බස් රථයේ කරදර කාන්තාවන්ට පමණ ද…? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බොහෝ දෙනා කතා කරන්නේ බස් රථවල ගමන් කිරීමේ දී කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන පීඩාවන් ගැනයි…එහෙත් ඇතැම් අවස්ථාවල පුරුෂ පක්ෂය ද බස් රථ තුළ නොසිතූ විරූ අකරතැබ්බයන්ට මුහුණ දෙන අවස්ථා ඇත…මෙය මා දුටු සත්ය සිදුවීමකි…
එය රාජගිරියේ සිට කොට්ටාව බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි…බස් රථයට ගොඩ වී මද වේලාවකින් මා සිටි අසුනට පිටුපස වූ අසුනකින් ඇසුණේ මහත් ගෝරනාඩුවකි…ඒ ගෝරනාඩුව කාන්තාවක් සහ තරුණයෙකු අතර ය…කාන්තාව වයස අවුරුදු 35ක පමණ පෙනුමින් යුත් ශරීරය තරමක් නිරාවරණය වූ ඇදුමක් ඇද සිටි අයෙකි…
කාන්තාව : මොකද හලෝ ඇගේ
ගෑවෙන්නෙ…? පොඩ්ඩක් එහාට
යනවකො…
තරුණයා : කවුද ඕයි තමුසෙගෙ ඇගේ
ගෑවුණේ…?
කාන්තාව : ඇයි දැන් මගේ ඇගේ ගෑවුණේ…
බස් එකක නිදහසේ යන්න නැති
හැටි…
තරුණයා : ඕයි පිස්සුද තමුසෙට…? මොකක්ද
තියෙන අමාරුව…? මම මගේ
පාඩුවේ යන්නෙ…
දැන් මේ සංවාදය බස් රථයේ සිටින සියල්ලන්ට ම මහත් විනෝදයකි…ඔවුහූ එකිනෙකා දෙස බලමින් සිනාසෙති…සමහරු පිටුපස හැරි හැරී මේ දෙදෙනා දෙස බලති…
මද වේලාවක් ගතවන තුරු නිහඩතාවයකි…අනතුරුව යළිත් කාන්තාව හඩ අවදි කළා ය…
කාන්තාව : ඔයාට කියන සිoහල
තේරෙන්නෙම නැද්ද …?
තරුණයා : මොකද ඕයි තමුසෙට ඇත්තටම
වෙලා තියෙන්නෙ…? මොකක් හරි
ලෙඩක් ද…?
කාන්තාව : මට නෙමෙයි ලෙඩේ තමුසෙටයි…
කෙල්ලන්ට පාඩුවේ යන්න දෙන්
නැත්තෙ ඒකයි…
තරුණයා : කෙල්ල…මොන කෙල්ලෙක් ද ඕයි
තමුසෙ…? තමුසෙ හිතාගෙන
ඉන්නෙ තමුසෙ හරි කෑල්ලක්
කියල ද…? පාඩුවෙ යනවා කන
පලාගන්නෙ නැතුව….
දැන් බස් රථයේ සිටින සියල්ලෝම කොක් හඩලමින් සිනාසෙති…තරුණයා කෝපයෙන් පුපුරු ගසන බව දැනගත් කාන්තාව වහා තම අසුනින් නැගිට ඊළඟ නැවතුමෙන් බැස ගියාය…
ලංකාවේ බස් රථ තුළ කාන්තාවන්ට සිදුවන අතවර සුලබ ය…එහෙත් මෙතැන සිදුවූයේ එවැන්නක් නොවේ…තරුණයා සංවාදය නතර කරන මොහොතක් මොහොතක් පාසා කාන්තාව මුළු බස් රථයට ම ඇසෙන පරිදි තමන්ට අතවරයක් වූ බව අගවන්නට උත්සාහ කරයි…
තරුණයා ද කටකාරයෙකි…එනිසා ඔහුට මේ කාන්තාවගෙන් ගැලවෙන්නට හැකිවිය…එසේ නොමැති වූවා නම් සිදුවන්නේ ඔහුට බසයේ සිටි අන් මගීන්ගෙන් ගුටි කන්නට ය…
මේ සිදුවීම දකින තුරු මා සිතා සිටියේ බස් රථවල අතවරයට ලක්වන්නේ කාන්තාවන් පමණක් බවයි…එහෙත් පිරිමින් ද නොසිතූ විරූ අකරතැබ්බයන්ට ලක්වන බව ඉහත සිදුවීමෙන් වටහා ගත්තෙමි….😀😀😀😀

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!