මගේ යාලුවො ගොඩක් කිව්වා උඹේ අරක මේකට දාපන් දාපන් කියලා. උන්ට ඕනෙ ඒකෙනුත් ආතල් එකක් ගන්න. ඉතිං මේක දානවද නැද්ද කියල දවස් ගාණක් හිතල හිතල ඔන්න අද ලැජ්ජ නහරෙ කපල කතාව දාන්න හිතුණා. මේක දකින මගෙ යාලුවො කුප්ප කමෙන්ට් එහෙම දානව නෙවෙයි හරිද. මේ ෆොටෝ එකේ ඉන්න කෙනා කතාවට සම්බන්ධ නෑ. ෆොටෝ එක ගැළපෙන හින්දා දැම්මා.
ඔන්න මම අවුරුදු උත්සවේක අවුරුදු කුමාරිට ගියා එක අවුරුද්දක. චීත්තෙයි හැට්ටෙයි ඇඳලා. කොණ්ඩෙ කඩලා. පොඩි මේකප් එකක් එහෙම දාලා.
කතා කරන්න තියෙන කට වහගෙන ඉන්න එක අපරාදෙ කියලා මං තරඟෙ පටන් ගන්න කලින් තව කෙල්ලෙක් එක්ක බර කදයක් දාගෙන හිටියා. ඔහොම ටික වෙලාවක් ඉද්දි පොඩි මල්ලි කෙනෙක් මගෙ දිහාට අත දික් කර කර හොදටම හිනා වෙනවා. ඇයි කියල තේරුණේ නෑ මට. මං ලඟ හිටපු කෙල්ලත් අර මල්ලි දිහා බලන් ඉන්නවා මොකටද හිනා වෙන්නෙ කියලා. ඌ හිනා වෙවී අත දික් කරනවා බඩ අල්ලගෙන නැමෙනවා ආයෙ හිටගන්නවා ඇඹරෙනවා.
පස්සෙ මීටර් වුණේ මගෙ චීත්තෙ කකුල් දෙක පාමුල. පොල් ගහට නගිද්දි දාන වළල්ල වගේ. ටයිට් ෂෝට විතරයි ඇදන් හිටියේ . දැන් උඹල ඕක මවාගන්න එපා.
විලිලැජ්ජාව ඉහින් කනින් බේරෙන්න ගත්තා. බුරිය හපාගෙන මැරෙන්න හිතුණා ඇත්තමයි. නැමිලා චීත්තෙ උස්සගෙන දිව්වා දිවිල්ලක් ආයෙ ඒ පැත්තෙවත් ගියේ නෑ. මොන අවුරුදු කුමාරිද. කුමාරි පෙන්නලානේ ආවේ.
අදාළ තැන සීසීටීවී තියෙනවා. පස්සෙ දවසක රිවයින් කරල බලද්දි මං චීත්තෙ බිම තියන් විනාඩි පහක් විතර ඉඳලා.
ආයෙ ඔය චීත්තෙයි හැට්ටෙයිම ඇදල ඉස්කෝලෙ අන්තිම කාලෙ අපේ ඩ්රාමා එකක් තිබ්බා. ඔය ජැකට් එකේ බ්රා කප් එක ජැකට් එකට තියල මහල තිබ්බෙ නෑ. ජැකට් එක තද නිසා මාත් ඕක වැඩිය හිතුවෙ නෑ නිකම් තියාගෙන හිටියේ.
කොහොම හරි එක කප් එකක් වැටිලා. කොහොම වැටුණද කියල අදටත් මට හිතාගන්න බෑ. කොල්ලො ටිකකට හම්බෙලා උන් ඒකෙන් බැඩ්මින්ටන් ගහනවා. කොහොම හරි දැනගෙන මගෙ කියලා. සෙට් එකම ඇවිත් මට දීලා කිව්ව “නංගි බොරු ඒව දාගෙන මේ අහිංසක අපේ සූටි හිත් රවට්ටන්නෙපා ” කියල. අම්මෝ ඒ වෙලාවෙ දැනුන හැඟීම ගැන නම් අහන්නෙපා.
උපුටා ගැනීම: මිහිදුම් සේයා