චීනයේ ණය ගැන දිගින් දිගටම ලියන්නේ චීනය එක්ක තියෙන තරහක් නිසා නෙමෙයි…. චීනයේ නැගීම සහ ඔවුන් තාක්ෂණය හඹා යන ආකාරය පුද්ගලිකව මමත් බලාගෙන ඉන්නෙ බොහොම ආසාවෙන්….. ඒත් චීනය අධිරාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙන සූක්ෂම ආකාරය බොහෝ රටවල ඉන්න ඊනියා දේශප්‍රේමීන් පහසුවෙන් මඟහැර යන්න සතුටු මාතෘකාවක් වෙලා තියෙනවා….. තවමත් සුදු අධිරාජ්‍යයන්ට පමණක් වෛර කරන, නූතනයේ යහපත් ජීවන මට්ටමක් ළඟාකරගෙන සිටින සුදු ජාතිකයන් කරන සියලු දේ තමන්ට සතුරු දේවල් ලෙස සළකන්න පුරුදු වෙලා තියෙන බොහොමයක් දුප්පත් රටවල ඊනියා අධිරාජ්‍ය විරෝධීන්ට චීනය විසින් අටවන අපූරු ණය උගුල් එකක් වත් පේන්නෙ නෑ….
පැරණි පාලි වචනයක් තියෙනවා “පාරිසජ්ජය” කියලා…..මේ වචනයේ බෞද්ධ තේරුමට වඩා, එහි මුල් තේරුම වෙනස්…. “පාරිසජ්ජය” යනු වැඩක් කරන්න කළින්, තමන්ගේ බහුශ්‍රැත භාවයෙන් සහ අත්දැකීම් පිරුණු නුවණින් ඒ වැඩේ අවසන් ප්‍රතිඵල ගැන විමසා බැලීම……මේකටම “පුරෝහිත” හෙවත් “කළින් සිතීම” කියලත් කියනවා…. ඒ කියන්නෙ “පෙරදැක්ම”
විදේශ ණය ගැනීමේදී තුන්වෙනි ලෝකයේ රටවල ඉන්න උපදේශකයන්ට සහ ඊනියා විශේෂඥයන්ට මෙන්න මේ පාරිසජ්ජය පහළ වෙන්නේ ලෝක මට්ටමේ වගකීම් සහිත ආයතන හෝ බටහිර රටවල් වලින් ණය ගන්න කොට පමණයි…. ඒකට හේතුව ඔවුන් දමන කොන්දේසි සහ ඒ කොන්දේසි අනුව අදාළ ව්‍යාපෘති වල පවත්වා ගත යුතු පාරදෘෂ්‍ය භාවය නිසා, මෙන්ම ඒ ව්‍යාපෘති සාර්ථක කරගන්න අවශ්‍ය දිගුකාළීන දැක්ම සහ ඉවසීම ඔවුන් කරදරයක් කර සැලකීම…
නමුත් චීනය කියන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 13 ක ආර්ථිකයක්…. එයින් ට්‍රිලියන් එකකට අධික මුදලක් ඔවුන් ප්‍රති-ආයෝජනයන් වල පවත්ව ගන්නේ තුන්වෙනි ලෝකයේ රටවලට සිත් සේ ණය ලබා දීමටමයි….අද ලෝකයේ සුපිරි මූල්‍ය ආයතන රැසක ප්‍රධාන කොටස්කරුවන් මෙන්ම, ලෝකයේ ප්‍රධාන ට්‍රාන්ස්පෝට් සහ ලොජිස්ටික්ස් සමාගම් රාශියක අයිතිය තියෙන්නෙ චීන රජයට…..මේ සියල්ල සළකා චීනය, දේශපාලනික අරමුණු මුදුන් පත් කරගන්න, ඉතා පහසුවෙන් විශාල වශයෙන් ණය ලබා දෙනවා…. ඒ ණය යොදාගන්නා ව්‍යාපෘති වලට ලොකු පාරදෘෂ්‍ය භාවයක් ඔවුන් පතන්නේ නෑ…. ඒ වගේම බරපතළ කොන්දේසි මුකුත් නැතුව, අදාළ රටවල ආණ්ඩු වල ක්‍රියාකළාපයන් මොකවත් නොබලා පහසුවෙන් ණය ලබා දෙනවා… අන්න ඒ නිසා චීනයෙන් එන ණය වලට මේ “පාරිසජ්ජය” පිහිටුවාගන්න කිසි කෙනෙකුට උවමනා නෑ….මොකද ඒ ණය ගන්න අයටත් ඕන, පහසුවෙන් ලැබෙන , වැඩිය කොන්දේසි නැති, විශාල මුදල් කන්දරාවක්…..ඒ අයත් හරි කැමතියි ඒකට……හේතුව ඔබට සිතාගන්න පහසුයි….!
