විදුලි බලය උත්පාදනයේ විප්ලවීය පරිවර්තනයකට ශ්‍රීලංකාව සූදානම් වේ. ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනයේ අනාගත හැරවුම් ලකුණක් සනිටුහන් කරමින් මන්නාරම පිහිටුවනු ලැබූ මෙරට ප්‍රථම සුළං විදුලිබලගාර උද්‍යානය වන ‘තම්බපවනි’ දෙසැම්බර් 08 වැනි දා විවෘත කිරීමට නියමිතය. 2014 මාර්තු මාසයේදී වසරේ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව මෙම ව්‍යාපෘතිය ආරම්බ කිරීමට පියවර ගැනුනි. ඒ අනුව හෙට දින එතුමා අතින්ම මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම සිදුවීම වෙනු ඇත.
පුනර්ජනනීය විදුලි නිශ්පාදනය ගැන දශක කිහිපයක සිට ලෝකයේම අවධානය යොමුව තිබිණි. ඒ සිදුවන විශාල පරිසර හානිය නිසාය.එම නිසා ඉන්ධන දහනය මඟින් විදුලිය නිපදවීමේදී වන පරිසර හානිය අවම කරගැනීමට ලෝකයටම බලකර තිබිණි. මෙය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන්ද බලපවත්වන තත්වයක් නිසා හිටපු ජනපති මේ වෙනුවෙන් අවධානය යොමුකර මෙම සුළං බලාගාරය ඉදිකිරීමට පියවර තබනු ලැබීය.
මේ අනුව ඉදිරි වසර 10 ඇතුලත මෙරට ඉහළ යන විදුලි බල අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් මෙගාවෝට් 800 ක විදුලි බල උත්පාදනයක් මෙම සුළං විදුලි බලාගාරයෙන් උත්පාදනය කිරීමට අපේක්ෂා කරයි. වසරෙන් වසර විදුලි පාරිභෝජනය ඉහළ යෑම වේගයෙන් සිදුවෙයි. එහෙත් එම අවශ්‍යතාව සලකා පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී කිසිදු නව විදුලිබලාගාර ව්‍යාපෘතියක් වෙනුවෙන් පියවර ගෙන නොතිබිණි. කොමිස් ජාවාරම් වෙනුවෙන් නම් විවිධ කූට උපක්‍රමවල යෙදීම ගැන නම් ඕනෑ තරම් පුවත් අසන්නට තිබිණි.
ඒ කොහොම නමුත් පුනර්ජනනීය විදුලි බල උත්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් පරිසරයට වන හානිය මෙන්ම විදුලි බල උත්පාදනයට වන විශාල වියදමත් අවම කරගැනීමට හැකිවීම ජාතියේ ජයග්‍රහණයකි. එම ප්‍රතිපත්තිය ඉදිරියටත් ක්‍රියාත්මකවීම වෙනුවෙන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩ පිළිවෙලටත් ඇතුළත් කර තිබේ. එසේම රටේ ආර්ථිකය නගාසිටුවීමට පුනර්ජනනීය බල ශක්තිය යොදාගැනීම පිළිබඳ ස්වකීය රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළ ප්‍රථම රාජ්‍ය නායකයා වන්නේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.
සාමාන්‍යයෙන් පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය නිශ්පාදනය කිරීමට ඒකකයකට රු 30 කට ආසන්න මුදලක් වැය වන නමුත් සුළං විදුලි නිශ්පාදනයට වැය වන්නේ රු 8 කට ආසන්න අගයකි. මෙමගින් මෙරට ගෙන්වනු ලබන ඉන්ධන ප්‍රමාණය විශාල ලෙස අඩුකර ගැනීම මගින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමටද හැකිවෙයි. ඉදිරි අවුරුදු 20 ඇතුළත ඩීසල් ඉන්ධන ලීටර් 2000ක පමණ වැයකිරීම අඩුකරගත හැකිය. එසේම කාබන් මෙට්‍රික් ටොන් මිලියන 5.7 ක් පරිසරයට මුදා හැරීමද වැලැකේ. මෙය මේ රටේ පරිසරයට කරන මහඟු පිංකමක් ලෙසද සැලකිය හැකිය.
එමෙන්ම පුනර්ජනනීය බලයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය සවිමත් කිරීමට ඉදිරිපත්වන ඕනෑම ව්‍යවසායකත්වකට වසර 7ක බදුසහන ලබාදෙන බවත්, ඒ අනුව ඉදිරියේ දී නව කර්මාන්ත රාශියක් බිහිවීම සිදුවෙනු ඇති බවත් විදුලි බල ඇමැති ඩලස් අමාත්‍යවරයා පවසයි.
පුනර්ජනනීය බල ශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදිරියේ දී සියඹලාන්ඩුවේ දී පළමු සූර්යබල උද්‍යානය ඉදිකරන්නට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.’