2021 වසරේදී උසස් පෙළ සමත් සිසුන් හට හඳුන්වා දෙන නවතම උපාධි පාඨමාලාව තමයි බුද්ධිමය යාන්ත්‍ර විද්‍යා විද්‍යාවේදී ගෞරව උපාධිය හෙවත් B.sc hons Artificial intelligence උපාධිය මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයෙ පරිගණකමය ගණිත විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවනු ලබයි.මෙම උපාධි පාඨමාලාව වසර 4 ක කාලයක් සම්පූර්ණ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ පවත්වනු ලබයි.
උපාධි පාඨමාලාවේ අන්තර්ගතයන් වන්නෙ..

වර්තමාන තාක්ෂණික යුගයේ කෘතිම බුද්ධියට හිමිවෙලා තියෙන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්.නුදුරු අනාගතයේ දී ලෝකයේ සියල්ලක්ම පාහේ කෘතිම බුද්ධිය හරහා සිදු කරන බැවින් වර්තමානයටත් වඩා අනාගතයේ දී ඉතාමත් ඉහළ වැඩ ලෝකයක් සහ ඉහළ ඉල්ලුමක් තියෙන නිසාවෙන් බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව සඳහා පරිපූර්ණ දැනුමෙන් සහ කුසලතාවෙන් පිරි වෘත්තිකයන් බිහි කිරීම සඳහා මෙම පාඨමාලාව හඳුන්වා දී තිබෙනවා.
එම නිසා මෙම පාඨමාලාවේ පහත සඳහන් විෂය මාලාවන් අන්තර්ගත වෙනවා.

පලමු වසර – යන්ත්‍ර පිළිබඳව හැදින්වීම, බුද්ධිමය යන්ත්‍ර පිළිබඳව හැදින්වීම, පරිගණක විද්‍යා ක්ෂේත්‍රය (programing,data,structures and algorithms,database,software engineering),උසස් ගණිතය,සංඛ්‍යාන විද්‍යාව.
දෙවන ,තෙවන සහ සිව් වසර – කෘතීම බුද්ධිය,විශේෂඥ පද්ධති, ඔන්ටොලොජිකලි ආකෘති නිර්මාණය, නියෝජිත තාක්ෂණය,කෘතිම ස්නායු ජාල,යන්ත්‍ර ඉගෙනීම,රොබෝ විද්‍යාව, ස්වභාවික භාෂා සැකසුම, පරිණාමිය පරිගණකකරණය.
මෙම පාඨමාලාවේ අරමුණ..

- පරිගණක තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, බුද්ධිමය තාක්ෂණය, කෘතිම බුද්ධිය පිළිබඳව ඉතාමත් ඉහළ දැනුම මට්ටමක් සහ කුසලතාවලින් පරිපූර්ණ වූ වෘත්තිකයන් බිහි කිරීම.
- ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර සඳහා බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව යොදාගෙන ඉතාමත් කාර්යක්ෂමව දියුණු මට්ටමකට රැගෙන යාම.
- අලුත් දැනුම සොයා යමින්, ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සිදුකරමින් නව දැනුම සොයා ගනිමින් ක්ෂේත්‍රය දියුණු මට්ටමකට රැගෙන යාම.
- කෘතිම බුද්ධිය සහ බුද්ධිමය යාන්ත්‍ර තාක්ෂණය ඔස්සේ මානුෂීය ජීවිතේ දිනෙන් දින සුවපහසු සහ දියුණු මට්ටමකට ගෙන යාම.
- වෘත්තිකයින් හට ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලදී ඉතාමත් ඉහළ වැටුප් ලැබෙන රැකියා ක්ෂේත්‍රයන් බිහිකිරීම.
මෙම උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිසුවකු විසින් සම්පූර්ණ කළ යුතු සුදුසුකම්…

උසස් පෙළ විභාගයෙන් සංයුක්ත ගණිතය,භෞතික විද්‍යාව හෝ උසස් ගණිතය යන විෂයයන් අතරින් අවම වශයෙන් එක විෂයක් සඳහා C සාමාර්ථයක් ලබා ගෙන තිබීම සහ සංයුක්ත ගණිතය, උසස් ගණිතය, ගණිතය,භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හෝ තොරතුරු තාක්ෂණය යන විෂයයන් අතරින් අවම වශයෙන් විෂයන් දෙකක් සඳහා අවම වශයෙන් S සාමාර්ථයන් ලබාගෙන තිබීම.
තොරතුරු ෆේස්බුක් ඇසුරින්.