හලෝ මා ප්‍රියාදර හිතමිත්‍ර සියලුම මිතුරනි.අද මා මෙතනට පැමිණියේ කතාවක් ඔබ හමුවේ තැබීමටයි.
මෙය නිකන්ම නිකන් කතාවක් නොව මටම උනු හරි ලස්සන පජාත කුජීත සීන් එකක්ය..
ඉතින් මෙහෙමයි කේස් එක.. අපි කතාවට බහිමු.. දියරෙදි ගහන් බහින්න එපා ඕක ගැලවිලා ගියොත් විනාශයි.
හරි මෙහෙමයි O/L කරලා ඉවර වුණු ගමන් මගේ හැසිරීම හොද නිසාම ගෙදරට වෙලා මගේ ඔලුගෙඩ්ය කන්නැතුව කෝස් එකක් කරපිය කියලා මගේ ආදර මෑණියන් මාව යැව්වා ඉංගිරීසි කෝස් එකකට.
ඉතින් මම උදේ යනවා බස් එකේ හවස එනවා.ඔව් ඉතින් කෝච්චියේ යන්නයෑ. පැය එකහමාරක දුරක්.බස් එකේ. ඉතින් මගේ කට හරි සංවරයි ඉස්සර ඉදලම.හරිම අහිංසකයි.ඒ නිසා යන යන තැන නසරාණි යාලුවෝ සෙට් වෙනවාමයි.දැන් ඒ ක්ලාස් එකේ කෙල්ලෙක් මගේ බෙස්ටි වුනා කියමුකෝ.මේකිට මම නොදැකුපු කුමාරයෙකුත් ඉන්නවා පෙම් කරන්න.
දවසක් ක්ලාස් එක කලින්ම ඉවර කලා.අද නම් කලින් ගෙදර යන්න පුලුවන් කියලා මගේ හිත් පොජ්ජ සතුටින් උඩ පනිනකොටම මගේ හිත කෑලි කෑලි විසිරිලා යන්න තැලුවා අරකිගේ වචන ටික..
ඒ මේ අයියා එනවා අද .මාත් එක්ක යමන්කෝ එයාව හම්බ වෙන්න
මොනා කරන්නද.බෙස්ටියෙක් කරගත්තා නම් ඒකිගේ බෝකර් තනතුර බාරගන්නම වෙනවනේ.යමන් කියලා ගියා.අපි ගියා පාලු පාරක් හම්බවෙනකම්.මොකද කෙල්ලගේ තාත්තා පොලිසියේ.අහුවුනෝත් අරුගේ ඇට තලයි කියලා ඒකිම කිව්වා.මාත් ඉතින් ගොනා මරන්න අරන් යනවා වගේ ඒකි පස්සේන් ගියා.හම්මට සිරි.මෙන්න ඉන්නවා සත්‍ය ප්‍රේම බුංගරාජයා බිම හාර හාර.මම ඉතින් මොකටද උලමෙක් වගේ උන් මැද කරන්නේ.මම අයිනකට ගිහින් මගේ කැමතිම කෑම නියපොතු ටික කකා බිංකුංඩෝ හොය හොය හිටියා.
ඉතින් උන් පැය දෙකක් විතර එහෙට මෙහෙට පැද්දි පැද්දි ලග තිබුනු මල් අතු කොල කඩලා බිමට දාලා කාලා ඉවරම කරලා යමු එහෙනම් කිව්වා.මාත් ඒ වෙනකොට බිංකුංඩෝ සෑහෙන පිරිසක් හාරලා තිබුනා.නියපොතුත් ඔක්කෝම කාලා ඉවරයි.හරි එතනින් ඒ කතාව නිමයි..
ඊලගට නැවත ඒ මම කෝස් එකට ගිය නගරයටම අවුරුද්දකින් මට යන්න වුණා A/L ක්ලාස්.ඉතින් ඉස්කොලේ මගේ යාලුවොත් ගියා.ඒ අතර දවසක් අනිත් වුන් ටික නැති අතරේ මගේ එක යාලුවෙක් කිව්වා මචං කොල්ලව හම්බවෙන්න යමන්ද.අද ඉන්ටෝල් එකේදි කියලා.හරිනේ ඉතින්.මට හරි සනීපයි ඒ වචන.කමක් නෑ ඉතින් බෝකර් වැඩේ කරන්නම එපැයි.යාලුවනේ.. ඉතින් ගියා..මීට අවුරුදු එකහමාරකට කලින් ගිය පාරෙමයි මේකි මාව එක්කන් යන්නේ.
