මගේ යාලුවෙකුට සෝවියට් දේශයේ ඉගෙන ගන්න එන කොට කවුරුහරි තෑග්ගට පොඩි බුදු පිලිමයක් දීලා. එයා එහෙම ආගම අදහන කෙනෙක් නෙවෙයි. මිනිහා බුදු පිලිමය පොත් රාක්කෙ උඩින්ම තියල තිබුනේ කෙසේ වෙතත්.
දවසක් මිනිහගෙ උගුර රිදෙන්න අරගෙන දොස්තර හමු වෙන්න ගිහිල්ලා. දොස්තර බෙහෙත් වගයක් දීලා, ඒවා කුඩු කරලා වතුරේ දිය කරලා උගුර හෝදන්න කියලා. මිනිහ කාමරේට ඇවිල්ලා ඒ පෙති කුඩු කරන්න දෙයක් නැතිව අර බුදු පිලිමේ අරගෙන, ඒකෙන් තද කරලා පෙති කුඩු කරන්න අරගෙන.
ඒ වෙලාවෙ තව ලංකාවෙ කෙල්ලෙක් ඇවිල්ලා මොනව හරි වැඩක් කරවගන්න එයාට කියලා එයාගෙ කාමරේට. මිනිහා අර කරන වැඩේ දැක්කම (දැන් මේක දැක්කම සමහරුන්ට මල පනිනව වගේ) එයාට තරහ ගිහිල්ලා.
‘කැත වැඩ කරන්න එපා බං’
‘මේ පිලිමෙන් මෙහෙම උදව්වක් නැත්නම් වැඩක් තියෙනව ද?’
‘දීපං, මම අරන් යනවා පිලිමෙ මගේ කාමරේට උඹ ඒකට වඳින්නෙ නැත්නම්’
‘යකෝ පිලිම වන්දනා කරන්නේ ජයිනයෝ. ඒක ජයින ආගමෙන් ගත්තු එකක්’
කියල තවලොකු ටෝක්ස් දාලා. අර කෙල්ල අරූගෙන් පිලිමෙ උදුරගෙන ගිහිල්ලා.
මිනිහා අපේ පාටි එකක් වෙලාවේ කවුරුත් ඉස්සරහ අර කෙල්ලගෙන් අහනවා
‘දැන් උඹ ඇඳුම් එහෙම ගලවලා, ඇඳුම් මාරු කරන කොට අර පිලිමෙට පේනව නේ. මම කරාටත් වඩා කැත වැඩක් නේ අගෞරවයක් නේ බුදුහාමුදුරුවන්ට කරන්නේ’
අර කෙල්ලගෙ මූන රතුවෙලා ලැජ්ජාවෙන්.
‘පලයං යන්න. උඹ මොකට ද මගෙ ඇඳුම් ගලවන ඒවා ගැන හිතන්නෙ’ කියල කිව්වට,
ඒක තදින්ම ඔලුවට ගිහිල්ලා, ඊට පස්සෙ ඒ කෙල්ල ඇඳුම් මාරු කරන කොට බුදු පිලිමේ අනික් පැත්තට හැරෙව්වලු, ඇඳුම් මාරු කරන එක පිලිමෙට නොපෙනෙන්නට කියලා. මේ ලඟදි හමු වුනු වෙලාවක මට එයා ඒක කිව්වේ මේ කතාව මතක් කලාම. මේ කතාවෙ චරිත දෙකම මගෙ ලිස්ට් එකේ ඉන්නවා. කියවලා කොමෙන්ටුත් දාවි සමහරවිට.
උපුටා ගැනීම: Devapriya Siriwardena