ගිය සතියෙ සතිය මැද ආව තෛයිපොංගල් නිවාඩුව දවසෙ උදේම මගේ අතිජාත මිතුරියක් කියන එකියක්ගෙන් මැසේජ් එකක්..
“ගුඩ්මෝර්නිං නිමෝ .අද නිවාඩු නේ උබ.අනේ මා එක්ක සැලෝන් එකට ගිහින් එමුකො.”
භාරකාරීත්වයෙන් අවසර අරන් ඔන්න දැන් යන්නයි ලෑස්තිය.මාව යාලුවගෙ ගෙවල් ලගින් දාලා, අපි එනකම් මනෝජ් යාලුවගෙ හබිය එක්ක කයියක් දාගෙන ඉන්නම් කියලා කිව්වා නිසා ඔන්න මනුස්සයා එක්කම ගියා අරුන්ගෙ ගේ ගාවට.ගත්තා කෝල් එකක්
“ඇවිත් ඉන්න වරෙන්” කියලා.
හිටපං විනාඩියෙන් එන්නම් කියලා, එහා පැත්තෙන් යාන්තමට කියනවා ඇහුනා.ඉතින් පඩිපෙල නැගලා ආපහු බහින්න තියෙන කම්මැලිකමට ඔන්න දැන් පාරට වෙලාම හිටියා දෙන්න එක්ක.අපි ගියාට පස්සෙම උඩට යනවා කියලා මනෝජ් කොල්ලත් මා එක්ක කයියක් දාගෙන පාරට වෙලාම හිටියා.
විනාඩියෙන් එන්නම් කියලා කිව්ව එකී විනාඩි දහයකින් විතර ඔන්න එනවා පඩිපෙල බැහැගෙන මිනිහගෙ අතකත් එල්ලීගෙන නිකං උන්මාදචිත්රායි දීඝ ගාමිණී වගේ .එතකොටම ඈතින් ටවුන් එකට යන බස් එකත් එනවා පප්පර පප් පප් පප්පප් පා කියලා සුමිහිරිව හෝන් එකත් ගහගෙන.
අරකි පඩිපෙල උඩ ඉදන්ම
“ඕක නවත්තපං නිමා”
කියලා කෑගහගෙන අරුගෙ අතත් ගසලා දාලා දුවන්න පටන් ගත්තා නිකං ලෝකෙටම තියෙන අන්තිම බස් එක මිස් වෙන්න යනවා වගේ ෆීලිං එක්ක මූනට දාගෙන.ඒකිගෙ හබියා උඩ ඉදන්
“හරේ හරේ කමෝන් කමෝන් “
ගගා වලලන්න හදනවා..මමත් මොකද, එක පාරටම බයික් එකෙන් පැනලා ගවුමත් කරට අරන් ගිහින් බස් එකට අතදික් කරලා පාරට පැනලා භරත නැටුමක් එහෙම නටලා බස් එක නවත්තගත්තා.ජයග්රාහී හිනාවක් මූනට අරන් නැග්ගා බස් එකට.අරකිත් දුවන් ඇවිත් නැග්ගා.
බස් එකට නැග්ගාම මහා තොරණ් රාජයා දිහා බලන් ඉන්නවා වගේ මුලු බස් එකේම මගීජනයා මා දිහා බලන් කටවල් වහගෙන හිනා වෙනවා.මොන මරාලයක්ද යකෝ ඒගමන කියලා හිත හිත මා එක්ක ආපු එකී දිහා බැලුවා උදව්වක් බලාපොරොත්තුවෙන්.කොහෙද ඒකි ලවක් දෙවක් නැතුව බෑග් එක ඇද ඇද මොනාද හොයනවා.ඒ අස්සෙ ඩ්රයිවර් අන්කල් මා දිහාවට හැරිලා මොනාද කියනවා.මාස්ක් එක දාලා හින්දා ඒ මනුස්සයා කියන එක මට තේරෙන් නෑ.අංගචලන වලින් කියන දේ තේරුම් ගන්න මොකද මම ගොලුභාශාව ප්රගුන කරලත් නෑනෙ.
ඔන්න ඒ ගමන ඩ්රයිවර අන්කල් මාස්ක් එක ගලෝල අතට අරගෙන හිනාවත් තදකරගෙන ඝ්ණ්ඨාර කටින් අර කලින් කිව්ව උදාන වාක්යය ශබ්ද නගා වාතලයට මුසු කලා.
“දුවේ හෙල්මට් දාන් යන්න මේක රොකට් එකක් නෙමෙයි බස් එකක්.ඒ හින්දා ඕක ගලෝල තියලා එන්න “
අම්මටසිරි ලදේ මල්කාන්ති ලිදේ කිව්වලු.බස් එකේ බිමට ගහලා තියෙන තහඩු ටික දෙබෑ කරගෙන පොලොවත් පලාගෙන අපාගත වෙන්න හිතුනා පිංවතුනි.මට අමතක උනා කියමුකො ,ඒත් මම හෙල්මට් එක දාගෙන බස් එකට නගිනවා මා එක්ක ආපු අර ආත්රපෝඩාවටවත් පෙනුන් නැද්ද ,එතකොට මා එක්ක බස් එකට නැගපු ගස්නෑම්බිට පෙනුනෙත් නැද්ද,අර උඩුමහන්තලේ ඉදන් වටේටම සීසීටී එක ගහන් හිටපු ඒකිගෙ මිනිහට පෙනුනෙත් නැද්ද…නෙදකින් මුන් නම් සාංසාරික හතුරො මගේ..තූ
හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ කියලා හිත හදාගෙන හෙල්මට් එක ගලෝල, දුවලා ගිහින් අර ආත්රපෝඩාවගෙ අතට දීලා ඌට වෝල්ට් තිස්තුන්දාහෙන් රවලා ආපහු ඇවිත් නැග්ගා බස් එකට.
“ඕවට ලැජ්ජා වෙන්නෙපා මිස්.මේ කාලෙ පරිස්සම් වෙන එක කෝකටත් හොදයිනෙ.අපරාදෙ අර අනිත් මිස්ටත් හෙල්මට් එකක් දම්මගෙනම නැග්ගා නම් තවත් ආරක්ශාවයි “
කියලා මහ කැත හිනාවක් දාලා කොන්දොස්තර කියන මකබාවා මාව ටවුන් එකට එනකම්ම විහිලුවට ගත්ත එක තමයි යකෝ කාලා ඉන්න බැරි…
නිමා…
උපුටා ගැනීම: Nirmani Sandareka