අප්‍රිකාවේ කථාව
චීනය මේ වනවිට අප්‍රිකාවේ දුප්පත්ම රටවල විශාලතම මුදල් ආයෝජකයා…. චීනය මුලින් මේ සල්ලි දෙන්නෙ ණය හැටියට…. ඒ දෙන්නෙත්, ඒ දුප්පත් රටවල් වලට තව අවුරුදු විස්සකටවත් හිතාගන්න බැරි තරමෙ ව්‍යාපෘති වලට…..ඉතින් මේ රටවල රජයන්, තම පාලනය යටතේ මෙතෙක් ඒ රටවල ඉතිහාසයේ නොවි විරූ තරම් විශාල සංවර්ධනයක් තම ජනතාවන්ට පෙන්වන්න පුලුවන් කියලා හිතාගෙන, ආර්ථික තීන්දු මත නොව, දේශපාලනික තීන්දු මත පිහිටා සිට ඒ ණය දෙන තරමක් ගන්නවා…..
බොහෝ වෙලාවට චීනයේ මේ ණය දෙන්න කළින්, ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයනය කරන්නෙත් චීනයෙන්ම එන සමාගමක්….. ඉතින් මේ සමාගම් කීයටවත් මේ ණය නොලැබෙන තැනට නම් වැඩ කරන්නෙ නෑ….ඔවුන් ශක්‍යතා අධ්‍යයනය හදලා දෙන්නෙ ණය ලැබෙන විදියටම තමයි…..
ඊළඟට චීනයේ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් අදාළ ණය මුදල ලැබෙනවා…..ඒ අප්‍රිකානු රටේ ආණ්ඩුවත් ඉතාම සතුටින් මේ ණය මුදල පිළිගන්නවා…ව්‍යාපෘතියට අවශ්‍ය භූමියත් සපයනවා…
ඊළඟට එන්නේ චීනයේම ඉදිකිරීම් සමාගමක්…. මේ ඉදිකිරීම් සමාගම එන්නෙ නිකම්ම නෙමෙයි….ප්‍රධාන ව්‍යාපෘති ඉන්ජිනේරුවාගේ සිට කම්කරුවා දක්වා සියලු ශ්‍රමය චීනයේ, චීන ජාතිකයන් අතරින්ම අරගෙන….
එතකොට ණය මුදල දෙන්නෙ චීනයෙන්…..ඒ චීනයෙන් දෙන ණය මුදලෙ සල්ලි වල මුල් කොටස යන්නේ අර ශක්‍යතා අධ්‍යයනය හදපු චීන සමාගමට…..එතැන් සිට සියලු වියදම් යන්නේ චීන ඉදිකිරීම් සමාගමට……ව්‍යාපෘතියට අදාළ අමුද්‍රව්‍ය සියල්ල ප්‍රවාහනය කරන්නෙ චීන නාවික සහ ගුවන් සමාගම්…..එතකොට ඒ සමාගම් වලට ගාස්තු, ඒ ඉන්න චීන සේවකයන්ට පඩිනඩි සහ නඩත්තු වශයෙන් අර මුදල් වියදම් වෙනවා….
