්නේ ප්රේමයම ද? ඒක ද සැබෑ ප්රේමය කියන්නෙ? ප්රේමය කියන්නේ රාගය ද? සැබැවින්ම මෙි ආදරය,ප්රේමය කියන්නේ, විවාහයට පෙර ඇතිවන ලිංගිකත්වයේ ප්රතිවිරුද්ධ පැත්තයි. ආදරය යනු, ජීවිත පරිත්යාගය, තේරුම් ගැනීම, එකිනෙකාගේ ගෞරවය රැකීම සහ තවත් බොහෝ දේයි. නමුත් මෙි නිර්මල ආදරය නුතනය වනවිට වෙනස්වෙලා තියෙනවා. ඒක සිද්ධවෙලා තියෙන්නෙ අපේ පරිණාමයත් එක්ක. ආදරය සමඟ පැමිණෙන රාගය නමැති ගසට පොත්තක් මෙන් බැඳී ඇති සාධකය නැතිව ආදරයකට පැවැත්මක් නැහැ. හැමෝම කියන දෙයක් තමයි රාගයෙන් තොර ආදරෙ පැවැත්මක් නෑ කියලා. එක බොරැවක්. ආදරය තුල රාගය තියෙනවා. නැත්නම් මිනිස් සමාජය මේ තරම් දුර පවතින්න විදියක් නෑ. හැබැයි ඒ රාගය සුන්දරව විදින්න පුලුවන් දෙයක්. ආදරය ඇතුලේ ඉපදෙන රාගය ගොඩක් ප්රේමණිය එකක්. එකේ විදින්න දේවල් තියෙනවා. අද බහුතරයක් ආදරය කියලා හොයන්නේ රාගය. අද අපට ආදරය හොයන්න වෙලා තියෙන්නේ රාගය ඇතුලේ. රාගය කියන තාවකාලික තෘප්තියට වඩා ආදරය කියන වචනේ ඇතුලේ සදාතනික තෘප්තියක් තියෙනවා. ආදරය හරහා රාගය ඇතිවිම සාමාන්ය දෙයක්. ආදරයේ අනෝන්ය ආකර්ශණය තුලින් රාගය ඇතිවිය හැකියි. ආදරය යනු කාලයත් සමග චිත්තවේගී බැදිමක් හදන තියුණු ආකර්ශණයකි. රාගය යනු ලිංගීක ස්වභාවයක් සහිත දැඩි ආශාවකි. රාගය ආදරයට හැරිය හැකි මුත් කාලයක් ගතවෙනවා. ස්තුතිය දිල්ෂි මෙි වචන ටික මට නැවත නැවත මතක් කළාට.
හරියට නිකං කවියක් වගේ. හරියට නිකං වුඩා ඇලන්ගේ රොමැන්ටික් ෆිල්මි එකක් වගේ. මාර රහ පොතක්. පිටු 224 ක රොමැන්ටික් ෆිල්ම් එකක්. තව ඉතින් මොනවද කියන්න ඔින?
මෙි දේවන්ලගේ, අග්රාලගේ, ඇලීෂලගේ ෆ්රීසියා අවන්හලේ රොමැන්ටික් කතන්දරයයි. ඒ බීර සුවඳැති හාදු. 💋
උපුටා ගැනීම:  -මලින්ත විතානගේ-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!