බ්‍රොමිඩ්‍රොෆීලියා – යට ඇඳුම් පිස්සුව. (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මීට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදර පොඩි වැඩක් වුනා. ඒක මෙහෙමයි.
සාමන්යයෙන් අපි ලිඳෙන් වතුර ඇදලා තමයි සේරම රෙදි සෝදන්නෙ. ඊටපස්සෙ එතනම වැලේ දාලා තමයි රෙදි වේලන්නෙ. ඉතින් ඔහොම වේලෙන්න දාපු රෙදි අතර දවසක් අම්මගෙයි, මගෙයි නංගිගෙයි යට ඇඳුම් කීපෙකුත් තිබුනා.
හවස රෙදි සෝදපු නිසා ඊලඟ දවසෙ දවල් තමයි අපි වේලුනු රෙදි ටික ගන්න ගියේ.. හැබැයි අපිට තේරුනා අපේ සෝදපු යට ඇඳුම් සේරම එතන නොතිබුනු බව. හුලඟට ගිහින් කොහේ හෝ වැටිලද කියලත් හැමතැනම හෙව්වට ඒ හම්බුනෙත් නෑ. ඉතින් හෙවිල්ල අත හැරලා දාලා අපි ගෙදරට ආවා.
ඊට හරියටම දවස් 10කට පස්සෙ අම්මා මාවයි නංගිවයි උදේ 6ට විතර හදිසියෙම නින්දෙන් නැගිට්ටුවා. මෙන්න බැලින්නම් අර නැති වුනු ඇඳුම් දෙක තුන අම්මා කෝට්ටකින් එල්ලගෙන අරං ඇවිත්.
“මේ බලාංකෝ උදේ වත්තට ගියාම මේ ටික වැලේ තිබ්බා. මං මේ උඹලට පෙන්නන්න ගෙනාවේ මේවට වෙලා තියෙන දේ” අම්මා කිව්වෙ එහෙමයි.
ඇත්තටම එව්වට වෙලා තිබ්බ දේවල් නම් හිතාගන්න බෑ අප්පා.. ඒවා සේරම ඉරලා දාලා. හරිම අමුතු ගඳක් ඒවගෙන් ආවේ. ජරා දුඹුරු පාට පැල්ලම් හැමතැනම. කොහොමහරි ඉතින් කවුරුහරි මේවා ගෙනිහින් හොඳ නැටුමක් නටලා තියෙන බව හොඳටම තේරුනා. ඒත් නොතේරුනු එකම දේ මොකද ආපහු මේවා ගෙනත් දාලා තිබ්බෙ කියන එක තමයි.
පස්සේ මං මේ ගැන හොයලා බැලුවා. මේ ගැන කිව්වෙ මෙහෙම යට ඇඳුම් හොරෙන් අරන් යන මිනිස්සු ගැන. ඉතින් මට හිතුනා ඒ පිලිබඳ පොඩි විස්තරේකින් ඔයාලවත් පොඩ්ඩක් දැනුවත් කරන්න.
මේ වෙනකොට ලෝකය පුරාම විවිධාකාර ලිංගික ආශාවන් වලින් පෙලෙන මිනිස්සු ඉන්න බව අපි කවුරුත් දන්න ප්රසිද්ධ රහසක්නේ.. ඒත් ඔයාලා දැනගෙන හිටියද කාන්තාවකගේ භාවිතා කරපු යට ඇඳුම් වලින් එන ගන්ධයට ආස කරන මිනිස්සු ඉන්න බව….??? ඔව් ඇත්තටම එහෙම අය ඉන්නවා.
බ්රොමිඩ්රොෆීලියා කියන්නෙ මේක හඳුන්වන විද්යාත්මක නාමය. තවත් පොඩ්ඩක් විස්තර කලොත් කවුරු හරි පුද්ගලයෙකුගේ ශරීරයෙන් පිටවන විවිධ ගන්ධයන් ආඝ්රහණය කිරීමෙන් තවත් කෙනෙක් ලිංගික තෘප්තියක් ලබනවා නම් ඒ පුද්ගලයා බ්රොමිඩ්රොෆීලියා තත්ත්වයෙන් පෙලෙන් කෙනෙක් කිව්වොත් හරි.
බොහෝ වෛද්යවරු කියන විදිහට , මෙවැනි දෙයකට කෙනෙක් එක පාරටම යොමු වෙන්නෙ නෑ. කෙනෙක්ට කුඩා කාලයේදි ඒ කියන්නෙ වයස අවුරුදු 13ත් 19ත් අතර කාලයේදී වගේ මෙවැනි දෙයක් කිරීමට සිතුවිල්ලක් ඇති වෙන්න පුලුවන්.
ඒ කියන්නෙ හරියට විරුද්ධ ලිංගිකයන් ගැන ඇතිවන කුතුහලය නිසා තමන්ගෙම නිවසේ සිටින තමන්ගේ සහෝදරියකගේ නැත්තම් තමන්ගේ අම්මගේ වුනත් යට ඇඳුමක් අල්ලලා බලන්න, ගඳ සුවඳ බලන්න එක පාරක් කෙනෙකුට හිතෙන්න පුලුවන්.
