බෙල් පෙප ආහාරයට ගැනීමට හේතු 11 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කහ, කොළ සහ රතු වර්ණ වලින් ඇති ඇසට ප්‍රිය එළවළු වර්ගයක් ලෙස බෙල්පෙපර් හැඳින්විය හැකියි. ඒවගේම තමයි බෙල්පෙපර් වල අප හිතනවාට වඩා ඉහළ පෝෂණ ගුණ අන්තර්ගතව පවතිනවා. බෙල්පෙපර් ග්‍රෑම් 100 ක කෙඳි ග්‍රෑම් 2.1 ක්, සම්පූර්ණ මේදය ග්‍රෑම් 30 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 99 ක් සහ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6.3 ක් අඩංගු වේ. එමෙන්ම විටමින් C, E, සහ K පෝෂණය ද අන්තර්ගතය. මිට අමතරව පොටෑසියම්, තඹ, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සෙලේනියම්, සින්ක් වැනි ඉහළ ඛනිජ පෝෂක ද අන්තර්ගත වේ. කැලරි ප්‍රමාණය අඩු වන අතර ඉහළ ජල ප්‍රමාණයක් ඇත.

ප්‍රති-ඔක්සිකාරක බහුල නිසා නිදහස් මුක්තකණ්ඩ වලින් සිරුරට ඇතිවන හානි වළකයි. මෙම පෝෂක සියල්ල යහමින් සිරුරට ලබාගැනීමට නම් අමුවෙන් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. පිසිමින් ආහාරයට ගන්නේ නම් අඩු උෂ්ණත්වයකින් කෙටි කාලයක් තුල ආහාරය සකසාගැනීම සුදුසුවේ. බෙල්පෙපර් ආහාරයට ගැනීමෙන් අපේ සිරුරට බොහෝ සෞඛ්‍යය ප්‍රතිලාභ ලැබෙන බව සඳහන් වේ. සමේ තරුණ බව සහ තානය (සවිමත්බව) වැඩිකිරීම ඉන් එකකි. සිරුරේ පීඩාකාරි ලෙඩරෝග ‍රැසක් ඇතිවීම වළක්වාගැනීමට බෙල්පෙපර් පරිභෝජනය උපකාර කරයි. නිතිපතා ආහාර වේලට එක්කරගැනීමෙන් ඔබේ සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ මොනවාද කියා අපි බලමු.

1.අක්ෂි සෞඛ්‍යය ආරක්ෂා කරයි-දෘෂ්ටි ඌනතාවයන් (visual deficiencies) හි වඩාත් සුලභ ආකාර වන්නේ අක්ෂි පරිහානිය (macular degeneration) සහ ඇසේ සුද ඇතිවීම (cataracts) වැනි තත්වයන් වන අතර ප්‍රධාන හේතු වනුයේ වයස්ගතවීම (මහලුවිය) සහ ආසාදනයන් ය. කෙසේ වෙතත්, මෙම රෝග මර්දනය සඳහා පෝෂණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.බෙල් පෙපර් වල ලුටෙයින් සහ සියැක්සැන්තින් වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර කැරොටිනොයිඩ ප්‍රමාණවත් ලෙස පරිභෝජනය කරන විට ඇස් සෞඛ්‍යය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරයි. ඒවා දෘෂ්ටි විතානය (retina), ඇසේ ආලෝක සංවේදී අභ්‍යන්තර බිත්තිය ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කරයි.පර්යේෂණයන් පෙන්වා දෙන්නේ මෙම කැරොටිනොයිඩ් බහුල ආහාර නිතිපතා පරිභෝජනය කිරීම ඇසේ සුද ඇතිවීමේ අවදානම අඩු කිරීමට සහ අක්ෂි පරිහානියේ අවදානම අඩු කිරීමට උපකාරී වන බවයි. එම නිසා ඔබේ නිතිපතා ආහාර වේලට බෙල්පෙපර් එකතු කිරීම දෘශ්‍යාබාධිත වීමේ අවදානම අවම කිරීමට හොඳ ක්‍රමයක් විය හැකිය.

