චාමර (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

චාමර හික්කඩුව ප්රදේශය උපත ලැබු දකුනු රටේ සාඩම්බර පුරවැසියකි. ඔහුට රත්මලාන ප්රදේශයේ පිහිටා ඇති ජාත්යන්තරයේ පවා ප්රසිද්ධ කාර්මික පුහුනූ ආයතනයකට සම්බන්ධ වීමේ විරල භාග්යය හිමි වු අතර මෙම සිදුවීම ඔහුට පුහුනු කාලයේ මුල් වසරේ සිදුවු සිදුවීමකි.ලංකාවේ නන් දෙසින් පැමිනෙන සිසු සිසුවියන් මෙම කාර්මික විද්යාලයේ ඉගෙනුම ලැබු අතර ලංකාවේ නන්දෙසින් පැමිනෙන සිසුසිසුවියන් විශාල ප්රමාණයක් සිටි බැවින් පුහුණුව අතර තුර සිසුවන් අතර මත ගැටුම් ඇති වීම සුලබ සිදුවීමක් වුවත් ඒවා ඉක්මනින් පහව ගියේ අදාල ආයතනයේ ඇති දැඩි විනය පද්ධතිය හේතුවෙනි.දිනක් මෙසේ සුලුවෙන් ආරම්භ වු මතගැටුමක් ක්රමයෙන් දුරදිග ගිය අතර එයට චාමරගේ සහභාගි වීම ඇවිලෙන ගින්නට පෙට්රල් දැමීමක් විය.ගැටුම උග්රවී යත්ම චාමර ඔහුට පහසුවෙන් පහර දීමට හැකිඅයෙක් සෙවු අතර ඒ හයේ හතරේ කොල්ලෙක් ට පහර දී ගුටි කන්නට සිදුවුනොත් එයින් ඔහුගේ මෙතෙක්කල් රැකගත් නම්බුව විනාශ වී යයි කියා සිතුනිසා විය හැක. චාමරගේ තියුණු ඇස් හතර වටේටම යොමුවු අතර ඔහුගේ උත්සාහය සාර්ථක කරමින් ශරීරයෙන් කුඩා ප්රමානයේ සිසුවෙකු දර්ශන පඨයට හසුවිය.වහා ක්රියාත්මක වු චාමර ඉහත සිසුවාගේ කමිසයෙන් අල්ලා පහර දීමට පෙර තමා ගේ උපන් ගමේ ගැම්ම පෙන්වීමට “අඩෝ මේ අපි දකුනේ කොල්ලෝ හරිය මාලු මන්නේ අතට හුරුයි යකො අපිට තෝ හික්කඩුවෙන් එහාට ගිහින් බලපන් පුළුවන් නම් යන බස් එකෙන් බස්සලා ගහන්නේ උබට”යැයි වටේ සිටි සිසුවන්ගේ මයිල් කෙලින් වී යන ආකාරයේ වාග්ප්රාහාරයක් දියත් කල අතර චාමරගේ ගෝරනාඩුවේ ත්ව්රතාවය වැඩිවීම නිසා වලියේ සිටි නොසිටි සියලු සිසුන් ගේ අවදානය චාමර දෙසට යොමුවිය. මෙතෙක් වෙලා නිශ්ශබ්දව සිටි අනෙක් සිසුවා තම හඩ අවදි කලේය.”මං අම්බලන්ගොඩ”

 

උපුටා ගැනීම: Ojitha Suneth

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!