ඔන්න ඒකිගේ සත්‍ය ප්‍රේම බුංගරාජයත් ඉන්නවා.හරි අදත් බිංකුංඩෝ හාර හාර නියපොතු කකා ඉන්න වෙන ලයින් එකක් තමයි තියෙන්නේ..එකම බ්‍රෝකර්.වෙනසකට තියෙන්නේ කෙල්ලයි කොල්ලයි විතරක් වෙනයි
හෑ පොඩ්ඩක් හිටපන්.
හම්මටසිරි යකෝ කෙල්ල විතරයි වෙනස්.කොල්ලා අරූමයිනේ.ඔව් යකු.මීට අවුරුදු එකහමාරකට කලින් මට බිංකුංඩෝ හාරන්න වුනේ ඌ නිසා.යකු කෙල්ල විතරයි වෙනස්.පොර මාව දැක්ක ගමන් ඒ මූණට උනු දේ.මම ආයේ හැරිලා මගේ ඩියුටිය පටන් ගත්තා.හිනා වෙන්නද අඩන්නද හිතා ගන්න බෑ.මේ යාලුවට කියලා තිබුනේ කුලුදුල් පෙම ඒකි කියලානේ.මම මුකූත් කිව්වේ නෑ.සත්‍ය ප්‍රේමෙට අකුල් හෙලුවෙත් නෑ.මම ආයේ ඒකි එක්ක ඌව හම්බවෙන්න ගියෙත් නෑ.යන්න වුනේ නැ ඌ ඒක සතියෙන් නවත්තලා.තාම අරකි හේතුව දන්නෑ.
ඉතින් කාලය හීමීට යනවා.ඉතින් ඉස්කෝලේ කැඩෙට් ටීම් එකෙත් මේ අහිංසක මම ඉන්නවා.ඉතින් දවස් 10ක කෝස් එකකට මාව යවනවා ඔය අතරේ කැඩෙට් ටීචර් ප්‍රින්සිපල් එකතු වෙලා.ඉතින් එතනට ගිහිනුත් නුවර ඉස්කෝලෙක කෙල්ලෙක් මට සෙට් වුනා. දවස් ටිකට මාරම ෆිට් වුනා.ඉතින් 10වෙනි දවසේ අම්මලාට එහෙම එන්න පුලුවන්නේ අපිව බලන්න.ඉතින් අපේ ගෙදරිනුත් ආවා යාලුවගේ ගෙදරිනුත් ආවා.ඒ අයත් හොදට ෆිට් වුනා.ඒ අතරේ අරකි කියනවා යමන්කෝ අරූ ඇවිත් කතා කරලා එමු කියලා.මම ඇහුවා කව්ද කියලා.ඒකිගේ කොල්ල.මාත් හා යමන් කියලා ගියා.ඕක ඉතින් පුරුදු නැති දෙයක්යෑ.මෙතන බිංකුංඩෝ හාරන්න වෙන්නැතිඑකම ලොකු දෙයක්නේ.ඉතින් ගියා.හරි ලස්සන කොල්ලා.ලස්සන සපත්තු ලස්සන කලිසම ලස්සන ෂර්ට් එක.හොද උස .කඩවසම් ඇග..බයවුනු මූණ.
හෑ බය වුනු මූණ.. යකෝ කිරිඅප්පට බල්ලෝ බුරපි කිව්වලු මේ සත්‍යප්‍රේම බුංගරාජයානේ.
මගේ කට සෑහෙන්න ඇරෙන්න ඇති ඒ වෙලාවේ.මගේ මුහුණ විරූපි වෙන්න ඇති ඒ වෙලාවේ.මම පැත්තකට ගියා නෙමෙයි
යැවුනා.සත්තයි මම මුකුත් කිව්වේ නෑ.කොහොම කියන්නද දෙයියනේ බ්රෝකරුයි කොල්ලයි එකයි කෙල්ල විතරයි වෙනස් කියලා.
ඒකත් ඌ සතියෙන් ඉවර කරලා.කෙල්ල අඩ අඩ කෝල් කරලා මට කිව්වා.සත්තයි අඩේ මං කටවත් ඇරියේ නෑ.
