‘ඔයාට මාව හම්බවෙන්න කලින් කෙල්ලො කීදෙනෙක් ඉඳල තියනවද?’ කියලා වයිෆ්ලා සාමාන්යෙන් අහන ප්රශ්නෙ නිර්මලත් මගෙන් කීප විට අහලා තියනවා. එකම උත්තරයයි තියෙන්නේ ඉතින් ඔය ප්රශ්නෙට. ‘එක්කෙනෙක් වත් නෑ’ කියන එක.
ප්රශ්නයක් ඇසීම මිනිස් අයිතිවාසිකමක්. හැබැයි ඕනෙම උත්තරයක් දීමත් මිනිස් අයිතිවාසිකමක්නේ. ඉතින් කවදාවත් නිර්මලාට ඉන් එහා ගිය උත්තරයක් මගෙන් හම්බ වෙලා නෑ. මම ඒ අවවාදය අලුත බැඳපු අපේ ක්ලික් එකේ ඔක්කොම කොල්ලොන්ට කියලා දුන්නා. මිනිසා හැම විටම මුසාවාදා වේරමනී රැකිය යුතුයි තමා. ඒත් ඉතින් වයිෆ් එක්ක ඔය කෙලිය කරන්න ගියොත් වෙන්නේ සුරාමේරය කඩන්න වෙන එක ප්රශ්නවලට උත්තර දීගන්න බැරුව. ‘ඔයා එයත් එක්ක මොනවද කරේ? කොහෙද ගියේ? කිස් කරාද? මට වඩා හොඳද? වගේ ප්රශ්න සීය පැත්තක තියපල්ලකෝ. අර කියන ගෑනි බැරි වෙලාවත් තාමත් යාලුවෙක් හෝ නෑයෙක්නන්! ඉවරනේ ඉතින්. ඔය නැති ප්රශ්න ඇති නොකර ගන්න අපි සියලු දෙනාම එක පයින් ‘නෑ කිසි කෙල්ලෙක් ඔයාට කලින් හිටියේ නෑ’ කියල කියන්න පුරුදු වුනා.
ඔන්න දවසක් මගේ අගසව් වගේ මා එක්කම පොඩි කාලේ ඉඳන් හැදුනු මගේ සියලු දේවල් දන්න අතීසාර මිත්රයෙක් ආවා අපේ ගෙදර නවතින්න රෑකට. අපි දෙන්නා දැන් ඩ්රින්ක් එකක් දානවා. නිර්මලත් එතනම ඉඳන් අපි දෙන්නගේ ලමා කාලේ කතා හිනාවෙමින් අහන් ඉන්නවා. මගේ යාලුවා කිසි විටක බලාපොරොත්තු නොවූ වෙලාවක නිර්මලා අහපි ‘අනේ සුමිත් මේ සුසාන්ට කෙල්ලො කීයක් හිටියද ඒ කාලේ?’ කියලා! මම දැන් සුමිතයාගේ මූන දිහා බලන් ඉන්නවා. සුමිතයා කිසි කලබලයන් නැතුව බයිට් කෑල්ලක් ඇරන් කටේ දාගත්තා. කල්පනාවකින් ඒක හැපුවා. ඩ්රින්ක් එකක් බීවා. කට කොනකින් හිනාවක් ගියා. මායි නිර්මලයි දැන් බලා ඉන්නවා මූ මොනවා කියන්න යනවද කියලා. බයිට් දීසියට යොමු වෙලා තිබ්බ මූන ඉස්සුවා සුමිතයා කිසි කලබලයක් නැතුව. බැලුවා නිර්මලා දිහා කෙලින්ම. ‘මූ? මූ? කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලපු නැති එකෙක් නිර්මලා මූ. මටනන් පුදුමයි ඔයා මූව කැමති කරව ගත්ත එක ගැන. කෙල්ලො කීයක්නන් මූට ට්රයි කරාද. හහ්.. මූ නෙවෙයි ඒ එකෙක් දිහාවත් බැලුවෙ නිර්මලා. මම හිතන විදියට ඔය දෙන්න පෙර ආත්ම කීපෙක ඉඳන් පෙරුම් පුරාන ආව දෙන්නෙක් මේ ආත්මෙදී හම්බ වෙන්න. ඒක දෙවි කෙනෙක්ගේ කැමැත්තක් වෙන්න ඇති… අපි ඒ දෙවියන්ට සාදුකාරයක් දෙමු’ කියලා ඌ නැගිටලා, අත් දෙක එකට කරමින් වැඳගෙන ඇසුත් පියාන සාදු කාරයක් දුන්නා!! නිර්මලා මූන අත්දෙකින් වහගෙන හිනා වෙන ගමන් කියනවා ‘ඔයාට හපන් මුන්’ කියලා..
ඕන් ඔහොමයි පුතෝ අපේ බොක්කෙ පොරවල්! මොකද ඇත්ත කිව්වනන් ඉතින් ගමෙන් යන්න වෙන්නේ..
උපුටා ගැනීම: Susantha Pethiyagoda