චීනය මේ වගේ විදේශ රටවල් එක්ක කරන වැඩ වලට එවන සියලු සමාගම් වල කොටස් වල හෝ සමාගම් අයිතියෙන් සියට පනහකට වඩා තියෙන්නෙ චීන ආණ්ඩුවට…. ඒ නිසා, මම මුල ඉඳන් කියපු සියළු චීන සමාගම් වලට ඔයගොල්ල සඟල වරහණක් දාලා ඉස්සරහින් ලියාගන්න “චීන ආණ්ඩුව” කියලා……මොකද චීනය සමාජවාදී රටක්…. නමට හරි….ඒ රට පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂය කියලා තනි පක්ෂයක්…. ඒ රටේ සියළුම පෞද්ගලික ආයෝජකයන්, බිලියන පතියන්, ව්‍යාපාරිකයන් ඒ රටේ ආණ්ඩුවට හැම මොහොතකම “දේශපාලනිකව” අවනත වෙලා ඉන්න ඕන…….අනික් රටවල වගේ ආණ්ඩුවට ආර්ථිකමය වශයෙන් විතරක් නෙමෙයි ඔවුන් අවනත වෙන්න ඕන….. ඉතින් මේ අයත් ආණ්ඩුව කියන දේ කලේ නැත්තන්, චීන ආණ්ඩුවට පුලුවන් ඔවුන්ව පැය කිහිපයකින් සිර ගත කරලා, ඔවුන්ගේ සියලුම දේපළ සහ ව්‍යාපාර සෘජුව රජය යටතට ගන්න…. නැත්තන් වෙනත් කළමණාකරණයක් පත් කරගන්න…. සියළු ප්‍රධාන සමාගම් වල බහුතර අයිතිය සහ පරිපාලනය හිමි චීන ආණ්ඩුවට…..
ඒ කියන්නේ චීන ආණ්ඩුව කියන්නෙ ලොකු බූවල්ලෙක්…..මේ විදේශ ගණුදෙනු වලදි දුප්පත් රටවල් වලට වරින් වර දික් වෙන්නෙ චීන ආණ්ඩුව කියන බූවල්ලගෙම විවිධ අඬු…….මේක තේරුම් ගන්න පුලුවන් චීනය ඒ දුප්පත් රටවල ජනතාවට නොපෙන්වන චීනයේ අභ්‍යන්තර තත්වය දන්නා අයට පමණයි……..
චීනය පසුගිය වසර දහය තුළ ඩොලර් බිලියන සීයකට ආසන්න මුදලක් අප්‍රිකාවේ රටවල් ගණනාවකට ලබා දුන්නා….තව මේ වසරෙන් ඔබ්බට ඩොලර් බිලියන 60 ක් ලබා දෙන්න නියමිතයි…. මේ මුදල් ගත්තේ අප්‍රිකාවේ, කේන්යාව, සිම්බාබ්වේ, සැම්බියාව, ජිබුටි, ඇන්ගෝලාව, නයිජීරියාව, ඉතියෝපියාව, සියෙරා ලියෝන්, නැගෙනහිර අප්‍රිකාව වගේ රටවල්….. මේ රටවල් වල චීන ආයෝජන වලින් ඉදි කලේ සුපිරි පොදු ප්‍රවාහන පද්ධති, සුපිරි නගර, විශාල වරායවල්, ගුවන් තොටුපළවල් ආදිය…..
නමුත් ආර්ථික විද්‍යාවේ සාර්ව ආර්ථික විද්‍යා ශ්‍රේණියේ සහ මූල්‍යකරණය කියන විෂයෙදි අපි ඉගෙන ගන්නවා ආයෝජනයක අනාගත ආදායම් බලා, විවිධ ක්‍රම වලින් ඒවා වර්ථමානයට ගැලපෙන්න වටයා, යම් යම් ව්‍යාපෘති වල ලාභදායී බව පරීක්ෂා කර හෝ, අවම වශයෙන් ඒ වෙනුවෙන් ගන්නා ණය වාරික හෝ ගනු ලබන ආයෝජනයන් සඳහා අතිරික්තය ( පොළිය ) ආපසු ගෙවන්න පුලුවන්ද කියන එක දැනගෙන ව්‍යාපෘති පටන් ගන්න ඕන කියන එක……මේ සියල්ල ඒ රටවල ඉන්න දුප්පත්, බහුතරය නූගත් දේශපාලකයන්ට සහ ඔවුන්ගේ සහායකයන්ට ලබා දෙන්නෙ චීන සමාගම් නිසා, ඒවායේ සැබෑ තත්වය ඔවුන් දන්නේ නෑ…..
මා ඉහත කියපු රටවල් වලින් බහුතරයකට චීනයෙන් ණය අරගෙන කරපු ව්‍යාපෘති බොහොමයකින් කිසිදු ලාභයක් ලබන්න තබා අවම වශයෙන් ණය වාරිකයක් ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් වත් ලබන්න බැරි උනා…..බොහෝ ලාභාපේක්ෂාවෙන් කළ ව්‍යාපෘති “සමායන” මට්ටම හෙවත් “බ්‍රේක් ඊවන් පොයින්ට්” එකටවත් ඒම සිහිනයක් පමණයි.
