ඉතාලියේ මිලාන් නුවර පිහිටා ඇති Bosco Verticale නිවුන් කුළුණු දෙක තමයි මේ. බොහෝ දෙනෙක් මේක හඳුන්වන්නේ Vertical Forest එහෙමත් නැතිනම් සිරස් වනාන්තරය කියලා. නිවාස සංකීර්ණයක් විදිහට සැළසුම් කරලා තියෙන මේ නිවුන් කුළුණු දෙකෙන් එකක් මීටර් 111 ක් (අඩි 364) උසයි. අනික මීටර් 76 ක් (අඩි 249 ක්) උසයි. මේ කුළුණු දෙකේ විවිධ වර්ගයේ ගස් 900 ක් පැළකරලා තියෙනවා. ඒ පිළිවෙළින් පළවෙනි සහ දෙවැනි කුළුණුවල ගස් 550 ක් සහ 350 ක් බැගින්. ගස් පැළකරලා තියෙන මුළු භූමි ප්රමාණය වර්ග අඩි 96,000 ක්.
– අනිල් කරැණාරත්න –