2.පිළිකා මර්දන ප්‍රතිලාභ ලබාදෙයි-බෙල්පෙපර් වල ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ප්‍රදාහක පෝෂ්‍ය පදාර්ථ බහුල වන අතර එමඟින් පිළිකා නාශක ගුණයක් ඒවායේ ඇත. නිදන්ගත අධික ප්‍රදාහය (chronic excessive inflammation) සහ නිදන්ගත අනවශ්‍ය ඔක්සිකාරක ආතතිය (chronic unwanted oxidative stress) හේතුවෙන් පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවේ. ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති- ප්‍රදාහක ගුණාංග ඇති ෆයිටො පෝෂක නිතිපතා ගැනීමෙන් මෙම සාධක ප්‍රති තුල්‍ය විය හැකිය. මීට අමතරව, බෙල්පෙපර් වල සෞඛ්‍යයට හිතකර සල්ෆර් සංයෝග ද අඩංගු වේ. බෙල් පෙපර් වල අඩංගු එන්සයිම ආමාශයික පිළිකා සහ අන්නස්‍රෝත පිළිකා වැළැක්වීමට උපකාරී වේ. බෙල් පෙපර් වල අඩංගු කැරොටිනොයිඩ, ලයිකොපීන් පුර:ස්ථි ග්‍රන්ථි, මුත්‍රාශ, ගැබ් ගෙල සහ අග්න්‍යාශ පිළිකා වැළැක්වීම සඳහා ද ප්‍රයෝජනවත් වේ.

3.රක්තහීනතාවය (anemia) වළක්වයි-රක්තහීනතාවය යනු ඔක්සිජන් රැගෙන යාමට රුධිරයේ ඇති හැකියාව අඩු වීමෙන් විස්තර කෙරෙන සාමාන්‍ය තත්වයකි. රක්තහීනතාවයට වඩාත් පොදු හේතුවක් නම් යකඩ ඌනතාවය යි. ප්‍රධාන රෝග ලක්‍ෂණ වන්නේ අප්‍රාණිකත්වය සහ තෙහෙට්ටුවයි.බෙල් පෙපර් වල විටමින් C පොහොසත් වන අතර එමඟින් බඩවැලේ යකඩ අවශෝෂණය වැඩි කරයි. විටමින් C බහුල පලතුරු සහ එළවළු නිතිපතා ආහාරයට ගැනීමෙන් ආහාරමය යකඩ අවශෝෂණය සැලකිය යුතු ලෙස වැඩි කරයි.

4.බර අඩු කරයි-බෙල් පෙපර් වල මේදය හා කැලරි ප්‍රමාණය ඉතා අඩුය. මේදය ග්‍රෑම් 1 ක් පමණ සහ කෝප්පයක කැලරි අගය 29 ක් පමණ වේ – එය කදිම අතුරු ආහාරයක් වේ.

5.ප්‍රති-ප්‍රදාහක ගුණ අඩංගුය-බෙල් පෙපර් හෝ කැප්සිකම් වල අඩංගු ෆයිටෝ රසායනික සංඝටක අඩංගු වන අතර එය බඩවැලේ ඇතිවන ප්‍රදාහක රෝගයක් (inflammatory disease) වන ක්‍රෝන්ගේ රෝගය (Crohn’s disease) හා සම්බන්ධ පර්යන්ත ස්නායු රෝග වේදනාව සමනය කරන බව ඔප්පු කරන ප්‍රති- ප්‍රදාහක ප්‍රතිචාරයක් ඇති කරන බව පෙන්වයි.

6.හෘද වාහිනී සෞඛ්‍ය ආරක්ෂා කරයි-කිරීටක හෘද රෝග වැළැක්වීම සඳහා බෙල්පෙපර් වල අඩංගු ෆ්ලේවනොයිඩ් ප්‍රයෝජනවත් බව පර්යේෂණ නිර්දේශ කර ඇත. කැප්සිකම් වල වාහිනි ප්‍රසරක ගුණ (vasodilative) ගුණාංග රුධිර පීඩනය අඩු වීම සහ හෘද ස්පන්දන වේගය අඩු වීම කෙරෙහි බලපායි. වාහිනි ප්‍රසාරණය වීම මඟින් රුධිර සංසරණය වැඩි දියුණු වී අවයව පටක වලට වඩා හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් ලැබේ. මෙය බොහෝ දුරට බෙල්පෙපර් වල අඩංගු ජීව ක්‍රියාකාරී ද්‍රව්‍යයක් වන ටචිනිකින් (tachynikins) නිසා විය හැකිය.

7.ප්‍රතිශක්ති පද්ධතියට සහය දක්වයි-බෙල්පෙපර් වල අඩංගු විටමින් සී සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීමට සහ සම,සන්ධි ශක්තිමත් කිරීම සඳහා වගේම ශක්තිමත් කොලජන් සෑදීම සඳහා අත්‍යවශ්‍ය වේ. එය ආතරයිටිස් අවදානම අඩු කිරීමට සහ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ. ඒ හැරුණු විට විටමින් K රුධිර කැටිති සෑදීමට උපකාරී වේ. ශක්තිමත් අස්ථි වර්ධනය වීමට හා ඔක්සිකාරක හානි වලින් සෛල ආරක්ෂා කිරීම සඳහා එය වැදගත් වේ.

