බුදු දහම හා විශ්වය…. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූතරයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය පරතික්ෂේප කරයි. අග්ගඤ්ඤ සූතරය අනුවත්, අංගුත්තර නිකායේ අසංඛෙයිය සූත්රරය අනුවත් විශ්වයට ඇත්තේ හැකිලෙන දිග හැරෙන දෝලන ස්වභාවයක් වන අතර එහි ආරම්භයක් හෝ අවසානයක් දැකගත නොහැකිය.
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්රිය වග්ගයේ අසංඛෙයිය සූත්රයේ සුතරයේ විග්රහය අනුව විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.
1. විවට්ඨ කප්ප – විශ්වය පරසාරණය වන කාලය.
2. විවට්ඨති කප්ප – විශ්වයේ පරසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.
3. සංවට්ඨ කප්ප – විශ්වයේ හැකිලීම සිදු වන කාලය.
4. සංවට්ඨති කප්ප – විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.
නවීන විද්යාවේ දියුණුව සමඟ දුරේක්ෂ නිර්මාණය වී විශ්වය හා එහි ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වීය. ඉතා බලවත් දුරේක්ෂයක් වූ හබල් දුරේක්ෂයෙන් විශ්වයේ ස්වභාවය නිරීක්ෂණය කරද්දී, විශ්වයේ ලෝක ධාතු එකින් එක කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බැව් නිරීක්ෂණය කෙරුණි. ඒ අනුව විශ්වය පරසාරණය වෙමින් පවතින බවට වූ බුදු වදන සැබෑවක් බව අද ඔප්පු වී තිබේ. මෙම පරසාරණය පැහැදිලි කිරීමට නිර්මාණය කෙරුණු විද්යාත්මක උපන්යාසය වනාහි ස්ටීවන් හෝකින්ස් ඇතුළු භෞතික විද්යාඥයන් මඟින් වර්ධනය කෙරුණූ මහා පිපිරුම්වාදයයි. (The Big Bang Theory)
විශ්වය ඈත අතීතයේදී සංයුක්ත පරමාණුවක් බවට පත්ව තිබී, එය පිපිරීමෙන් විශ්වයේ සම්භවය සිදු වූ බවට ඉන් පැවැසුණි. මෙහිලා මතුවූ අර්බුදය වනාහි මෑතක දී Higgs සහ Bosom ලෙස විද්යාඥයන් දෙපළකගේ නම් වලින් නම් කෙරුණු මෙම මුල් පරමාණුව, කෙසේ නිර්මාණය වූයේ ද? එය පුපුරා යෑමට මුල් හේතුව (Prime Mover) කුමක්වීද? යන්නයි.
දේවවාදීන් මෙහිලා පැවැසුවේ එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බවයි. ඊට පෙරලා විද්යාඥයන් පැවැසුවේ එම මුල් පරමාණුවේ සම්භවය ස්වාභාවික නීතීන්ගේ කරියාකාරීත්වයේම පරතිඵලයක් බවත්, ඇසට නොපෙනෙන භෞතික තල දෙකක ගැටීමෙන් එම පරමාණුව සම්භවය ලබා පුපුරා යන්නට ඇති බවත්ය.
මහා පිපිරුම්වාදයට විකල්ප ලෙස ඉදිරිපත් වූ දෝලනවාදී න්යායක් (A theory of oscillation) වූ Big Bounce නම් න්යායයට අද භෞතික විද්යා ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී ඇත. ඉන් කියැවෙන්නේ විශ්වයේ ඇත්තේ දෝලන ස්වභාවයක් බවයි. එනම් විශ්වය මහා පිපිරුමක පරතිඵලයක් ලෙස සකස් වී, පරසාරණය වී යද්දී, වසර බිලියන ගණනක ඇවෑමෙන් එම පිපිරුමේ බලය හීන වී ගොස්, ද්රව්යයන් අතර ගුරුත්වාකර්ශණ බලය කරියාත්මක වී විශ්වය හැකිළී යන බවය. එසේ හැකිළීමේ කරියාවලියේ යම් අවස්ථාවක ද්රව්ය වල සංයුක්තභාවය දරාගත නොහැකිව විශ්වය නැවත පිපිරී යන බවයි. මෙලෙස Big Bang නම් මහා පිපිරුම හා Big Crunch නම් වූ මහා හැකිළුම අතර කාලයන් තුළ විශ්වය පවතින බවයි. විශ්වයේ ආරම්භයක් නොමැති බවත්, ඇත්තේ පැවැත්මක් පමණක් බවත්, මෙම න්යායයෙන් කියැවේ. ඒ අනුව මෙම න්යාය අසංඛෙයිය සූතරයේ බුදු වදන හා සමානුපාතික වේ.
