බිරිඳගේ හැටි…… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එක්තරා බිරිඳක් මියෙන්නට ආසන්නයේ ඇඳ මත ඉන්න ගමන් සැමියාගෙන් මෙහෙම ඇහුවා….
” මං මැරිලා කොච්චර කාලයක් ගියාට පස්සෙද ඔයා වෙනත් කෙනෙක්ව විවාහ කරගන්නේ ….? “
” ඔයාව මිහිදන් කරපු තැන සම්පූර්ණයෙන්ම වියැලී යනතුරු මං වෙන කෙනෙක් ගැන හිතන්නෙවත් නෑ ” සැමියා කිව්වා…
කොහොමහරි බිරිඳ ටික දවසකින් මියගිහින් අවසන් කටයුතු කළාට පස්සේ සැමියා ඇයව මිහිදන් කරපු තැනට වරින් වර ගිහින් බැලුවලු…
ඒ හැම දවසකම මිහිදන් කරපු තැන තෙත් සහිත ස්වභාවයක් තිබ්බා… ඉතිං ඔහු විවාහයක් කරගත්තෙත් නැහැ….
ඔහොම වසර 15 ක් ගෙවිගියාට පස්සේ දවසක් සැමියා එතනට යද්දි මිය ගිය බිරිඳගේ සොහොයුරා ඇවිත් හිටියලු….
” ඔබ මොනාද මෙතන කරන්නේ …?” සැමියා ඇහුවා..
” මං මගේ සොහොයුරියගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න ගෙවුණු අවුරුදු 15 පුරාම මෙතනට හැමදාම උදේට එනවා ” සොහොයුරා උත්තර දුන්නා….
” ඒ මොකක්ද අවසන් ඉල්ලීම…?” සැමියා විමතියෙන් ඇහුවා…
” ඇය මගෙන් ඉල්ලුවා හැමදාම ඇයව මිහිදන් කරපු තැනට ඇවිත් එතන වියැලි බව නැති වෙන විදිහට හොඳට වතුර දාලා තෙමලා තියන්න කියලා.. “
ඒක අහපු සැමියා සිහිනැතුව වැටුනලු…..
The hidden saying :
Even in the death , women are women …..
ඔයාලත් හිතුන දේ කොමන්ට් එකකින් ලයික් එකකින් දාගෙනම යන්න….
දර්ශන එරංගගෙ පිටුවෙන්
මූලාශ්‍රය: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!