බුලත් විටෙන් ජීවිතය බේරාගත් වසභ රජු (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වසභ රජතුමා  කියන්නේ  අතීතයේ ජීවත් වුණු රජ්වරු අතරින් තවත් වැදගත් ස්ථානයක් හිමිකර ගත් රජ  කෙනෙක්.  වසභ රජ්ජුරුවන්ගේ ජීවිත කතාව ගැන කතා කරද්දී රජතුමා මරණයෙන් බේරෙන අපූරු අවස්ථාවක් පිළිබඳ තමයි අපි අද කියන්න යන්නේ.

ශුභ රජුගේ රාජකීය අණ

අතීතේ අධර්මිෂ්ඨව රාජ්‍ය පාලනය ගෙන ගිය ශුභ නැමැති රජ කෙනෙක් හිටියා.ඉතින් මේ රජතුමා රජකම ලබා ගත්තේ  යසලාලකතිස්ස   නම් වූ රජු බොරු චෝදනාවක් හේතුවෙන් හිස ගසා මරා දැමීමෙන්. එතැන් පටන් රාජ්‍ය පාලනය ලබා ගන්නා මේ රජු  නිරන්තරයෙන්ම  සැකෙන් හා විශ්වාසෙන් දින කල් ගත කරා. ඉතින් නිරන්තරයෙන්ම මේ රජතුමා දැඩි අවිස්වාසය හේතුවෙන් ම නැකත් කරුවන්ගෙන් තමන්ගේ අනාගතය පිළිබඳ නිතරම විමසුවා. ඉතින් මේ වගේම අනාවැකි අහන්න රජතුමා සූදානම් වුණු දවසක දී රජතුමාට අහන්න හම්බුනේ ඉතාමත් අසුබ අනාවැකියක්.

ඒ නැකත්කරුවා පැවසුවේ  නුදුරු අනාගතයේදී වසභ නැමැති නම් ඇති තැනැත්තෙකු විසින් තමන්ගෙන් රජකම පැහැර ගන්නා බවයි. ඉතින් මෙය ඇසීමෙන් පසු දැඩි කෝපයට  පත්වන රජතුමා තම සේවකයන්ට අණ කරනවා රටේ වසභ නම්  නමින් ජීවත්වන සියලුම දෙනා මරා දමන්න කියලා. ඉතින් රජුගේ අණ පරිදි සියලු ම දෙනා  ගම් නියම් ගම් ගම්හි සැරි සරා වසභ නම් ඇති පුද්ගලයන් මරා දාන්න පටන් ගත්තා.

ඉතින් මේ අතර රජුට ඉතාමත් පක්ෂපාතීව වැඩ කටයුතු සිදු කළ වීරබාහු  නැමැති සෙන්පතියෙක් හිටියා.ඉතින් ඔහු රජු කියන හැමදේම ඒ විදිහට අකුරක් නෑර ඉටු කරපු පුද්ගලයෙක්.ඉතින් වසභ රජතුමා කියලා කියන්නේ මේ වීරබාහු සෙන්පතියා යටතේ සේවය කරමින්  ඔහුගේ නිවසේ ම නවාතැන් ගෙන සිටි ඔහුගේ ම ඥාති හොයුරෙක්.

ඉතින් වීරබාහු සෙන්පතියා කල්පනා කරනවා රජුගේ තීරණය අනුව මේ පුද්ගලයා  රජු කරා රැගෙන ගොස් හිස ගසා මරා දැමිය යුතු බව .ඔහු එතරම් රජුට පක්ෂපාතී සේවකයෙක් වුණා.

ඉතින් මේ ආකාරයෙන්  රජ මාලිගාවේ සේවය අවසන් කර නිවස බලා පිටත් වුණු වීරබාහු සෙම්පතියා ඇඟපත සෝදා රාත්‍රී ආහාරය සඳහා සූදානම් වුණා . ඉතින් වීරබාහු සෙන්පතියාගේ බිරිඳ උනේ මෙත්තා බිසවයි .මේ මෙත්තා බිසව කියන්නේ වසභ රජතුමාට ගොඩක් ආලෙන් හිටපු තරුණියක් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නෙ.

ඇය වීරබාහු සෙන්පතියාගේ බිරිඳ වුණත් නිරන්තරයෙන්ම වසභ රජතුමා ගැන ආලයෙන් පසුවුණා.ඉතිං කෑම කා අවසන් කර පසු මේ වීරබාහු සෙන්පතියා  රජතුමා නිකුත් කරපු රාජ අණ පිළිබඳව මෙත්තා කුමරියට පවසනවා.

බෑණනුවන්ගේ නම වසභ බව රජතුමාට නොදන්වා තමා අකාලේ දඬුවම් විඳීමට අකැමැති බව ඔහු දිගින් දිගටම පැවසුවා . ඉතින් වසභ නැමැති පුද්ගලයන් හිස ගසා මරා දමන බව ඇසූ විගස ම මෙත්තා කුමරිය දැඩි කම්පනයට පත්වෙනවා.වීරබාහු සෙම්පතියා මේ රාජ අණ පිළිබඳව තමන්ගේ බිරිඳව දැනුවත් කරන්නේ රාත්‍රී කාලයේ ඉතින් ඒ නිසාම මෙත්තා කුමරියට වසභ බෑණනුවන්ට මේ පිළිබඳව දැනුම් දෙන්නට සිද්ධ වෙන්නේ නැහැ.

