අපේ ගෙදර බුදු පහන පත්තු කරන්නේ අම්මා
තමයි හවසට. බුදු පිංතූරයක් එතන තියලා පිළිවෙළට ලස්සනට එතන හැමදාම අම්මා බුදු පහන තියන්න පුරුදු වෙලා තිබුණේ. අම්මා කොහේ හරි ගිහින් එන්න රෑ වුනොත් මාත් බුදු පහන පත්තු කරා. ඒත් කලාතුරකින්.
මාව බුදු පහනට උස තිබුණේ නැති නිසා මං ගෙදර තිබුණු පුටු අරගෙන ඒවා එක උඩ එක උඩ තියලා තමයි කලාතුරකින් බුදු පහන තියන දවසට ඒ වැඩේ කරන්න වුනේ. මොකද මං ඒ වෙනකොට ප්රාථමික පංතියේ දරුවෙක් නිසා හරි පොඩියි.
දවසක් ඉස්කොලේ පාඩමක් කරන අතරතුර තමයි ගුරුතුමා අපිට කිවුවේ “බුදුන් ඉන්නේ ගෙදරය, ඒ අම්මාය” ඔය කතාව මගේ හිතට ලොකු ප්රශ්නයක් වුනා. බුදුන් අම්මනම් ඇයි අපි අර ගෙදර තියලා තියෙන බුදු පහනට පහන් පත්තු කරන්නේ කියලා අනන්තවත් මට හිතුනා.
ඒක මගේ හිතට ලොකු ප්රශ්නයක් වුනා. ඇත්තටම අර පිංතුරේ ඉන්න බුදුන්ව මං දැකලා නැති නිසා ඒ පිංතූරේ වෙනුවට අම්මගේ පිංතුරයක් එතනින් තියලා අම්මගේ පිංතූරෙට පහන් පත්තු කරානම් හොඳයි කියලා මට හිතුනා.
එදා අම්මා ගෙදරින් එළියට බැස්සේ “මං එන්න පරක්කු වුනොත් උඹ බුදු පහන තියපං” කියලා එදා ගෙදර අම්මත් නැති නිසා මං අම්මගේ ෆොටෝ එකක් හෙව්වා පැය ගානක් තිස්සේ. ඒ හොයලා එකම එක ෆොටො එකක් හම්බුණා. ඒකත් අයිඩෙන්ටි කාඩ් එක. කමක් නෑ මොකක් හරි අම්මගේ ෆොටෝ එකක්නේ කියලා හිතාගෙන බුදු පහන ලඟ තිබුණු කලින් පිංතූරේ එතනින් අයින් කරලා අම්මගේ ෆොටෝ එක තියලා එදා බුදු පහණ තිබ්බා.
ආයෙත් කල්පනා වුනා හැමදාම බුදු පහන මම තියන්නේ නෑනේ අම්මත් බුදු පහන තියනවා නේද කියලා. එතකොට මතක් වුනා අම්මගේ, අම්මගේ ෆොටෝ එකකුත් බුදු පහන ලඟින් තියන්න ඕන කියලා හිතාගෙන ගෙදර පෙරලලා ආච්චිගේ ෆොටෝ හොයද්දියි හම්බුනේ ආච්චි මැරුණු වෙලාවේ ගහපු පෝස්ටර එකක්.
මං ඒ පෝස්ටර් එකේ ෆොටෝ එක අරගෙන බුදු පහන ලඟින් අනිත් පැත්ත හරවලා තිබ්බා. අම්මා පහන තියන දවසට හරි පැත්ත හරවලා අම්මා පහන තියයි කියලා හිතාන.
එදා රෑ අම්මා ආපු ගමන් බැලුවේ මං බුදු පහන තියලද කියලා මොකද සමහර දවස් වලට මට ඒක කරන්න අමතක වෙන නිසා. අම්මා පහන දිහා බලපු ගමන් එතනට ගිහින් අයිඩින්ටිය ඇදලා ගත්තේ මගේ කනෙන් අදින ගමන්.
“කවුද උඹට කිවුවේ මගේ අයිඩින්ටියට පහන් පත්තු කරන්න කියලා”
“අයිඩින්ටියට නෙවෙයි පහන් පත්තු කරේ ෆොටෝ එකට”
“කවුද කියපන් කිවුවේ ෆොටෝ එකට පහන් පත්තු කරන්න”
“කවුරුත් කිවුවේ නෑ”
“ඉස්කොලේ ස ස ස් සර්
“ගොත ගහන්නේ නැතුව කියපන් ඉස්කොලේ සර් මොකක්ද කිවුවේ”
“බුදුන් කියන්නේ අම්මා” කියලා සර් කිවුවා
සර්ට කියපන්