බ්ලු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ මන් කියන්නේ 90 ගණන් වල කතාවක්. අපේ කාලය කියන්නේ තාක්ෂනය අතින් දියුණු වේගන ආපු කාලයක්. කම්පියුටර් කියන්නේ ඉතින් මැජික් වගේ අපි හය හත වසරවල් වල ඉන්න කොට. තාක්ෂනය පීරියඩ් එකේ කම්පියුටර් ලැබ් එකට ගිහින් ඔහේ එකේ තියෙනඑකක් ඔබලා මොනා හරි පින්තුර ටිකක් බලලා හිත හදාගෙන ආපු පරම්පරාවක් තමා අපි. දැන් ඔය කාලේ ෆෝන් එහෙම තිබ්බෙත් නැහැ නේ. මන් කියන්නේ මොබියිල් එව්වා. ගඩොල් බාගකියල තමා තිබුන ඒවාට කිව්වේ. අනික මොබයිල් එකක් තියෙනවා කියන්නේ හෙනම සින් එකක් තමා හොදේ.
දැන් ඔය කියන තාක්ෂණික වස්තුන් වල අගහිග කම නිසා අපෙ තරුන වියට පත්වීම බයෝලොජිකලි උනත් මානසිකව ඒ මට්ටමේ හිටියේ නැහැ ඇත්තටම කිව්වොත්. ෆිලින් එක නැහැ නේ. හය හත කියන්නෙත් නිකන් කිරි දරුවෝ වගේ සින් එකක්. දැන් කාලේ උන් වගේ නෙවෙයි. ඉතින් ඒ දවස් වල කුතුහලය කියන එක ඉතින් තිබුනා නැතිවම නෙවෙයි. සෞක්ය පොතේ තියෙන රූප බලලත් ලැජ්ජාවේ ඇඹරුණ අපි ගැන ආයේ කුමන කතාද?
මට මතක විදියට මම ලොකු ළමයෙක් උනේ හත වසරේදී වගේ. දන්නවා නේ ඉතින් මන් මොකද්ද කියන්නේ කියලා. ඔව් ඒක ඉස්සෙලම කලේ ඒ කාලේ තමා, ටෙස්ටින් වලට තමා කලේ. ඕක කරන්න මම එතනට එන්නේ මෙන්න මෙහෙම. හත වසර කියන්නේ මගේ ටර්නින් පොයින්ට් එකකුත් වගේ. මොකද අපේ අම්මයි තාත්තයි මාව ක්රීඩාවක් කරන්න ඕනේ කියලා රගර් වලට දාන්නේ ඔන්න මන් හත වසරේ ඉදිද්දි . ඉතින් පොතේ පතේ හිටිය මම පොඩ්ඩක් ඔන්න හිටපු යාලුවෝ සෙට් එකට අමතරව යාලුවෝ ඇසුරු කරන්නේ රගර් ගහනන පටන් ගත්තට පස්සේ. ඔය කාලේ ඉතින් කුතුහලය තිබුනට ඒවා සංසිදව ගන්න ක්රම තිබුනේ නැහැ නෙ. ඉතින් ඒ වගේ ඒවාට අපිට තිබුන මහාර්ඝ වස්තුවක් උනේ ඒ කලේ තිබුන පත්තර කෑලි ටික. නම් කියන්න ඕනේ නැහැ. දන්නෝ දනිති. ඉතින් ඉසේල්ලම කියලා පත්තරයක් බලන්නේ ඔය රගර් ගහන්න ගිහින් මැච් එකකට කොලබ ගියාම. සර්ලා නිදාගන්න ගියාම කොල්ලෝ සෙට් එකම එකතුවෙලා ඇස්ගෙඩි ලොකු කරන් ඉතින් වට වෙලා බලනවා. මුල් දවස් වල නම් හරිම හිරිකිතයි හොදේ. ඇත්ත කියන්න එපැයි. ඉතින් ඕව ගැන දන්න කොල්ලෙක් පණ්ඩිතතුමා වගේ අපිට ඉතින් එකින් එක ජීව විද්යා පාඩමක් වගේ කියලා දෙනවා. අපි එහෙම තම ඉගෙන ගත්තේ. පස්සේ පස්සේ ගානක් නැහැ. ඉතින් ඔය්වයේ තියෙන කතන්දර එහෙම නිකන් ෆිල්ම් වගේ. ඒ ෆිලින් එක වෙන මාධ්යකින් ගන්න බැහැ, අපී කාලේ සෙට් එක සාක්කි දෙයි. ඒ තරම්ම මරු ඈහ් . කියවද්දිත් මැවෙනවා, පස්සේ කියවපුවා මැවී මැවිත් පෙනුන අවස්ථා තිබුනා. කොල්ලොන්ට තේරෙයි ඊට පස්සේ ඒ කාලේ මොකද උනේ කියලා. ඒක මන් ඔයාලට හිතන්න ඉඩ දීලා කතාවට එන්නම්.