අන්න ඒ වෙනකොට මේ රටවල් අර ණය උගුලට හිරවෙලා ඉවරයි…… ඉන් පසුව චීනය කරන්නේ තමන් දීපු ණයට හිලව් වෙන්න එක්ක අදාළ ව්‍යාපෘතියේ සහ ව්‍යාපෘතිය ඉදිකරන ලද භූමියේ කළමණාකරණ අයිතිය චීනයෙන්ම එවන සමාගමකට “බද්දට” දෙන ලෙස අදාළ රටේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම….. ඒකත් හරියට ගමක පොළී මුදලාලි ණයක් දෙන්න ඔයාලගෙ ඔප්පුව තියාගෙන, ණය ගෙවා ගන්න බැරි උනාම ඒ ඔප්පුව තියෙන ඉඩමට හෝ දේපළට තමන් යටතේ වැඩකරන කොලු කුරුට්ටන් යවා එය අත්පත් කරගන්න එකට බොහොම සමානයි…..
බද්දට කිව්වට මේ ගන්නෙ බද්දක් අදාළ රටේ රජයට ගෙවන්න එහෙම නෙමෙයි…. තමන්ට අයවෙන්න තියෙන ණය මුදලට යම් බදු වටිනාකමක් කොටස් වශයෙන් හිළව් වෙන්න, සහ හිළව් වෙවී අර ණය කැපී යන්න තමයි බද්දට ඉල්ලන්නෙ….ඒ ඉල්ලනෙ බොහෝ විට අනූ නව අවුරුද්දකට වගේ කාළයකට…. මේ වගේ ලෝක අමාරුවක වැටිච්ච රටක් තමයි කෙන්යාව…. කෙන්යාවේ මොම්බාසා කියන වරාය හදන්න සහ කෙන්යාව සහ අප්‍රිකාවේ අසල්වැසි රටවල් යා කරලා ස්ටෑන්ඩඩ් ගේජ් දුම්-රිය මාර්ග සකස් කරන්න චීනය කෙන්යාවට සුවිශාල මුදලක් ණයට දුන්නා…. අන්න ඒ දීපු මුදල් දැන් කෙන්යාවට ආපසු ගෙවා ගන්න බෑ…. කෙන්යාව වෙනත් රටක් සමග “ද්වි-පාර්ශ්විකව” කරපු ණය ගණුදෙනු වල සමස්ථ වටිනාකමෙන් 66% දැන් තියෙන්නෙ චීනය එක්ක…. දැන් චීනය අර ණය වෙනුවට අදාළ ව්‍යාපෘති සහ දේපළ වසර එකසිය පණහක බද්දකට ඉල්ලනවා……
චීනය ඇන්ගෝලාවේ ලුවාන්ඩා අගනුවර සමීපයේ අතිවිශාල සුපිරි නගරයක් හැදුවා…..ඒකෙ පන් ලක්ෂයකට ඉන්න පහසුකම් තියෙනවා…. පහසුකම් කිව්වට සුපිරි පහසුකම්….ඇන්ගෝලාවේ අය කිව්වෙ, ඒක නිකන් ඇන්ගෝලාවේ අපාය මැදට දිව්‍ය ලෝකයෙන් කොටසක් කඩා වැටුණා වගේ පේනවා කියලා….
ඒක හදද්දි ඇන්ගෝලාවේ රජය ඒ ගැන විශාල වශයෙන් බලාපොරොත්තු තියාගත්තා…. හදන්න ගිය වියදමේ හැටියට මේ සුපිරි නගරයේ එක් නිවාසයක් ඩොලර් තිස්දාහක මුදලකට අළෙවි කරන්න සිදුවෙන බව ලොව සුපතල විගණන සමාගමක් ඇන්ගෝලාවේ ආණ්ඩුවට දැනුම් දුන්නාම තමයි, ඇන්ගෝලාවේ ආණ්ඩුව මෙතෙක් තමුන් ඒ නගරය සම්බන්ධව නැගෙන හිටිය “නමවැනි වළාකුලෙන්” ( ක්ලවුඩ් නයින් බං ) බිමට බැහැ ගත්තෙ… අන්තිමට ඒකෙ එක නිවාසයක් ඩොලර් පන්දාහකටවත් විකුණ ගන්න බැරුව ගියාම, චීනය සුපුරුදු පරිදි ඒ සුපිරි හොල්මන් නගරයේ කළමණාකරණය තමන්ට පවර ගත්තා….. එයින් පසුව චීන රජය කලේ, චීනයෙන් චීන ජාතිකයන් ගෙනවුත් ඒ ඇන්ගෝලාවේ සුපිරි නගරයේ පදිංචි කරවපු එක….දැන් එතන තිස් දාහක් වාසය කරන චීන කොළණියක් පිහිටුවන්න යනවා ….. චීනයේ තිබෙන පසුගිය වසරේදී ඉවත් කළ “එක් පවුලකට එක් දරුවෙකු” පමණයි කියන වාරණය ඔවුන්ට අදාළ නොවෙන බව සමහරු කියනවා…. කොහොම උනත් තව කෙටි කාළයක් ඇතුලත ඇන්ගෝලාව ඇතුලේ ලක්ෂ පහක චීන කොළණියක් සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහ චීන යුද හමුදා කඳවුරක් ( බාගවිට ගුවන් හමුදා කඳවුරක් පවා ) තියේවි….