8.කෙස් කළඹ ශක්තිමත් කරයි-බෙල් පෙපර් හිසකෙස් වල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය විටමින් C බහුලව අඩංගු වේ. විටමින් C යකඩ නිසි ලෙස අවශෝෂණය කර ගැනීමට උපකාරී වන අතර එම නිසා කෙස් කළඹට ඔක්සිජන් ගෙනයාම සඳහා රතු රුධිර සෛල තුළ ප්‍රමාණවත් යකඩ ප්‍රමාණයක් ඇති බව සහතික කරයි. විටමින් C කොලජන් සෑදීම සඳහා ද භාවිතා වේ. කෙස් කළඹ, රුධිර වාහිනී සහ සම සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට සහ ප්‍රශස්ත වර්ධනය සඳහා කොලජන් අවශ්‍යයි. විටමින් C ඌනතාවය නිසා හිසකෙස් වියළී, බිඳී පහසුවෙන් කැඩී යාමට ඉඩ ඇත.

9.හයිපොග්ලිසිමික් ගුණාංග පවතියි-ලොව පුරා දියවැඩියාව බහුල වීමත් සමඟ බෙල්පෙපර් හයිපොග්ලිසිමික් ඖෂධයක් ලෙස සැලකීම මේ පිළිබඳව පර්යේෂණ කිරීමට පෙළඹවීමක් ඇති කළේය. බෙල්පෙපර් මඟින් ඉන්සියුලින් නිපදවීම උත්තේජනය කළ හැකි අතර එමඟින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වන බව තවමත් නිගමනය කර නැතත් සමහර පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීම සහ එහි ඇති විය හැකි සංකූලතා වැලැක්වීම සඳහා බෙල්පෙපර් ප්‍රයෝජනවත් වීමේ හැකියාව මෙමඟින් තීරණය වේ. බෙල්පෙපර් වල හයිපොග්ලයිසමික් ​​ප්‍රතිලාභ වැඩිපුරම සංකේන්ද්‍රණය වන්නේ බෙල්පෙපර් කොළ පාට වූ විටය.

10.ආහාර ජීර්ණ ගැටලු සමනය කරයි-බෙල්පෙපර් වල ජීර්ණක තන්තු පෝෂක බහුලය. ඒවා මඟින් බඩවැල් වල නීරෝගී බව පවත්වගැනීමට සහ ආමාශයික -ආන්ත්‍රික රෝග පීඩා ආදිය ඇතිවීම වැළැක්වීමට සහය දේ. බෙල්පෙපර් වල 90% ක් ම ඇත්තේ ජලය බැවින් බර අඩුකරගැනීමේදි ආහාර පාලනය කරන කාටත් හොඳ ප්‍රතිඵල දෙන එළවළුවකි.

11.සම නීරෝගි කරයි-සමේ කොලැජන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විටමින් C පෝෂණය ද වැදගත් කාර්යබාරයක් ඉ‍ටුකරයි. ඒවා සමේ තරුණ පෙනුම සහ නීරෝගිබව ආරක්ෂාවීමට සහය දේ. මෙම විටමින් පෝෂණය සිරුරට ප්‍රමාණවත් ලෙස නොලැබෙන විට සම වියළී ගිස් ‍රැළි වැටීමට පටන්ගැනීමේ ප්‍රවණතාව ඉහළය.විටමින් C ඌනතාවය ඇතිවිට සම ඉක්මනින් තුවාල වන ස්වභාවය වැඩිවන අතර තුවාල සුව වීමට දිගු කලක් ගත විය හැකිය.

සමෙහි යහපත් සෞඛ්‍ය සඳහා විටමින් ඊ ඉතා වැදගත් ය. විටමින් E සෛල වල සෞඛ්‍ය සම්පන්න වර්ධනය සඳහා සම පෝෂණය කිරීමට උපකාරී වන අතර සෞඛ්‍ය සම්පන්න සහ නම්‍යශීලී සමක් ලබා දේ. බෙල් පෙපර් මඟින් ප්‍රතිඔක්සිකාරක සහ ෆ්ලේවනොයිඩ ලබා දෙන අතර එය සම හානිකර මුක්තකණ්ඩ වලින් ආරක්ෂා කරයි. වයසට යෑමට තුඩු දෙන සමේ සෛල හානි වීම කෙරෙහි හානිකර මුක්තකණ්ඩ වගකිව යුතුය.

 

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!