කවම හරි දවසක සුසාන භූමියක නිදහසේ ඇවිද ගෙන ගිහින් තියනවද?? විෂේශයෙන් කන්තාවක් කරන්න අකමැති ත්රාසය ජනක වැඩක්නේ….
මම කුඩා කාලයේ ඉදනම ඔය මනෝවිද්යාත්මක පොත් කියනවන්න හුරැ වෙලා හිටියා. එඩ්ගා කේසීගෙ පරියේශන ගැන ලියවෙච්ච පොත් කියවන්න ආසකලා. ඒ වගේම ජිවිතෙ තේරැම් ගන්න හොදම තැනක් තමයි cemetery එක නැත්තනම් සුසාන භූමිය. සිංහලෙනම කියනවා නම් කනත්ත.
Taphophile කියලා කියන්නේ අවමංගල කටයුතු සදහා ඇති ආසාව, සොහොනකට යන්න තියන ආසාව වගේ දෙයකට.
මේක එක්තරා ආකාරයක මාන්සික ගැටලුවක් දක්වාත් දිවයනවා.ඒ කියන්නේ මේ සදහා ඇති අධික ආසාව හැම වෙලේම සොහොන් පිට්ටනියක් හොයන් යන එක වගේ එකකට Coimetromania කියලා කියනවා. ඒක නම් පොඩ්ඩක් අන්තවාදීයි.
මට නම් ඔය දෙකම නෑ. ඒත් මම ආසයි ඉදලා හිටලා සොහොනකට යන්න, එකේ ලියලා තියන දේවල් කියවන්න. අපි මොන තරම් වැඩ කන්දක් බදාගෙන මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙනවාද නේද?
දවසක් මායි මාගේ අතිජාත මිත්රයයි නගිනවා ත්රීවීලර් එකකට හවස හතරට වගේ. එයා එකපාරමට අර අන්කල් අහපු ප්රශ්නෙට දුන්නේ අපිව බොරැල්ල කන්ත්ත ගාවින් දාන්න කියලා. අන්කල් බය වුන පාර එක පාරටම අපි දිහා බැලුවා. මේ ගෑණු දෙන්නෙක් හවස 4-5 කනත්තේ මොන මගුලක්ද කරන්නෙ වගේ.
මගේ යාලුවා ගත් කටටම කියපි නෑ නෑ අපි හොල්මන් නෙමෙයි කියලා. එකෙන් ඇරබිච්ච සංවාදය බොරැල්ලේ කනත්ත දක්වාම දිව ගියා.
අපේ ආච්චි අම්මලාගේ මහගෙවලුත් ඒ ලගම නිසා මට එකේ මහාලොකූ වෙනසක් නෑ. මොක්ද අපි ඕනෑතරම් ඕක පාස්කරන් ගිය නිසා. ඒත් අම්මා සොහොන මැදින් shortcut එකක් දාද්දීනම් මම පොඩි කාලේ මාර බයයි.
කනත්තෙ අපි දෙන්නා නිදහ්සේ ඔහේ ඇවිද්දා. එකේ මැරැන අයගේ නම් කියව කියව ඒවායේ ලියලා තියන එවා කියව කියව පුදුම නිදහස් සතුටක් අපි ලැබුවා.
සමහර නාමපුවරැ හරිම රසවත්, කවි, සිංදු ඒ වගේම සම්පුර්ණ විස්තර ඇතුලත්. බොරැල්ල සුසානයේ ඉතා ප්රසිද්ධ අය මිහිදන් කරලා තියන තැනක් නිසා අපි දෙන්නට නිදහ්සේ ඒවා දැක බලාගන්න පුලුවන් වුනා.
මේ cemetery visiting කියන්නේ දැන් දැන් අලුත් trend එකක්. Tombstone tourism කියලා ලෝකේ දැන් දැන් ඉතා ප්රසිද්ධයි.
මේකෙ තියනවා ඉතිහසය සහ ගොඩනැගිලි නිර්මාණශිල්පය. මේක ඇතුලේ සාහිත්ය සහ සංස්කෘතියත් ගැබ් වෙලා තියනවා. ඇත්තටම ඒක නොමිලේම බලාගන්න පුලිවන් හොද කෞතුකාගාරයක්. මේ නාම පුවරැ කියවද්දී එයාලා මැරැනේ ඇයි, කොයි කාලෙද, ඒ කාලේ කලාකෘති සහ අද අතරවෙනස්, එහි පරිණාමය දකින්නත් පුලුවන්. දැන් බොහෝ විට ගසක් පැලකිරීම වගේ දේයක් කරනවා.
කෙසේ වෙත්ත මම ගියේ නිදහ්සේ ඇවිදින්න කියවන්න, මේ එක රැල්ලට දුවන ජිවිත වල කිසීම හරයක් නැහෑ කියලා තව තවත් ජීවිතේට තේරැම් කරලා දෙන්න. අපි මේ ඇවිද යන්නේ මයා ලෝකයක නේද කියන දේ තේරැම් ගන්න.
ඔයයි මායී ආයේ දවසක යමු. ඔයාලත් මේක අත්හදා බලන්න. හුගක් workaholic අයට දෙන therapy එකක් විදියටත් මේ ක්රමය ක්රියාත්මක කරනවා කියලා මම කියෙව්වා. ඒ කියන්නෙ ඔයාවගේම ගොඩක් අය මේ ලොකේ හිටියත් ඒ අයත් යන්න ගිහින් ඔයාගේ පුටුව තව කෙනෙක් පුරවනවා කියලා.ඒ නිසා හැමවෙලේම ජිවිතය විදින්න.




උපුටා ගැනීම: Bhagya Bammunuarachchi