දැන් මේ මන් කියන්න කතාව ඇවිල්ලා අපි ඉස්සෙල්ලම කියලා එහෙම වීඩියෝ එකක් බලපු විදිය ගැන තමා කියන්නේ. ඕකට මුල් වෙන කතා නායකයා ගේ මරු කතාවක් තියෙනවා.ඒක කියල ඉන්නම් ඉස්සෙල්ල. මේක වෙන්න අපි නවය වසරේ ඉද්දි. මමයි ඌයි එක ලග හිටියේ. මන් ඉතින් මන් දන්න ජාති ඒවා එයාට කියල දෙනවා. නොලේජ් ෂෙයාරින් නේ. ඌත් ඉතින් කට ඇරන් අහන ඉන්නවා. මන් ඔන්න එයට කිව්වා ළමයි හැදෙන හැටි ගැන. ඉස්සර මන් පොඩ්ඩක් මීටරේ ඉතින්. ළමයි හැදෙන හැටි පොඩ්ඩක් ජීව විද්යාත්මකවත් කියලා දුන්න. අනික රගර් ගහපු කාලේ ලබාගත් දැනුම තියෙනවා නේ ඒවත් දාලා තමා කියන්නේ. එතකොට රස වැඩියි.මු එක පාරටම මගෙන් අහනවා
‘ ඊයා උබ කියන්නේ අපේ අම්මයි තාත්තයිත් ඕවා කළා කියලද?’ මන් එතනින් එහාට කතා කලේ නැහැ.
පස්සේ මු හොදටම ඕව ගැන දියුණු පොරක් වෙනවා ඒ අවුරුද්දෙම. ඉස්සර තිබ්බේ සිඩි ප්ලේයල්ර්ස් නේ, ඉතින් ඕව රෙන්ට් කරන තැන් වලින් අරන් ගිහින් මු අම්මලා එම ගෙදර නැති වෙලාවක් බලලා බලනවා. බලලා ඇවිල්ල රස කර කර කියනවත් එක්ක. මගේ කතා අහන්න ඕනේ නැහැ. මන් හැමදාම එකම කතාවනේ කියන්නේ. ඌ එක එක වර්ගෙන් කතා කියනවා, වෙන්නේ එකම දෙය උනත්. ඔන්න ඉතින් දවසක් අපි කතාවෙලා මුගේ ගෙදර ගියා ඕකක් බලන්න. ඉතින් කුතුහලය නේ ඉතින්. වීඩියෝ කඩේ අයියා යාළුවව අදුරන නිසා උට හොරෙන් බ්රවුන් පේපර් බැග් එකක දාලා දුන්නා සිඩි එක. පොඩි වයසේ උන්ට ඒවා දෙන්නේ නැහැ නේ. අපි ඒක ගණන් පොත අස්සේ දාගෙන දැන් මුගේ ගෙදර අවා. යාළුවගේ කාමරේ තියෙන්නේ වෙනම වගේ. හැබැයි මැදින් පොඩි කවුළුවක් වගේ කැල්ලක් තියෙනවා එකෙන් බැලුවම මුගේ කාමරේ ඔක්කොම පේනවා. ඉතින් ටීවී එකයි ප්ලේයර් එකයි ඔකේ තමා තිබ්බේ. දැන් අපි ගෙදර ගියා. හැබැයි එදා යාළුවගේ අම්ම ඉන්නවා. ඒ උනාට ඌ හෙන කන්ෆිඩන්ස් පිට කිව්වා නැහැ අම්ම එන්නෙම නැහැ කාමරේට කියලා. ඉතින් අපිත් ඒ කන්ෆිඩන්ස් එකෙන්ම හිටියා.
දැන් මම ඇවිල්ලා ටිකක් වෙනස් චරිතයක් හොදේ. ඔය මගුල් ඔක්කොම කරලා තිබුනට හරිම හොද එකා කියලා තමා ගුරුවරු වගේම යාලුවන්ගේ අම්මලා එම කියන්නේ. අහිංසකයි, හොද හැදියාවක් තියෙනවා. ඒ තියා ඉස්සර ගුරු දෙගුරු රැස්වීමේදී මාව පෙන්නලා තමා අනිත් අම්මලට කියන්නේ කොමද එයාලගේ ළමයි හැදෙන්න ඕනේ කියලා. හරි ඒ මගේ පුරජෙරුවත් එක්කම කතාවට එමු ආයේ.
