Bus Driver (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
(සත්ය කතාවකි).
1970 ගනන්වල තිබුනෙ CTB බස් විතරයි.
මට මතක හැටියට මෙහේ (කිරිඳිවැල) ඩිපෝවෙ තිබුනෙ පරණ Leyland Comet බස්.
ඒ කාලෙ ලංගම බස්, මිනිස්සුන්ගෙ ජීවිතවලට ගොඩක් සමීපයි.
පොඩි උන් සෙල්ලමට කරන්නෙත් බස් එලවන එක.
“ඈඈඈඈ……….oo….” කියල බස් එකේ සද්දෙ විදිහටම කෑගහගෙන අත් දෙකෙන් steering wheel එක කරකව කරකව, දුවන එක තමයි වැඩේ. වම් අතින් ගියරුත් දානව. “බීඊඊ….ක්” කියල හෝන් එකත් ගහනව.
“චූටි” කියල අපේ යාලු කොල්ලෙක් හිටිය. (දැන් අවුරුදු පනස් ගානක්. තමන්ගෙ පාඩුවෙ ජීවත්වෙන හරිම අහිංසක මිනිහෙක්).
මේ බස් එලවන පිස්සුව එයාට තදේටම තිබුන. මිනිහ කොහේ ගියත් යන්නෙ බස් එකේ.
කාලයක් යනකොට චූටි ලොකු ඉලංදාරියෙක් උනා. ඒත් අර බස් එලවන වැඩේ නවත්තගන්ඩ එයාට බැරි උනා.
ලොකු චූටිත් ගමේ ගොඩේ පාරවල්වල, වෙලේ නියරවල් දිගේ යන්නෙ බස් එකේමයි.
ගමේ අයට මේක දැකලම එච්චර ගානක් නෑ.
ඔහොම ඉන්නකොට චූටිට කසාද බඳින්ඩ ඈත ගමක ගෑනු ළමයෙක් ගැන මගුල් යෝජනාවක් ආව.
දෙපාර්ශවයම වැඩේට කැමති උනා. ගෙවල්වල යන්ඩ එන්ඩත් පටන් ගත්ත.
දවසක් හදිසියේම මනමාලිගෙ ගෙදර අය කියන්නෙත් නැතුව චූටිලගෙ ගෙදර ආව.
මනමාලය ගෙදර හිටියෙ නෑ.
දැන් ඔන්න ආව අය, ගෙදර අනෙක් අයත් එක්ක කතා කර කර ඉන්නව.
අපේ යාලුව කොහෙදෝ ඉඳල බස් එකේම කෑ ගහගෙන ගෙදර ආව. කඩාගෙන බිඳගෙන ගේ ඇතුලටම ඇවිත්, “බ්රාස්….” කියල බ්රේක් ගැහුවෙ හරියටම අර නෑදෑයො ටික ඉස්සරහ.
මේයකා ඒත් ඒ කට්ටියව දැක්කෙ නෑ.
බ්රේක් ගහල නවත්තල පැත්තකට බලාගෙන (සයිඩ් කන්නාඩිය දිහා), බස් එක කාමරේකට රිවර්ස් කරල.
උපුටා ගැනීම:  Thembilikotuwa Manchanayake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!