අප්‍රිකාවේ තියෙනවා ජිබූටි කියලා රටක්….අන්න ඒ රටේ ඩෝරාලේ කියන වරායේ විශාල කන්ටේනර් ටර්මිනල් එකක් හදන්න චීනය ජිබුටි රටට ණය දුන්නා…. ඒ ණය ගෙවාගන්න සුපුරුදු පරිදි ජිබුටිය අසමත් වීම නිසා, චීනය ජිබුටියට බලපෑම් කලා, ඒ වරායේ කන්ටේනර් ටර්මිනල් කළමණාකරණය කරමින් සිටි ඩුබායි සමාගමෙන් ඒක ගළවලා, චීනයට පවරන්න කියලා… ජිබුටි එහෙම කළා…….මේ ජිබුටි රටේ ඇමරිකන් සහ ප්‍රංශ යුද හමුදා කඳවුරු තියෙනවා….. ඒවායෙන් ඉන්න භටයන්ට පැවරිලා තියෙන වගකීම තමයි, එතන ඉඳගෙන උතුරු අප්‍රිකාවේ බෝකෝ හරාම්, අයිසිස් වගේ ඉස්ලාමික ත්‍රස්ත කල්ලි වල ක්‍රියාකාරකම් වගේම, තජූරා, ඒඩ්න් ගල්ෆ් කළාපවලත්, ඉන්දියන් සාගරයේත් සෝමාලි මුහුදු කොල්ලකරුවන් නිරීක්ෂණය කරන එක…. චීනය දැන් මේ ඇමරිකානු සහ ප්‍රංශ හමුදා කඳවුරු දෙකේම භටයන් එකතුවට වඩා විශාල භට පිරිසක් ඉන්න යුද කඳවුරක් ජිබුටි වල දමා තිබෙනවා…..
මේ වගේ තව උදාහරණ ගණනාවක් තියෙනවා….. දුම් පානය නිසා පෙනහලු පිළිකාවකට ගොදුරුවෙලා ඉන්න රෝගියෙකුට තව තවත් සිගරට් දෙනවා වගේ, චීනය මේ රටවල් වලට තව ණය යෝජනා ගේනවා….. ඒ රටවල නායකයන්ට දැන් දැන් තමන්ට වෙච්ච දේ ගැන හොඳ වැටහීමක් ලැබී තිබුණත්, දැන් චීනය කියන විදියට කටයුතු කරන එක ඇරෙන්න වෙන කිසිවක් කරන්න ඔවුන් ප්‍රමාද වැඩියි……..කෙන්යාව නම් මෑතකදි එහෙම චීනයෙන් ගෙනාපු අලුත් ණය යෝජනාවක් ප්‍රතික්ෂේප කළා….සෝමාලියාව සහ බුරුන්ඩි රාජ්‍යයත් එහෙම කරන්න සූදානම් වෙනවා…..