කුතුහලය නිසා එහෙම කලත් ඊටපස්සෙ එයා කවදාවත් ආයේ එහෙම දෙයක් නොකරන්නත් ඉඩ තියෙනවා. හැබැයි තමන් ඒ කල දේ නොදැනුවත්වම සියුම් මතකයක් විදිහට යටිහිතේ තැන්පත් වෙනවා.
වයසින් වැඩෙද්දි මේ මතකය තමන්ටත් නොදැනීම ලිංගික ආශාවක් බවට පරිවර්තනය වෙනවා. එහෙම වුනාම ඒ පුද්ගලයා නිතරම ඒ ආශාව සංතර්පණය කරගන්න තමයි උත්සාහ කරන්නෙ.
හැබැයි ඒක තව කෙනෙක්ට කියලා තේරුම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. “මං ඇඳපු යට ඇඳුම් වල සුවඳ බලන්න කැමතියි” කියලා කාටද කටක් ඇරලා කියන්න පුලුවන්. ඉතින් එයාලා කරන්නෙ ඒ ආශාව හිතේම තියාගෙන හොරෙන් හරි එයින් වින්දනයක් සතුටක් ලබන්න.
සමහර වෙලාවට තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තරමටම මේ මිනිස්සු අසරණ වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මිනිස්සු රෑට රෑට සමහර ගෙවල් වලට ගිහින් මේ විදිහට හෝදලා තියෙන යට ඇඳුමක් හරි හොරකම් කරන් ගෙදර අරං යන්නෙ. (සමනල සංධ්වනිය ෆිල්ම් එකේ බෝඩිමේ පෑන්ටි බ්රා අයියවත් මතක් වෙනවා)
මෙවැනි පුද්ගලයන් ලිංගිකව තෘප්තිමත් වෙන්නෙ ඒ අදාල ගන්ධයන් වලින් පමණයි. ඉතින් ඔවුන්ට අවශ්ය වෙන්නෙ කොහෙන් හෝ කාන්තා යට ඇඳුමක් මිසක් ඒක කාගේද කින්ද මන්ද කොහෙත්ම අදාල නෑ.
යම්කිසි බාහිර වස්තුවක් කෙරෙහි ඇතිවන ලිංගික ආශාවක් නිසා , මෙම බ්රොමිඩ්රොෆීලියා තත්ත්වය රෝගයක් විදිහටත් හඳුන්වනවා.
යට ඇඳුම් පමණක් නෙමෙයි, සපත්තු , සෙරෙප්පු, තනපට, ක්රීඩා ඇඳුම්, භාවිතා කරන ලද මේස් , කොන්ඩෙට ගැටගහන පටි වගේ දේවල්ද මේ කොටසට අයිති වෙනවා.
කාන්තාවක් ලිංගිකව අවදි වූ අවස්තා වලදී තම යෝනි මාර්ගයෙන් පෙරමෝන (Pheromones) පිට කරනවලු. පෙරමෝන කියන්නෙ හැබැයි තමන්ගේම ශරීරය ඇතුලත ලිංගික ආශාවන් අවදි කරවන හෝමෝන වර්ගයක් නෙමෙයි. පෙරමෝන වලින් පිටවන සුවඳ තමන් සමඟ සිටින අනෙකාගේ ලිංගික ආශාවන් තව තවත් අවුස්සන ගන්ධයක්.
බොහෝ වෙලාවට මේ බ්රොමිඩ්රොෆීලියා රෝගී තත්ත්වයෙන් පෙලෙන මිනිස්සු භාවිතා කරන ලද යට ඇඳුම් වලින් මෙම පෙරමෝන සුවඳ සොයන්නට පෙලඹෙනවා. ඒ නිසා ඔවුන්ට ලිංගිකව එකතු වෙන්න කාන්තා ශරීරයක් අවශ්ය නෑ.
අවශ්ය වෙන්නෙ ගැහැණු කෙනෙකු පාවිච්චි කරපු යට ඇඳුමක් විතරයි.
මේ රෝගි තත්ත්වය තියෙන පුද්ගලයන් සමාජයේ ඕනෑම තරාතිරමක සිටින අය වෙන්න පුලුවන්. රස්තියාදු ජීවිත ගත කරන අරමුණක් නැති මිනිස්සු විතරක් නෙමෙයි, ගෞරවාන්විතව ජීවත් වන උගත් වැදගත් මිනිස්සු අතරත් මෙම රෝගයෙන් පෙලෙන මිනිසුන් සිටින බව මතක තබාගන්න.
වැදගත් වන්නේ තමන්ගේ ප්රවේශමයි.
ඉතින් කාන්තාවනි.. තමන් පරිහරණය කරන දේ ගැන අවධානයෙන් ඉන්න. මොකද සමහර විට සෝදලා දාලා තියෙන යට ඇඳුම් අරගෙන ගිහින් ආපහු හොඳට සෝදලා ගෙනල්ලා දාලා යන මිනිස්සුත් නැතුවාම නොවේ..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!