මෙරට නාමය ජාත්‍යන්තරයේදී බැබලවූ ශ්‍රී ලාංකිකයන් ඕනෑතරම්.
මේ තවත් එවැන්නෙකු පිළිබඳවයි.
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වෑන් කූවර් හි ජීවත් වන ධර්මසේන යකන්දාවල මහතා 2021 කැනේඩියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වන මැතිවරණයට NDP හෙවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඔහු තරග වදින්නේ කැනඩාවේ ඇබට්ස්ෆෝඩ් ප්‍රදේශය නියෝජනය කරමින්.
2006 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති ධර්මසේන යකන්දාවල මහතා වෘත්තියෙන් නීතිඥවරයෙක් මෙන්ම හිටපු විනිසුරුවරයෙක් ද වනවා.

උපුටා ගැනීම:Gossip Lanka News