දැන් ඔන්න සීඩි එක දාලා කැමති කැමති තැන් වලින් ඉදගෙන අපි හතරදෙනෙක් හොදේ. සුදානම් වෙලා ඉන්නවා. සද්දෙත් මියුට්ම කරලා කටවල් ඇරන් බලන් ඉන්නවා. දැන් සීන් එක පටන් ගත්තා. දැන් කාලේ වගේ ස්ටෝරි තිබ්බේ නැහැ ගොඩක් ඒවායේ, පටන් ගත්තු වෙලාවේ ඉදලම වැඩ. ඔන්න ඔය අතරේ මට පට්ටම බරක් එනවා පාලනය කරගන්න බැරි. දැන් මේ යාළුවගේ ගෙදර තියෙන්නේ අපේ ගෙවල් වලට ටිකක් පහලට වෙන්න පාර දිගේ. මන් ඉතින් මැදින් නැගිටලා ගියා මොකක් හරි බොරුවක් කියල.ඉස්සර කක්කා බරයි කියන්න හරිම ලැජ්ජයි. ඉතින් බොරුව දාලා මන් ආවා බර නිදහස් කරන්න ගෙදරටම. ආයේ ගියේ නැහැ ඉතින් එහෙ ගෙදරට වෙලා ඉදියා. ඊලග දවසේ ඉස්කෝලෙට ගියා.
මන් ගියා විතරයි කෙලවෙලාම ගිහින්. යාලුවගේ අම්ම ඇවිල්ලා අර මන් කිව්ව කවුළු කෑල්ලෙන් ඔලුව දාල මොනවා හරි හදල දෙන්නද අහන්න සෙට් එකට . අනේ ඉතින් අගේ නුල්පටක් වත් නැතිව අර දාඩිය මහසියෙන් සෙල්ලම් කරන ගෑණිය සහ පිරිමියාව අම්මත් දැකලා. අම්මා කාමරේට ඇවිල්ල අරුටත් ගහලා අනිත් දෙන්නටත් හොදටම බැනලා ආයේ පලුයන්නම. අරුන් දෙන්නට ආයේ එහෙ එන්නත් එපා කිව්වලු. ඉස්කෝලෙට ඇවිල්ලා ටිචර්ලට කියලා අරුන් දෙන්නගේ ගෙවල්වලටත් කියනවා කියලා බැනලා එලවල. අනිවා එදා නම් අරු හොදටම ගුටි කන්න ඇති මට සුවර්. ඒක කිව්වේ නැහැ ඌ. හොදම සීන් එක කියන්නේ යාලුවේගේ අම්මා කියලා,
‘ බලනවා අර කනිෂ්ක කොච්චර හැදිච්ච ළමයෙක්ද කියලා. ඒ ළමයට ඕව බලන්න බැරි නිසා ඒ ළමය ගියා යන්න. තොපිට තමා ඒ වගේ හැදෙන්න බැරි’ කියලා තමා දේශනාව ඉවර කරලා තියෙන්නේ. මමනේ දන්නේ සින් එක මොකද්ද කියලා. මන් ඉතින් කට වහන් හිටියා.
පස්සේ දහය වසර එකොළහ වසර කියන්නේ ඉතින් නව යොවුන් වයස සහ ඉන්ටෙර්නෙට් කැෆේ එහෙම ආපු දවස්. මන් කියන්නේ මේ නුවර හැදුන උන්ගේ කතාවක් හොදේ. ඇත්තම කිව්වොත් ඉතින් කොලබට පස්සේ නේ ඉතින් නුවරට තාක්සනේ ආවේ. ඉතින් ඕවා ආපු කලේ අපිට පුළුවන් උන හැම වෙලාවේම අපිට ඊමේල් එකක් හදාගන්න කැෆේ එකට යනවා. ඊට පස්සේ ඉන්ටෙනෙට් කැෆේ වලට ගිහින් කොනේම, හොදට වටවෙලා තියෙන පිසි එකක් අරන් කරන්නේ ඊමේල් හදපු එක තමා. ඔව් මන් ඇත්තමයි කියන්නේ. දන්නෝ දනිති ඉතින්.එකත් හැබැයි හැමදාම නෙවෙයි , මොකද හැමදාම ඕවා බලනවට වඩා අපිට වැඩ තිබුනා කියලා කියයි කියලද හිතුවේ. නැහැ අනේ, අපිට ඉන්ටෙනෙට් කැෆේ එකට යන්න සල්ලි තිබ්බේ නැහැ. පස්සේ පස්සේ ඉතින් අනේ මන්දා කොහොම මොනවා උනාද කියලා දන්නේ නැහැ ඉතින්.
ඔන්න ඔහොමයි උනේ ඈහ් .
උපුටා ගැනීම: Kanishka SD

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!