ෆැක්ටරියක් අයිති චීනෙක් දවසක් අපිට උගේ තැනට එන්න කිව්වා පොඩි ගනුදෙනු වැඩකට.
එතකොට අපි හිටියෙ එහේ.
එහේ කිව්වෙ චීන රටේ. චීනෙට ගියාම රෝමෙට එහා. උන් කියන මෙලෝ මළ දානයක් තේරෙන්නෙ නෑ නෙව. ඉතිං ‘නොදන්න දෙමළෙට ගිහිං වරිගෙ නහගත්තු’ කම්මල් කාරයගෙ කතාවත් පොඩි කාලෙ අහල තිබ්බ එකේ, අපිත් නොදන්න චීනෙ නොදන්න මගුල් නොකර ටැක්සි කාරයෙක් අල්ලගෙන ෆැක්ටරියෙ ලොක්ක එක්ක ටැක්සියේ එකාව ඩිරෙක්ට් ලින්ක් කලා. (ඔය නොදන්න දෙමළ කතාව දන්නෙ නැත්තං කාගෙන් හරි අහගනිල්ල.)
ටිකක් වෙලා චෑං චූං ගගා ඉදල ටැක්සි කාරයත් අපි දිහාව බලල උගේ ඔළුව හොලවල යං කිව්ව. ඉතිං අපි දෙන්නත් වාඩි වෙලා හා කිව්ව.
හවස හයට විතර පිටත් වෙච්චි එකේ දැන් ටැක්සි කාරයත් තියල අරිනව. අපි දෙන්නත් පාඩුවේ යනව. පැය දෙකක් විතර යද්දි.
ෆැක්ටරි අයිතිකාරය “ඔයාල තාම නැද්ද” අහල මැසේජ් කරනව. අපි “නෑ” කියනව, තව පැය බාගෙකින් විතර අරූ ආයෙම අහනව. අපි නෑ කියනව. “දැන් උඹලට එන්න වෙලා ඇති” කියල අරූ ආයෙම ඇහුවම අපි ටැක්සියේ එකාට ෆෝන් එක දෙනව. උන් දෙන්න චෑං චූං චීං ගානව. ටැක්සි කාරය ඔළුව හොලෝනව ආයෙ පාගනව.
තව විනාඩි තිහක් විතර යද්දි ඕං කියපු තැනට ආව. කියපු කිව්වට උන් දෙන්න කියව ගත්ත මිසක් අපිට කිව්වෙ නෑ නෙව. හැබැයි ෆැක්ටරියක් නෑ. ආයෙත් අරුන් දෙන්න ෆෝන් එකෙන් කතා කලා. ඩ්රයිවර් අන්තිමේ දන්න විදියට අතිං පයින් තැන හරි කියල අපිට බහින්න කිව්ව. ඒත් පේන්න ෆැක්ටරියක් නෑ. අසරණ දූපත් වාසී ශ්රී ලාංකික තරුණයො දෙන්න මේ රෑ, මහ විසාල චීන රටේ අතරමං කරල ටැක්සි කාරය සල්ලිත් අරගෙන ගියා කියල දැනෙන කොට කෙලවිලා ඉවරයි.
ටවුමකුත් නෙමේ. ටැක්සිත් නෑ. රෑත් වෙලා. සේරම මදිවට අපිට එන්න කියාපු ෆැක්ටරි අයිතිකාරයා ෆෝන් එක ගන්නෙත් නෑ. මම හිතන්නෙ ඌට තරහ ගිහින් වෙන්න ඕන.
ඔය චීන්නු අහිංසක විදියට ඇස් පුංචියට හිටියට ඕකුන් කොච්චි වගේ. සැරයි. මේ යන විදියට තව අවුරුදු හතරකින් පහකින් අපිට උන්ගෙ සැර බලන්න චීනෙට යන්න ඕනත් නැතිවෙයි. මෙහේදිම බලාගත්තැහැකි. මම බොරුද කියන්නෙ කියල එදාට බලාපල්ලකෝ.
අමාරුවෙන් කොහොම හරි තව ටැක්සියක් හොයාගද්දි පැයකට කිට්ටුව යන්න ඇති. ඌට අපි හිටපු හෝටලේ කාඩ් එකක් දුන්නම ඌ අපිව ආයෙත් කිලෝමීටර් තුන්සීයක් විතර අරගෙන ඇවිත් හෝටලේට දැම්මා. උදේ හොයල බලද්දි අර ටැක්සි මෑන්ට උගේම බාසාව ටැපලිලා අපිව ගෙනියලා තියෙන්නෙ තනිකරම විරුද්ධ පැත්තට.
විස්වාස කරපල්ල චීනට උගේම බාසාවත් පැටලෙනව. ගොන්ශුයි කිව්ව්ම ඒක පේදුරුතුඩුවෙ, ගුවන්ශුයි කිව්වම ඒක තියෙන්නෙ දෙවුන්දරතුඩුවෙ. ඔය මම ගත්තෙ උදාහරණයක්. ඔය වචන දෙක සිංහලෙන් ලිවුවම වෙනසක් පෙනුනට සද්ද කලාම දෙකම එකවගේනේ.