තවද විශ්වයේ ලෝක ධාතූන්ගේ ඇති සංකීර්ණ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කොට දී තිබේ.
රෝහිතස්ස සූතරයේදී බුදුරදුන් දේශනා කරන්නේ විශ්වය පරක් තෙරක් දැකිය නොහැකි අතිවිශාල එකක් බවයි.
සං.නි.1 අරුණාවතී සූතරයේදී සිඛී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි අභිභූ නම් හිමි නමක් ”ආරභථ නික්ඛමථ” යන ගාථාව සහස්සී ලෝක ධාතුව සිසාරා, ඇසෙන සේ පැවසූ බව ආනන්ද හිමියන් සමඟ වරක් බුදුරජාණන් වහන්සේ පැවැසුහ. අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ අවසාන සූතරය වූ චුලනිකා සූතරයේදී, මේ පුවත සිහිකරමින් ආනන්ද හිමියන් මෙසේ පරශ්න කරති. ”අභිභූ හිමියන්ට එබඳු හැකියාවක් තිබුණා නම්, භාග්යවතුන්වහන්සේට කොපමණ දුරට ශබ්දය ඇසීමට සැලැස් විය හැකිද ?” මීට පිළිතුරු දෙන භාග්යවතුන්වහන්සේ, ආනන්ද හෙතෙම (අභිභූ හිමි) ශරාවකයෙකි. භාග්යවතුන් වහන්සේලාගේ හැකියාව පරමාණ කිරිමට නොහැකි වෙතියි පිළිතුරු දුන්හ.
එහෙත් ආනන්ද හිමියන් නැවත නැවත පරශ්න කළ බැවින් විශ්වයේ විපුලත්වය පිළිබඳ විවරණය කරමින් බුදුරජාණන්වහන්සේ මෙසේ පිලිතුරු දුන් සේක.
“ආනන්ද, යම්තාක් සඳ – හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලූ දිශාවන් බබළමින් ආලෝකමත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්ය රජවරු දහසකි. චතුම්මහාරාජික දහසකි. නිර්මාණරති දිව්යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුව වේ. ද්වී සහශරි මජ්ඣිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි. ආනන්ද, මෙන්න මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා භාග්යවතුන් වහන්සේට අවශ්ය නම් ආලෝක ධාරා යවා ඒ ඔස්සේ ශබ්දය යවා, පිටසක්වල ජීවීන්ට ධර්මය දේශනා කළ හැක්කේය.”
මෙම බුද්ධ දේශනාව දෙස මුල සිට අවධානය යොමු කිරීමේදී, පළමුව පැහැදිලි කරගත යුත්තේ සහස්සී ලෝකධාතුව දක්වා අප හිරු – සඳු හැසිරෙමින් ආලෝකය විහිදුවන්නේද? යන්නයි. හිරු සඳු (චන්ද සූරියෝ) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ සෞරග්රහ මණ්ඩලයම විය හැක. වර්තමාන විද්යාඥයින් සොයාගෙන ඇති ලෙස අපගේ සූර්යයා ඇතුළු සෞරගරහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගන්නා අතර, එම වටය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වසර මිලියන 230 කි. එම කාලය Galatic Year එකක් ලෙස හැඳින්වේ. මෙලෙස අප සූර්යයා ඇතුළු සෞරගරහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණියේ ජීවයට හිතවත් පරදේශය (Life healthy field) හි වටයක් කරකැවෙද්දී, අප සූර්යයාගේ ආලෝකය තරුවක් ලෙස ක්ෂීරපථ මන්දාකිණියේ කෙළවර දක්වා විහිද යයි. එහෙයින් සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වුයේ ක්ෂීරපථ මන්දාකිණිය බැව් අනුමාන කළ හැකිය.