චීන ජනගහණය කෝටි 150 ක් …එකසිය පනස් කෝටියක්…..ඉතින් මේ රටට සුවිශාල අතිරික්ත ශ්‍රමයක්, මෙන්ම අතිවිශාල අතිරික්ත “ජනන හැකියාවක්” තියෙනවා…. බොහෝ කාළයක් ජනගහණ සීමා නීති යටතේ ජීවත් වුනත්, බොහොමයක් දරුවන් හදන්න, වඩන්න හැකියාව තියෙන තරුණ පිරිසක් ඒ රටේ ඉන්නවා…..බටහිර අධිරාජ්‍යවාදීන් ලෝකය පාලනය කලේ, තමන්ගෙ රටවලින් ටික දෙනෙකුත්, ඒ ඒ රටවලින් තම ආගමට සහ සංස්කෘතියට බන්දගෙන, අධ්‍යාපනය දීපු ස්වදේශිකයන් විශාල පිරිසකුත් දාගෙන……ඒකට හේතුව ඒ අයගේ මව් රටවල ඒ කාලයේ විශාල ජනගහණයක් හිටියෙ නැති එක….චීනයට ඒ අර්බුදය නෑ….. ලෝක ජනගහණයෙන් පහෙන් එකක් විතර චීන ජාතිකයන්……..තව චීනයට වත්මනේදී අවනත වෙලා ඉන්න, සම ජාන සහ සම සංස්කෘතීන් සහිත වියට්නාමය, මියන්මාරය, ලාඕසය වගේ රටවලත් කෝටි විස්සක් විතර ජනගහණය ඉන්නවා…..චීනය දකුණු අප්‍රිකාවේ වැඩට යොදවන ලද ශ්‍රමිකයන්ගෙන් සමහරු “කාම්බෝජ ජාතිකයන්” ….
චීනය ස්ථානගත වෙන්නෙ අප්‍රිකාවේ හරියටම කොහේද?…. මේ ප්‍රශ්ණයට ඇමරිකාවේ “බෘකින්ග්ස්” කියන සුප්‍රකට අධ්‍යයන ආයතනය කදිම පිළිතුරක් සපයා තියෙනවා…..චීනය අප්‍රිකාවේ කරපු ආයෝජන වලින් 66% ක් කරලා තියෙන්නෙ ප්‍රවාහන සහ දේපළ සංවර්ධන ව්‍යාපෘති වලට…..නමුත් අප්‍රිකාව කියන්නෙ රත්‍රං, මිනිරන්, දියමන්ති, බොරතෙල් ආදී සම්පත් අනූන මහාද්වීපයක්…..චීනය කරන ලද ආයොජනයන් බොහොමයක් ඒ ඒ රටවල ස්වභාවික සම්පත් නිධි ආශ්‍රිතවම වීමත් ඉතාම සුන්දර අහම්බයක් වෙන්න ඕන……
මේ අප්‍රිකාවේ කථාව පමණයි…..ලතින් ඇමරිකාවටත් මේ වගේම කථාවක් තියෙනවා…. කාම්බෝජයටත් තියෙනවා..
මේ සියල්ලටම හේතුව තමයි ණයක් ගත්තාම, ඒ ණය අරගෙන කරන්න යන වැඩේ ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවද, ඒ සේරටම වඩා ණය ආපසු ගෙවන්නෙ කොහොමද කියන එක නොදැන ණය ගන්න යෑම…..ඒකට පොළී මුදලාලිට දොසක් කියන්න බෑ…..පොළී මුදලාලි කියන්නෙ පොළී මුදලාලි……ණය ගන්න කෙනා දැන ගන්න ඕන….
මේක ලිව්වෙ ඔබේ ඇස් ඉදිරිපිට චීනය කියන්නෙ මහ භයානක යක්ෂයෙක්, මකරෙක් ( මකරෙක් තමයි ) කියන ප්‍රතිරූපය මවන්න නෙමෙයි…. මමත් චීනයේ තාක්ෂණික නිපැත්මට ආසයි…. ඒත් මොනම රටක්වත් “හොඳ, නරක” ලෙස බෙදා වෙන් කරන්න පුලුවන් විදේශ සබඳතා පවත්වා ගන්නේ නෑ…..දැනට කියන්න තියෙන්නෙ ඒක අපූරු අධිරාජ්‍යවාදයක් කියන එක විතරයි……හැම තම නැණ පමණින් දැන ගත යුතු…….මම කියන දේ විශ්වාස කරන්න අවශ්‍ය නෑ…..ඔබත් සොයා බලන්න මේවා ගැන….
ෞපුටාගැනීම දමිත් කේතකගෙන්.
මූලාශ්‍ර :
බෘකින්ස් ආයතන වාර්ථා
ලෝක බැංකු 2016 – 2017
සී.එන්.බී.සී ගවේෂණය
ඇෆ්‍රිකා ස්ටෑන්ඩ්, සිම්බාබ්වේ සිටුවේෂන් ගවේෂණ