දවසක් මායි බෝඩිමේ යාලුවෙකුයි හවස් වෙලා බයික් එකේ වටයක් ගහලා එමුයි කියලා ගියා දියත පැත්තේ…මූ ගලක් පෙන්නලා ඒක මලක් කිව්වොත් අපි ඒක පිලිගන්නකල් තර්ක කරන ජාතියේ ඩයල් එකක්..කොහොම කොහොම හරි වටයක් ගහලා එන ගමන් කොස්වත්තෙ එලවලු කඩයක නතර කරලා එලවලු ගත්තා..මූට තිබුනේ ටෙම්පරි ලයිසන් එකක්.ඒකත් ගත්ත අලුතම වගේ.එලවලු මල්ල අරන් මං බයික් එක ගාවට එනකොට කිව්වා අඩේ චූලා මං පදින්නම් කියලා.මාත් දුන්නා ඉතින් පොඩි එකාගේ ආසවනේ කියලා.
අව්ලක් නෑ..හෙමීට එනවා ඉතින්.අපි එන්නේ අයි ඩී එච් එක පැත්තෙන් දාලා.යන්න ඕන කැලනියට..ඒ එන අතරමග තියෙනවා හරියට අංගොඩ හොස්පිට්ල් එක පහු කරනවත් එක්කම වගේ බිත්තර කඩයක්.ඒකේ සෑහෙන්න මිල අඩුයි.රු.12 ඉඳන් බිත්තර තියෙනවා.
මං මූට කිව්වා නතර කරපන් බිත්තර ටිකක් අරන් යමුය කියලා..ම්හ්හ්..මූ කැමති නෑ..ආයේ මෙහේ ඉඳන් බිත්තර උස්සන් යන්න ඕනද..රුපියල දෙක බලලා බිත්තර කන්න අපි මොක්කුද.කනවන්නම් හොඳ ගම් බිත්තර කන්න ඕනය.මං දන්න තැනක් තියෙනවා එතනින් මං අරන් එන්නම් ය.ඔය වගේ දාහක් දේවල් කියවනවා.බැරිම තැන මාත් කිව්වා හා හා දැන් ඕකට ඔච්චර තටමන්නේ නැතුව යමන් බිත්තර ඕන නැහැ කියලා.තව මූ කියෙව්වොත් මුගෙන්ම බිත්තර ගන්න පුලුවන් වෙයි කියලා හිතුවට කිව්වේ නෑ..
මූ ඒත් කියන්නේ අර බිත්තර ගැනමයි.බයික් එක අරන් යන ගමනුත් අත පය දික් කර කර හේතු පැහැදිලි කරනවා ඒ හොඳ බිත්තර නෙමෙ කියලා..කට නම් වැහෙන්නෙම නෑ.කඩුවෙලා පාර ක්රොස් කරලා දැම්මා කැලනි පන්සල් පාරට..ඒක තාම හදන නිසා මැටල් එහෙම තැනින් තැන..පරිස්සමෙන් යන්න ඕන.
මූත් කියව කියව එන ගමන් දැක්කා පාරේ ටිකක් ගස්ස ගස්ස යන සඳනි වගේ කෙල්ලෙක්ව..බිත්තර කතාව නවත්තලා මූ මගේ දිහා පිටිපස්ස හැරිලා ලාවට බලලා ” ඕයී අර බලපන්කෝ අහවල් එකට වෙනම කන්න දෙනවද කොහෙද.” කියනවත් එක්කම බයික් එක මැටල් ගොඩේ ලිස්සුවා ලිස්සිල්ලක් ආයේ කඳුලු පනින්නම.ලීක්ස් මෑ කරල් වට්ටක්කා පලුව අතෙන් කටෙන් අරන් නැගිට්ටෙ මූට දෙකක් කියන්න හිතාගෙනා..කොහෙද..මූ මට කලින් නැගිට්ටා.අත් දෙක ඉනට තියාගෙන මගේ දිහා කන්න වගේ බලලා ඇහුවනේ
“ආ..කොහොමද බිත්තර ගෙනාවනම් නේ..උබලගේ පන්ඩිතකමනේ..” කියලා.අම්මපා මං නැතුව වෙන එකෙක් ඉඳලා තිබ්බනම් ඌ තාම ගුටි කනවා.
උපුටා ගැනීම: Chulaka Supun