ඉතින් වසභ රජතුමා පිළිබඳ කලකිරීමට පත් වෙන මෙත්තා කුමරිය  ඒ පිළිබඳ තම ස්වාමියාට අල්ප මාත්‍රයක් වත් ඇඟවීමක් කළේ නැහැ .ඇය නිරන්තරයෙන්ම හැසුරුණේ ඔහුගේ මේ ක්‍රියාදාමයට  උදව් කරන ආකාරයෙන්.ඉතින් ඒ නිසාම සෙන්පතියාටත් තම බිරිඳ ගැන අල්ප මාත්‍රාවක අවිශ්වාසයක් තිබ්බේ නැහැ.

සෙන්පතියා නින්දට ගිය පසු මේ ගැන සිතමින් මෙත්තා කුමරිය ගත කළේ නිදි වර්ජිත රාත්‍රියක්.වසභ බෑණනුවන්   බේරා ගැනීමට නොයෙකුත් උපක්‍රමයන් කල්පනා කරන ඇයට අලුයම ලගා වෙනතුරුත් කිසිවක් කල්පනා වෙන්නේ නැහැ.

මෙසේ හඩමින් ශෝක වෙමින් නිදි වර්ජිතව ගත කළ කාලය අවසන් කර මෙත්තා කුමාරිය උදෑසනින්ම අවදි වෙලා තම ස්වාමියාට රජවාසල සඳහා පිටත් වීමට පෙර සකස් කළ යුතු පාතරසය හෙවත් උදෑසන ආහාරය සකස් කළා. නිවසින් පිටත් වීමට පෙර තම ස්වාමියාගේ සියලුම දෙ සකස්කර දෙන්නේ මෙත්තා කුමරියයි.ඉතින් බුලත්විට මල්ල කියලා කියන්නේ  මේ සෙන්පතියා ගමනක් යන්න පිටත් වෙද්දී අනිවාර්යෙන්ම රැගෙන යන දෙයක්.ඉතින් පුරුද්දක් වශයෙන් මේ බුලත් විට මල්ල නිතරම රැගෙන යන්නේ වසභ බෑණා.

ඉතින් එදත් මේ ආකාරයෙන්ම මෙත්තා කුමරිය බුලත්  විට මල්ල සකස් කර වසභ බෑණට දුන්නා සෙන්පතිතුමා ට අවශ්‍ය මොහොතේදී ලබා දෙන්න කියලා . ඉතින් මේ සෙන්පතියාගේ පුරුද්දක් තමයි රජවාසල කිට්ටු වෙද්දීම බුලත්විට මල්ලෙන් බුලත්විටක්  ගෙන හැපීම.ඉතින් එදත් සුපුරුදු පරිදිම ඔහු බුලත් විට මල්ල ගෙන විටක් හපන්න සූදානම් වුණා.ඉතින්  විටක් සැපීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික සකස් කරන අතරතුර සෙන්පතිට මොකක් හෝ දේක අඩුවක් දැනෙනවා ඔහුට එකපාරටම මතක් වෙනවා බුලත් විට මල්ලේ  හුණු කිල්ලෝටය නැහැ කියලා.

ඉතින් මේ සෙන්පතියා  වසභ පිටත් කර හරිනවා නිවසට ගිහින් වහාම හුණු කිල්ලෝටය අරන් එන්න කියලා .ඉතින් හෝරා කීපයකට පස්සේ ආපහු හැරිල එන වසභ දිහා බලාගෙන ඉන්න මෙත්තා තමන්ගෙ උපාය සාර්ථක වුණු බව සිතා ඉතා සතුටට පත් වෙනවා .

වහාම ඔහු වසභ බෑණනුවන්ව පසකට අඬ ගසා ගෙන ගොස් තමන්ගේ ස්වාමියා  අද ඔහුව රැගෙන ගියේ රජතුමාට භාරදීමට බවත් එය වැලක්වීමට ඇය  මේ උපාය යොදාගත් බවත්  ඔහුට සඳහන් කළා.සියලුම දේ පැවසීමට මේ සුදුසු අවස්ථාවක් නොවන නිසා මෙත්තා කුමරිය කහවණු දහසක් ඔහු අතට ලබා දී රහස් මාර්ගයක් ඔස්සේ අනුරාධපුර ප්‍රදේශයෙන් පලා යන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා.

ඉන් පසු තම නැන්දණිය ගේ උපදෙස් අනුව පලායන වසභ පසුකාලීනව ශුභ  රජුන්  රාජ්‍යයෙන්  නෙරපා හැර රාජ්‍ය බලය ලබා ගන්නවා. ඉන් පසු මේ සියලු දේ සිදුවීමට තමන්ට උදව් උපකාර සිද්ධ කළ තමාට හොර රහසේම  පෙම්බැඳි මෙත්තා කුමරිය අගමෙහෙසුන් බවට පත් කරගෙන ඉතා සාර්ථකව රාජ්‍ය පාලනය කරමින් ජීවත් වුණා.ඉතින් පුංචි විටක් මල්ලකින් තම ජීවිතය බේරා ගත් එකම රජු ලෙස මොහු ඉතිහාසයට එකතුවන්නේ සියල්ල ම පුදුම කරමින්.

උපුටා ගැනීම:  M.ශෂිකලා මධුෂානි
B.A in Communication Studies

The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!