කාලේකට පස්සේ පුනේ අපි ගැන ලියන්න හිතුනේ වේලාවක් හම්බුනු නිසාමත්, කාලේකින් මේ පිළිබද මතකය අලුත් වුනු නිසාත් කිව්වොත් නිවැරදියි. පුනේ මතක ගොන්න අතර සිහගඩ් අපිට අමතක කල නොහැකි සෑම වසරක් පසාම එන විද්‍යාලිය සැණකෙළිය අපිට තිබුනු අතොරක් නැති බාහිර ක්‍රියාකාරකම් වලින් එකක් කිව්වොත් නිවැරදියි.
පළමු වසරේදි ඒ සදහා මම සහභාගි නොවුවත්, එහි වු එක්තරා ක්‍රිඩා උත්සවයකට සනත් ජයසුරිය පැමිණි කතාව අදමෙන් මතකය. කොලිජියේ අයිතිකාර උත්තමයානන්ට අපේ පාසලේ ශ්‍රි ලාංකික සිසුන් සිටින බවත්, එය සනත් ජයසුරිය පුදුමු ගැන්විමට යොදා ගතයුතු බවත් තොරා ගත් සිසුන් ශ්‍රි ලාංකිය ඇදුමින් සැරසි ඔහු පිලි ගැනිම කල යුතු බවත් අපට දන්වා තිබුනි. අති විශාල සිහගඩ් ක්‍රිඩා පිටියත් අභිබවා ඇගිල්ලක් ගැසිමට නොහැකි අන්දමින් ක්‍රිඩා ලොලින්ගෙන් එදා කොලිජිය පිරි ඉතිරි තිබිනි. ලාංකේවේදි වත් මෙවන් සෙනගක් එකවර ඔහු පිළිගත්තා මට මතක නැත. ඒ ඉන්දියානුවන්ගේ ක්‍රිකට් පිස්සුවේ තරමය.
කරන්ඩක් කාලේට දත කට මැදගෙන මහන්සි වෙන ඩබල තමා අපේ ලක්මාලි අක්කායි, චතුවායි. මේ කාලේට මේ දෙන්නාට මේ හැර කිසිවක වගේ වගක් නොවනවා සේම හොස්ටල් වාසි අසරණ අපි සැම දෙනාම මේ කාර්ය යන් සදහා ස්ව (අ)කැමැත්තෙන්, නොයෙක් දෑ පවසමින්, උද්යෝගය දනවමින් සහභාගි කටගත් ආකාරය දන්නේ නම් ලාංකිය දේශාපාලන වේදිකාවේ භුමිකාවන් නිරුපණයට යොදා ගන්නවා නොඅනුමානය. බාධා අතොරක් මැද වු මොවුන් දෙදෙනාගේ උද්යෝගය හා ක්‍රියාශිලි බව නිසාම අප සිටි සැම වසරකම එහි ජාත්‍යන්තර සිසුන් නියොජනය කරමින් අංග කිපයක්ම තිබිනි.
දෙවන වසරේදි අසරණ මා මේ සදහා සහභාගි කරවා ගත්තේත් එවැනිම අති විශාල උද්යෝගමත් කිරිමක් සමග ය. අවුරුදු 20ක කාලයට තාලයට නටනවා තබා නැටුම් පන්තියක් ලගින් නොගි මා නැටුමකට කැමති කරවා ගත්තෝ නම් ලක්මාලි අක්කා සහා චතුවාය. එසේ කැමති කරවා ගත් රැළක් සමග අදාල නර්තනාංගය සදහා සුරුපී ඉන්දියානු කෙල්ලක මෙහෙයවන belly dancing ක්ලාස් ගොස් ඉගන ගත් මට සිහියට නැගුනු එකම කාරණාව නම් “නටන්න බැරි එකිට පොළව ඇදම ඇද බව” පමණි.
මේවා කේසේ වේතත් මා අකමැති ඇෆ්ගන් කොල්ලේකු නර්තන සහයක ලේස මට දුන්නාට අදටත් මට මේ ඩබල සමග ඇත්තේ අමුම අමු කේන්තියකි. අලී සමග ලක්ශ්මි ස්ට්‍රිට් බඩු ගෙන එමට ගිය බයික් සවාරියත් ලෙසටම මිට හේතු පැනවිය. එසේ ගොස් ලයිසන් ඉන්ශුවරන්ස් කිසිත් නොමැති ව පොලිසියට අසුවි සැම එකාට කොල් දි ඇඩුවාද මට මතකය. සුපුරුදු පරිදි අත යටින් ගේම ගසා එතනින් පැණ ආ මුත් මගේ අඩ වැඩියාවේ වැඩියක් මිස අඩුවක් නොවිනි.
