Friends of Christ Association නම් සංවිධානය විසින් බ්රසීලයේ දකුණු ප්රදේශයේ රියෝ ග්රෑන්ඩ් ඩූ සුල් නගරයේ ක්රිස්තුස් වහන්සේගේ නව ප්රතිමාවක් ඉදි කරමින් පවතිනවා. මෙහි උස මීටර 43 ක් වන අතර රියෝ නුවර පිහිටා ඇති ප්රතිමාවේ උස මීටර 38 ක් වනවා. එමෙන්ම මෙය ඉදිකළ පසු ලෝකයේ තුන්වන උසම පිළිමය ලෙසටද වාර්තා අතරට එක් වීමට නියමිතයි. 2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම ප්රතිමාවේ හිස තැන්පත් කිරීම පසුගිය අප්රේල් 6 වන දා සිදුකළා. මේ වසර අවසන් වන විට මෙහි වැඩ අවසන් කර විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
අමෙරිකානු ඩොලර් 353 000 ක මුදලක් මේ සඳහා වැය වේ යැයි ඇස්තමේන්තු ගත කොට තිබෙනවා.මෙම පිළිමයේ පාදමේ සිට ඉහළට සවිකර ඇති විදුලි සෝපාන මගින් එහි ඉහළට ගමන් කර අවට පරිසරය නැරැඹීමට සංචාරකයින්ට අවස්ථාව හිමිවනවා. උරුගුවේ රාජ්යය, ආජන්ටිනාව සහ බ්රසීලයේ දේශසීමා ආශ්රිත ප්රදේශ වල සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම මෙම පිළිමය ඉදි කිරීමේ ප්රධාන අරමුණ බව එහි ඉදිකිරීම් සිදු කරන සංවිධානය විසින් පවසනවා.ඒ අනුව මෙතෙක් පුරා වසර 90 ක් සංචාරක ආකර්ෂනය දිනූ බ්රසීලයේ රියෝද ජැනයිරෝ නුවර ක්රිස්තූ ප්රතිමාවට වඩා මෙය සංචාරක ආකර්ෂණය දිනා ගනු ඇතැයි එරට විචාරකයින් විසින් පෙන්වා දෙනවා.





උපුටා ගැනීම: ඩිජිටල් පත්තරේ – Digital Paththare