ඔයාට ඔලුවේ කැක්කුමක් හැදුණු විට ඕන කරන බෙහෙත් ඔයා ළඟ නැත්තන් මොකද කරන්නේ? හිසරදයෙන් බේරෙන්න තියන විද්‍යාත්මක ක්‍රමයක් තමයි මේ “Acupressure” කියන්නේ. මේකෙ සිංහල තේරුම කටු චිකිත්සාව කියන එකයි. මේ ක්‍රමය ගැන තමයි අපි අද ඔයාට කියලා දෙන්න යන්නේ.
කටු චිකිත්සාව කියන්නේ එක්තරා විදියක මසාජ් කිරීමක්. මේකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන බව විද්‍යාත්මක පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියනවා. ලෙඩේ තත්වය අනුව සමහර විට මේ ප්‍රතිකාරය ටිකක් කල් කරන්න වෙනවා. ඒත් ඒකට විශේෂ දැනුමක් උවමනා වෙන්නෙ නෑ.
කටු චිකිත්සක ස්ථාන හඳුනගන්නේ කොහොමද?
ඉස්සෙල්ලාම සුව පහසු තැනකින් විවේකීව ඉඳගන්න. මසාජ් කරන්න වැඩි කාලයක් යන්නේ නෑ. තප්පර 30 සිට විනාඩි 1 ක් දක්වා කාලයක් තමයි ගත වෙන්නේ.
හිසරදයෙන් මිදෙන්න මසාජ් කරන්න ඕන තැන් 6 ක් තියනවා.
#01

තුන්වෙනි ඇස තියන ස්ථානය, ඒ කියන්නේ ඔයාගෙ ඇහි බැම දෙක මැද නාස් පොල්ල හා නළල හමුවෙන තැන. මේ ස්ථානය මසාජ් කරන එක ඇස්වල තෙහෙට්ටුව නැති කරන්නත් උදව් වෙනවා.
#02

මේ සමමිතික ලක්ෂ්‍ය ඇහි බැමේ ඇතුල් දාරයේ යට තමයි පිහිටලා තියෙන්නේ. මේ ප්‍රදේශය මසාජ් කිරීමෙන් නාසයේ තද ගතිය නැති කරන අතරම පෙනීමත් වැඩි කරනවා. රවුමට හෝ තද කරමින් හෝ විනාඩියක් විතර මේ ස්ථානය මසාජ් කරන්න.
#03

ඇස් දෙකට කෙලින් නහය දෙපැත්තේ තමයි මේ ලක්ෂ්‍ය පිහිටලා තියෙන්නේ. හිසරදය හා දත් කැක්කුම අඩු කරන්නත් මානසික ආතතිය නැති කරන්නත් මේ ස්ථාන මසාජ් කරන එක උදව් වෙනවා.
#04

මේ ස්ථාන පිහිටලා තියෙන්නේ ඔලුව පිටිපස්සේ කන හා කොඳු ඇට පෙළ පටන් ගන්න තැන අතරයි. මේවා මසාජ් කිරීමෙන් නහයේ තද ගතිය, ඇස් හා කන්වල වේදනාව, දරුණු හිසරදය හා ඉරුවාරදය නැති කරගන්න පුලුවන්.
#05

කන ලඟ ඉඳන් සෙන්ටිමීටර 2-3ක් උඩින් තමයි මේ ලක්ෂ්‍ය තියෙන්නේ. එතන ටිකක් ඇතුළට ගියපු වළක් වගේ තැනක් නිසා හොයාගන්න ලේසියි. මේ ස්ථාන මසාජ් කිරීමෙන් ඇස්වල තෙහෙට්ටුව නැති කරනවා වගේම හිසරදයත් අඩු කරනවා.
#06

මේ සමමිතික ලක්ෂ්‍ය දෙක තියෙන්නේ අතේ පිට පැත්තෙන් මාපටැඟිල්ලේ කෙළවරේ. දත් කැක්කුම, බෙල්ලේ මාංශපේශිවල ආතතිය වගේම කොන්දේ වේදනාව නැති කරන්නත් මේ ස්ථාන මසාජ් කළොත් පුලුවන්.
උපුටා ගැනීම: adobae