මම හිතාගත්තා ආයේ බ්‍රෝකර් වැඩ කරන්න පටන් ගන්නේ මුලින් කොල්ලව දැක්කට පස්සේ තමයි කියලා.
ඉතින් කාලය ඉගිලිලා ගිහින් අවුරුදු කිහිපයකට පස්සේ කටුනායකට ගියා ජොබ් එකකට.ඒත් ඉස්කොලේ පන්තියේ යාලුවෙක් මාර්ගෙන්.ඉතින් මෙහෙදි මට සෙට් වුනා මාතර කෙල්ලෙක්.හරි එකතුයි මාත් එක්ක.ඉතින් ඒකිගේ කොල්ලත්..
. නෑ නෑ හම්බවෙන්න ගියේ නෑ බං… මාත් එක්කත් කතා කරනවා.හරි හොද කොල්ලා ඌ නම්.කෙල්ලට පට්ටම ආදරෙයි.ඉතින් ඔන්න ඒ දවස.පොර එනවා කියලා කෙල්ලව බලන්න.මම නැගිටලා බලද්දි ඉතින් මේකි සෙන්ට් ගහනවා .කොලොන් දානවා ඇදුමෙත් එක්ක ක්ර්රිමි ගානවා එක විකාරයයි.ඔය මොන මගුල ඉලුවත් තොගේ ගස්ගද යන්නෑ බං කියලා මම ආයේ නිදාගන්න ගුලිවුනා.
ඒ යකෝ ගෑනියේ. නැගිටපන් අරූ එන්නේ යාලුවෙකුත් එක්ක.උඹත් එක්කන් එන්න කිව්වා අයියා.වරෙන් ගෑනියේ.
මොන ඉටිගෙඩියක්ද මම මොකක් කරන්නද උගේ යාලුවා එක්ක.
යමන්කෝ උඹ ඌ එක්ක කතා කර කර හිටපන්
හරිනේ ඉතින්.බැන බැන නැගිටලා ලෑස්තිවෙලා ගියා ඉතින් පස්සෙන්.
මට හොදටම බඩගිනියි යමන් අර ජූස්බාර් එකේ ඉමු.ඒකට එන්න කියමු කොල්ලෝ දෙන්නට කියලා ඒකි මුකුත් කියන්න කලින් මම ගිහින් ඉදගත්තා. උන් දෙන්නා තාම නෑ.විනාඩ් 10ක් විතර වුනා.මම ඕනි මගුලක් කියලා ජූස් එකකුත් ගත්තා.ඉතින් ඒකේ රස බලන්න ගත්තා විතරයි දෙන්නා ආවා.
යාලුවගේ කොල්ලා එක්ක ආපු යාලුවා දිහා තමයි මම මුලින්ම බැලුවේ..දැකලා පුරුදුයි වගේ ඒ මූණ.ඒ ඇස් මාත් සමග සිනාසුනා.මාත් සිනාසුනා..නෑ නෑ ඒ අර සත්‍යප්‍රේම බුංගරාජයා නෙමෙයි.මම ජූස් එක බටෙන් උඩට අදින ගමන් යාලුවගේ ප්‍රේමවන්තයා දිහා බැලුවා.
කැහ් කැහ් කැහ්..ඔව් මට හිර වුනා.ෆලූඩා නහයෙන් ආවා. මොන කරුමයක්ද මේ.අර සත්‍යප්‍රේම බංගරාජයා තමයි මෙතනත්.වෙනස කෙල්ලයි තව බ්‍රෝකර් කෙනෙක් හිටපු එකයි විතරයි.. මම එහෙමම බෝඩිමට ගියා.නිදගත්තා.අර යකා මගේ නම්බර් එක ඉල්ලගෙන යාලුවට දෙන්න කියලා බොරුවට.මට මැසේජ් එකක් ආදරෙන් දාලා
thamuse mawa kannama sansare pathan ena hathiriyak.Mama kawadath aye kellekwa set karaganne na.Marenakan badinneth na.Uba maha sapayak ganiye.
සත්තයි සහෝදරියනි මම මුකුත් කලේවත් කිව්වේවත් නෑ
උපුටා ගැනීම: Prasadi Shewo