මීළග ගැටළුව වන්නේ දඹදිව් අපරගෝයාන උතුරු කුරු දිවයින් පූර්ව විදේහ හා මහාමේරු පර්වත යනු කුමන ඒවාද? අනෙක් ලෝකවලත් එබඳුම මහද්වීප පවතිද්ද ? යන්නයි. ‘
සූතර පිටකයෙන් හෙළිවන පුරාණ ලෝක විස්තරයේ කියැවෙන්නේ, මහා පෘථිවියෙහි මහාමේරු පර්වතය පිහිටා ඇති බවය. ඊට උතුරින් උතුරුකුරු දිවයිනත්, නැගෙනහිරින් පූර්ව විදේහයත්, දකුණින් දඹදිවත්, බස්නාහිරින් අපරගෝයානයත් පිහිටා ඇති බවයි.
වත්මන් විද්වතුන් විශ්වාස කරන්නේ මහාමේරු පර්වතය වනාහී ආක්ටික් මහා අයිස් කන්ද නොහොත් උත්තරධරැවය බවත්, ඒ වටා පිහිටි ඇමරිකා මහද්වීපය උතුරුකුරු දිවයින ලෙසත්, පූර්ව විදේහය ලෙස ඕස්ටේරලියා මහද්වීපයත්, දඹදිව ලෙස ඉන්දියාව පරමුඛ ආසියා – යුරෝපා මහද්වීපයත්, අපරගෝයානය ලෙස අපරිකා මහද්වීපයත් අදහස් කළ බවය.
පළමුවන ධර්ම සංගායනාවේදී ධර්මය සූතර ලෙස සකස් කිරිමේදි සජ්ඣායනා කිරිමට පහසු ලෙස බුද්ධ දේශනා සකස් කෙරුණි. අනෙකුත් විශ්වයේ ලෝකවලද මෙලෙසම මහද්වීප පවතින බවට උක්ත දේශනාවෙන් පෙනෙන්නේ, එසේ අප ලෝකයේ මහද්වීප (Inhabited Regions) අනුවම යමින්, අනිත් ලෝකයන් ද ඊට ඇතුලත් කළ නිසා බව පැහැදිලිය. එය සජ්ඣායනාවට පහසු ලෙස සකස් කිරීමට ගොස් ඇති වූ දෝෂයක් බැව් පෙනේ.
මීළගට අවධානය යොමු කළ යුත්තේ, බුදුරජාණන්වහන්සේ ආලෝක ධාරා යවා, ඒ දිගේ ශබ්දය යවන බැව් පරකාශ කළේ මන්ද? යන්නයි. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ, අප පෘථිවියේ වායුගෝලයෙන් එපිට ඇත්තේ රික්තයක් බවත්, එහි ශබ්දය ගමන් නොගන්නා බැව් බුදුරදුන් දැන සිටිය බවත්, ඒ අනුව ශබ්දය සන්නිවේදනයට නම් සිදු කළ යුත්තේ රික්තයේ ගමන් ගන්නා ආලෝකය හරහා ශබ්දය යැවීම බවත්, බුදුරදුන් දැන සිටි බවයි.
මේ සියල්ලටම අමතරව තවත් විස්මිත කරුණක් වනුයේ බුදුන්වහන්සේ පහත දේශනාව විශ්වයේ ඇති සුවිශේෂී සංසිද්ධියක් වන කලුකුහර සම්බන්ධයෙන් අනාවරණය කළාක් මෙන් පෙනී යාමය. එම දේශනාව මෙසේය.
අත්ථි, භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථමිමෙසං චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභාය නානුභොන්තී’’ති.
“මහණෙනි, ලොකයන්ගෙන් අතරෙහිවූ වැස්මක් නැත්තාවූ අඳුරෙන් පිරී ගියාවූ මේ මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ චන්ද්ර සූර්ය්යයන්ගේ ආලෝකය නොවැටෙන්නාවූ ආකාශ කුහරයෝ ඇත්තාහ”
සංයුක්ත නිකාය, සච්ච සංයුක්තය , පපාත වර්ගය, ලෝකන්තරික සූත්රය.
මෙබඳු විශ්වය පිළිබඳ සුවිශේෂී කරුණු වසර දෙදහස් පන්සියයකට ඉහතදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට, සංඝයා විසින් සූත්රගත කොට තිබීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ සතුව තිබූ “ලෝකවිදූ” ඥානයයි. උන්වහන්සේගේ විස්මිත ප්රඥාවට හා අනාවරණ ඥානයට මේවා සාක්ෂිය….
……………..අන්තර්ජාලය ඇසුරෙනි…………..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!