
‘ඔකවන්ගෝ’ ඩෙල්ටාවට ඉහලින් ගුවනින් ගමන්ගත් බොට්ස්වානා පරිසරවාදීන් කණ්ඩායමක් “පැය තුනක ගුවන් ගමනේ දී ඔවුන් අලි මළසිරුරු 169 ක් දැක තිබෙනවා.
ඊට මාසයකට පස්සෙ තවදුරටත් සිදුකෙරුන පරීක්ෂණවලදී අලි මළසිරුරු තවත් හඳුනා ගැනීමට ලැබුනා. ඒ අනුව සමස්ත මරණ සංඛ්යාව 350 කට වැඩි බව වාර්තා වේ.
ආචාර්ය මැකේන්ගේ වචනයෙන් සඳහන් කරන ලද පරිදි, “නියඟයකට මුහුණ නොදුන් තත්වයක් යටතේ අලිඇතුන් මෙතරම් විශාල සංඛ්යාවක් එකවර මරණයට පත්වීම කොහෙත්ම පෙර නොවූ විරූ දෙයකි

අලිඇතුන්ගේ මළසිරුරුවලින් ඇත්දළ ඉවත්කර ගෙන නොතිබුන බව සඳහන් කරමින්, ඇත්දත් ජාවාරම සහ එම මරණ අතර සම්බන්ධයක් නැතිබව බොට්ස්වානා ආණ්ඩුව ප්රකාශ කර තිබේ.
ඒ අනුව ඇත්දළ ජාවාරමට වඩා පෙන්වා දෙනු ලබන වෙනත් කරුණු පවතී.
“මෙතැන සිද්ධවෙන්නෙ අලිඇතුන් මරණයට පත්වීමක් විතරයි. වෙනත් දෙයක් නැහැ. ඇත්දළ ජාවාරම්කාරයන් ‘සයනයිඩ්’ දාලා තිබුණානම්, තවත් සතුන්ගේ මරණ තියෙන්න ඕන,” ආචාර්ය මැකේන් පෙන්වා දෙයි
පසුගිය වසරේත් මෙපරිද්දෙන් බොට්ස්වානා හි අලිඇතුන් සීයක්වත් හිටිහැටියේ මරණයට පත්වූ අතර, එය සිදුවුනේ එම සතුන් ස්වාභාවිකව පැතිරගිය විෂබීජයකට ගොදුරුවීමෙනි. එහෙත් මෙවර එවැන්නක් නොවූ බව ආචාර්ය මැකේන් ස්ථිර නොකළ මට්ටමින් නිගමනය කරයි.
එහෙත් අලිඇතුන් විෂවීමකට ගොදුරු වී ඇද්ද යන්න හෝ එසේත් නැත්නම් අසනීපයකට ගොදුරුවීද? යන්න නිගමනය කිරීමට ඔවුහු අසමත් වෙති. එම අලිඇතුන්ගෙන් වැඩිදෙනෙක් වැටී මැරී තිබෙන්නේ මුහුණ බිම ඇනීගිය ඉරියව්වෙනි. තවත් අලිඇතුන් එකතැන ඇවිදිමින් සිටි බවක් පෙන්නුම් කෙරෙන අසාමා…