නර්තන දිනයේ දී, රතු කලු පැහැ මැද පෙරදිග ආරයට වු ඇදුම් ආයිත්තම්ද අද නම් අපට අතිශයන් හුරු පුරුදු මුඛ ආවරණය ද පැලද belly dancing වැනි නර්තනාංගයකට සුදානම් වුනෙමු. ගම කැමේ ආරම්භය මගෙන් හෝ ලක්මාලි අක්කාගෙන් නොවුනොත් එය මහා ආශ්චර්යය කි. ගීතය ආරම්භයේම මගේ මුව ආවරණය මා හැර දාමා ගිය අතර, තක්බිරි වි ගිය චකිතයෙන් ඇලලි ගිය මුහුණෙන් මුලු නර්තනයම වරදමින් කල මා හට ඉන් අවසානයේ යහමින් සිනහා සත්කාරය ලැබුනු බවත් අදටත් එය නොඅඩුව ලැබෙන බවත් කිව යුතුමය.
නරඹා ඇතිනම් “Rome” ටෙලි නාට්‍යයේ එන රෝම ඉතිහාස කාතාවේ කුප්‍රකට චරිත, ශ්‍රි ලාංකිය අපි ඒ අනුවාදනය විලාසිතා දැක්මට නැගු අයුරු සිහි ගන්වා ගත හැකි වේ යැයි සිතමි. අටුවා ටික නොමැතිව මිතුරන් වු සියලුම ජාත්‍යන්තර සිසුන් මේ සදහා ඇදා ගත් අතර එක්තරා අඩි හයේ හතරේ කෙසග ශරිර ධාරි සුදෝ සුදු වන් ඇෆ්ගන් කොලුවෙකු “ජුලියස් සිසර්” කැරට්ටුවට කැමති කර ගතිමු. අප සමගම සිටි බොකුටු කෙස් තිබු දුඹුරු සමක් ඈති වෙනස්ම ආකාරයේ රුප සොභාවකට හිමි කම් තිබු ඉතියොපියානු කෙල්ලක වු බ්ලෙන් “ක්ලියොපැට්රා” ලේසද තොරා ගෙන මේ සදහා ලක ලැහැස්ති වුනෙමු.
මෙහි වු සිත්ගත්ම අසිරුම නමුත් විනොද බරම කාර්ය නම් විලාසිතා නිර්මාණයයි. අනෙක් විද්‍යාල මෙන් නොවු අප හට ප්‍රතිපාදන අර්බුද හමුවේ බොහොමයක් ඇදුම් නේවාසිකාගාරයේදි අපේ අතින්ම
නිමවා ගැනිමට සිදුවිණි. රෑ ගණන් එකට එක්වී ඇදුම් මැහිම සැකසිම, වෙනත් ආයිත්තම් නිර්මාණය අපි අට දෙනාත් අනෙක් සිසුනුත් එක්වි සහයෝගයෙන් සහා උද්යෝගයෙන් කල කාර්යකි. ගම කැමට හපන් මමත් මිට එක්වි, මැදපෙරදිග සිට පැමිණි ඉන්දියානු කොලුවෙකු හා ramp walk ගොස් අවසාන භාගයේදි කකුල් වෙට්ටුවක් දමා රෙදි ගලවා නොගෙන ජාමෙන් මෙන් බේරුනා අදමෙන් මතකය.
ඒ කෙසේ වෙතත් අදටත් මතක හොදම ගම කැම කල එකා නම් අපේ සිසර් උන්නැහේය. රතු පැහැ රේදි යාර ගණන්ක් සුදු පැහැ රොම කාලින ගවුම උඩින් දමා ඇවිදිම අවසානයයේ රාජකිය ලීලාවෙන් සලුව වනා එමට පුරුදු පුහුණු කල මේ උතුමානෝ තරගය දිනයේ ඉදිරියට පැමින, ඉතා වේගයෙන් අපේ අම්මා කුස්සියේ මැස්සන් එලවන ලිලාවෙන් සලුව වනා දත කට පුට්ටු කරන් ඇවිදි ආවේය. අදටත් සුර පප්පා බලන කල සිසර්ගේ “රේද්ද යකෝ රෙද්ද” දෙබසට මේ යකා අරුඩ වන්නේ මේ නිසාම විය යුතුය.
උපුටා ගැනීම: Yasintha Ranasinghe