සෙන්ට්‍රිග්‍රේට්ලා “ආසයි මං පියාඹන්න” බලපු හැටි (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ  තියෙන රූපයට අදාල සිංදුව 90 දශකයේ ඉපදුනු අයටනම් හොඳටම මතක ඇති.
කාලෙකට පස්සෙ සෙන්ට්රිග්රේට් කණ්ඩායමේ හොඳම කාලෙ හැදුනු සිංදු ටිකක් ඇහුවා. ඒකෙනුත් මේ සිංදුව විශේෂයි. මේකනම් කවදාවත් එපා නොවෙන පිස්සු සින්දුවක්.
නමුත් අද මේක බලද්දී මෙච්චරකල් මට අහුවුනේ නැති සීන් එකක් අහුවුනා. මේක ඕනාතරම් අහල, බලලා ඇති. හැබැයි මට මේ සිද්ධිය මීටර් උනේ අද..!!
මේ සිංදුවට එයාලා කරපු විශුවල් එක සම්පූර්ණයෙන්ම ෂූට් කරල තියෙන්නේ තනි කාමරයක් ඇතුලේ…!!
ඒ වගේම බොහොම සරල කැමරා කෝණ ටිකක් පාවිච්චි කරල තියෙන්නේ,
අනික් එක මේ සම්පූර්ණ විශුවල් එකේදී පෙන්වන්නෙ සෙන්ට්රිග්රේට්ලා “ආසයි මං පියාඹන්න” කියන චිත්රපටිය බලන එක..
වීඩියෝ එකේ සම්පූර්ණ අදහස තමයි සෙන්ට්රිග්රේට්ලා මේ චිත්රපටය බල බලා ඉද්දී ආව ෆීලිං එකත් එක්ක මේ සිංදුව ලියල ගායනා කරා කියන එක.
මේක චිත්රපටය පැත්තෙන්නම් ඉතාම ප්රබල මාකටින් ටූල් එකක්..!
ඒ වගේම හරිම නිර්මාණාත්මක විදියේ ප්රචාරන උපක්රමයක්.!
කැමරා කෝණ වැඩි ගණනක් යොදා නොගත්තාට පාවිච්චිකරන ටික හරියට එඩිට් කරල කරපු ලස්සන වැඩක්..
මීට අවුරුදු දහයකට විතර කලින් අපේ මේ හැදීගෙන ආපු සංගීත රටාව ජාත්යන්තරයටම යන්න පුළුවන් මට්ටමේ එකක් වෙලා තිබුනා. ඒ වගේම රූප රචනාව පැත්තෙන් ලොකු වෙනසක් එයාලා කරමින් හිටියා.
කොටින්ම කීවොත් මේ ලංකාවෙ සින්දුවක් කියල රෙදි ඇඳන් සුද්දෙක්ට පෙන්වන්න පුලුවන් විදියේ රූප රචනාවන් ටිකක් හැදුනා.
නමුත් මේ සේරම එක පාරම කුණාටුවකට අහුවුනා වගේ විසිවෙලාම ගියා..මං හිතන්නේ මේ වීඩියෝ රැල්ල අධික විදියට විවිධ වෙලඳ නාමයන් ප්රචාරනයට එයාලා යොදාගත්තා. ඒ වගේම මේ සංගීත රටාව ලංකාවෙ මිනිස්සුන්ට එච්චර ගැලපුනේ නැති සීන් එකකුත් තිබුනා.
මේවා කරපු බොහොමයක් ගායකයෝ සජීවී ප්රසංගවලදී අසාර්ථක වීමත් එක හේතුවක් උනා..
කොහොම උනත් තාක්ෂණයේ දියුණුව එක්ක ඒ නිර්මාණශීලීත්වය ගිලිහීම අභාග්යසම්පන්න කාරණයක්..!
ඊට පස්සෙ පට්ට කෑලි අහිංසක කොල්ලන්ට බූට් තියන සිද්ධි ගායකයා ගල් තලාවක් උඩට වෙලා තටම තටම කියන ආකාරයේ රූප රචනා හැදුනා.!
දැන් ඒ යුගයත් පහුවෙලා, දැන් ඒ බූට් සින්දු ටිකත් එපා වෙලා අධි-සම්භාව්ය සින්දු හැදෙන කාලයක්.
මේ අධි- සම්භාව්ය යුගයත් මම හිතන්නේ වැඩි කාලයක් පවතින යුගයක් නෙවෙයි, දන්න බර වචන සේරම දාලා විදග්ධභාවය බලෙන් ඔබ්බවන්න යන ගීත බිහිවෙන්නේ අර කලින් තිබුනු අධි-සරල ලාමක ගීතවල ප්රථිඵලයක් විදියට.
මං හිතන්නේ මේ විකෘති සහගතභාවය ඉස්සරහට නැතිවෙලා අර පරණ තිබ්බ විජය කුමාරතුංග, මිල්ටන් මල්ලවාරච්චි, ගුණදාස කපුගේ වගේ ගායකයෝ ගායනා කරපු “අහන් ඉන්න පුළුවන්” සිංදු ටිකක් ඉස්සරහට හැදේවි..!!
උපුටා ගැනීම:   |සජිත් පුෂ්පකුමාර|

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!