දැන් මම කිව්ව පලියට ඕක ඔතන හයියෙන් කියවන්න යන්න එපා. වටේ ඉන්න උන් උඹව පිස්සෙක් ගාණට දායි.
ඔය ලංකාවෙ කොං දෙක උදාහරණෙට ගත්තට චීනෙ ඊට වඩා ගොඩක් ලොකුයි ආයිබොවන්ඩ. වැරදුනොත් වැරදුනාම තමා.
අවුරුදු හත අටකට කලින් ඕකුන්ට ඉන්ගිරිස් පොදක් බෑ. වතාවක් හදිසියකට වැසිකිළියක් හොයාගන්න ගිහින්, බිම වාඩි වෙලා ඒ වැඩේ කරන හැටිත් පෙන්නන්න උනා. උන් ඒකට කියන්නෙ ඩබ්ලිවු සී කියල (WC).
ඒ සංඥා ක්රමෙත් හැමවෙලේම හරියන්නෙ නෑ. වතාවක් ස්පෝට් බඩුවගයක් ගන්න තැනක් හොයාගන්න ගිහින් ටැක්සි කාරයෙකුට යන එන උන් දෙනෝදහක් මැද්දෙ එක එක ජාතියෙ සෙල්ලම් කරල පෙන්නුවා. ටවුමක් මැද වීදි නාට්ටියක් කලා වගේ. මූත් ඔළුව වනලා තේරුනා වගේ ඉඳලා අපිව සෙල්ලම් කරන පිට්ටනියකට ගෙනිහින් දැම්මා.
හැබැයි මේ වෙද්දි නං උන්ටත් යමක් කමක් තේරෙනව. ඔය සිංහලත් ඉගෙනගන්නවය කියන්නෙ
උඹ රත්ගම, බලපිටියෙ උන්ගෙ භාෂාව අහල තියෙනවද. ඒ උච්චාරණය ලංකාවෙ අනිත් උන්ට වඩා පට්ටම වෙනස්. එතකොට නුවර ? උන්ගෙ සමහර වචන වෙනස්. රජරට උන්ට වෙනමම වචන සෙට් එකක් තියෙනව හිටං.
කෙල්ලො ගත්තම උං මොන පළාතෙ හිටියත් පොෂ් නං වචන එළියට නොඑන ගතියක් තියෙනව. නිකං උගුර හිරවෙලා වගේ එකක්..
හිතහල්ලකෝ කොළඹ ඉඳන් පැයක් ගිය තැන අපේ රටෙත් බාසාවෙ උච්චාරණේ වෙනස් වෙන එකේ ඔය විසාල රටේ මොනව නොවෙනව ඇද්ද.. ඉතිං ෆැක්ටරි අයිතිකාරයගෙ ටෝන් එක ටැක්සිකාරයට පැටලිලා ඒකෙන් අහිංසක ලාංකික යක්ඛ පුත්තු දෙන්නෙක්ට කෙලවුනා.
චීන බාසාව පොඩ්ඩක් සද්දෙ වෙනස් කලාම තේරුම “යන්නෙ කොහෙද, මල්ලෙ පොල් වගේ වෙනව”.
ඉතිං උං කතා කරන වෙලාවට එකම වචනෙ වෙනස් දේවල් වලට කිව්වම අහගෙන ඉන්න අපේ වයර් ෂෝට් වෙලා යනව.
දැන් චීන පාඩම.
~~~~~~~~~~
අපි ඒක අම්මගෙන් පටන් ගමු.
උන් අම්මට කියන්නෙ MA (ම). බනිනවටත් “ම” කියනව, බනින වෙලාවට අශ්වයෙක් දැක්කොත් ඌටත් “ම” කියනව. බැරිවෙලාවත් ඌ ලොං හැලුණු අස්පයෙක් නං උගේ කෙඳි වලටත් “ම” ගානව.
ඉතිං ඔය වගේ වෙලාවකට අපි ඌ කියපු දේ තේරුම් ගන්න ගියොත් අපිට කියවෙන්නෙ සිංහල හෝඩියේ “h£” යන්න.
ඒ උනාට හොඳට අහගෙන හිටියොත් තේරුම උච්චාරණේ හැටියට වෙනස් වෙනබව පේනව. කොටින්ම චීනට තියෙන්නෙ ටෝන් බේස් ලැන්වේජ් එකක්.
ඒක ලියල පෙන්නන්න විදියක් නෑ. ඒ සද්ද වෙන වෙනම පෙන්නන්න අපේ භාෂාවෙ අකුරු මදි.
ඒ නිසා අමුණලා තියෙන පින්තූරෙ බලල චීන පන්තියකට පලයල්ල. කැට තියල කියන්නෙ. මේ යන විදියට ඉගෙන ගත්තට අපතෙ යන්නෙ නෑ..
චීන ගුරු….සමීර බෝපගේ..
උපුටා ගැනීම: සමීර බෝපගේ..