බුද්ද ධර්මය ගැන කතාවක් දැක්ක නිසා මගෙත් අත්දැකීමක් බෙදාගන්න හිතුන..
ඒ වෙද්දි මතක හැටියට මම 10 පන්තියෙ ඉස්සරහ පේලියෙ හිටියට වැඩිපුරක් කලේ ගුටි කාල දන ගහල ගෙවන්න පුලුවන් වැරදි හේම නෙවේ ඕං.
වාර විබාගෙ..
බුද්දාගම පේපරේ…
මම මෙහා පැත්තෙ
එහා පැත්තෙ මගෙ යාලුව
ජීවිතේට පාඩමක් අහ ගන්නෙ නැති මගෙ යාලුව.. නම දුලාජ්.. ( දැන් පොර ආමි එකේද කොහෙද) පොරගෙ දතක දිරීමක් තිබ්බ නිසා අපි පොරට කිව්වෙ දතා මාම කියල
මම ඔලුව පාත් කරන් පේපරේ ලියනව. මූ දන්න සිල්ප සේරම දාල ගරිල්ලා ගේමක් දෙනව මිස් එහා මෙහා බලන ටිකට.
මිස් මුගෙ ඇබරිල්ල දැකල කන්ෆියුස්. මොකද මූව කොහාටවත් දාන්නත් බෑ.
– දුලාජ් ආයෙ පිටිපස්ස හැරුනොත් පේපරේට බින්දුව දාල තමුසෙව මං ශාලාවෙන් එලියට දානව
මිස් ගෙරෙව්ව පාරට මුගෙ ඇබරීමේ හැකියාව වාශ්ප උනා. දැන් උගෙ එකම ගැලවුම් කාරය විදියට උගෙ මොලේට එන්නෙ අහිංසක මං…
පොඩි පොඩි උත්තර කීපයක් මම පොරට දාල දුන්න මොකද මේක මොනා කලත් මගෙ යාලුවනෙ.
මෙහෙම වැඩේ යද්දි මූ මට මලපනින ප්රස්නයක් ඇහුව.. අදටත් ඌ ඒක අහපු විදිය මට මතකයි
“මචන් දුටුගැමුනු රජතුමා කරපු සේවාවන් 2ක් කියහංකො”
2වසරෙ එකෙක්ට උනත් ලියන්න පුලුවන් එකක් මූ මගෙන් ඇහුවම මටත් එකසිය අසූවට වගේ මල පැන්න..
1. වෙහෙර විහාර කඩා දැමීම
2. පර අබුවන් සේවනය
මං කරන්නෙ වචනෙන් හරි පවක් කියල ඒ දවස් වල ගානක් තිබ්බෙ නෑ. හොදම එක කියන්නෙ ලියන උට සැක හිතුනෙත් නෑ.. මට ඒක මකන්න කියන්නත් අමතක උනා. සිද්දිය පවා එහෙම පිටින්ම අමතකම වෙලා ගියා.
ලකුනු දෙන දවස ආව. හැමොගෙම පේපර් දුන්න මට 90ක් තිබ්බ දුලාජයගෙ මූන මල ගෙදර වගේ. මූ හෙන බැරෑරුම් විදියට මිස් ගෙන් ඇහුව මෙහෙම
” මිස් මගෙ පේපරේ හම්බුනෙ නෑ”
යස අගේට හිටපු මිස් දුම්මල වරම ගත්තෙ ඒ වෙලාවෙ. අරූට නැගිට්ටල වේවැලෙන් දුන්න දෙකක් ආයෙ “හික්” ගෑවෙන්න
– තමුසෙලගෙ තියෙන නැහැදිච්ච කම. ආගම පේපරේට කුනුහරුප ලියන්න..
ඒ වෙලාවෙයි මට සිහියට ආවෙ කරපු දේ.. මිස් පස්සෙ මතක් වෙන මතක් වෙන පාරට අරූට බනින සීන් එකක් සෑහෙන දවසක් තිබ්බ. ලස්සනම වැඩේ ඕකත් නෙවේ මූ එදා හවස බස් එකට යන ගමන් කියනව
” මචන් කීප දෙනෙක්ගෙන්ම උත්තර ගත්ත බං කවුද බං මෙහෙම බලු වැඩක් කරන්නෙ..”
උපුටා ගැනීම: අරවින්ද සම්පත්