චිත්‍රපටිය.. (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න මොලේ පාවිච්චි කරලා මං කරපු තවත් ඔල මොට්ටල වැඩක් කියන්න පටාන් ගන්නයි යන්නෙ.
එතකොට මං ඒ ලෙවෙල් ඉවර වෙලා රිලැක්ස් එකේ ගෙදරට වෙලා ඉන්න කාලේ.මගේ යාලුවෙක් ආවා අපෙ ගෙදර.ඉතිං කතා කර කර ඉදලා කම්මැලිකම නිසා සාලෙට ඇවිත් වාඩි උනා.අපේ අයියා ටීවී බලනවා.ඒකා මගෙන් ඇහුවා ෆිල්ම් එකක් බලමුද කියලා.මගේ යාලුවත් අපේ අයියට ලයින් පාරක් දාගෙන හිටියෙ.ඔන්න ඒකිත් කිව්වා හා හා බලමු කියලා.
“අනේ හොල්මන් ෆිල්ම් එකක් බලමු කිව්වා.”
බය හිතුනාම අපේ අයියා වඩා ගනී කියලා හිතන්න ඇති.පව්,ඔන්න ඉතිං ඩීවීඩී එක ගේන්න කොමියුනිකේෂන් එකට යවන්න අපේ මල්ලිත් ලෑස්ති වෙලා ආවා.ඒකව තමයි ඔය පොඩි පොඩි ඒවට කඩේ යවන්නේ.ඉතිං අපෙ අයියා මට කිව්වා කොලේක හොරර් ෆිල්ම් කියල ලියලා යවමු කියලා.මාත් ඉතිං ලියලා යැව්වා.
මල්ලි ෆිල්ම් එක ගෙනාවා.ඔන්න මං මගෙ යාලුවා අපෙ අයියා මල්ලි ඇන්ඩ් අපෙ අම්මත් සෙට් උනා බලන්න.(මගේ යාළුවා අම්මා ආපුවාම ඔරෝනවා මං දැක්කා.)
අපේ අයියා ෆිල්ම් එක දැම්මා.විලිලැජ්ජැවේ බඩවල් ඇබරුනා කියන්නේ..පුදපු ගමන් කාපි යකා කියලා ඇගේ නූල් පොටක් නැතුව දෙන්නෙක් හැසිරෙන සීන් එකකින් ස්ටාර්ට් උනා කියන්නකො.මගේ කලු ඉංගිරියාව ඔඩොක්කුවට පැන්නා..අයියගේ අතිං කලබලේට රිමෝට් එක විසි උනා.ඒක ඇහිඳගත්ත මල්ලි අතින් ස්ලෝ මෝශන් එක එබුනා.මට හිතුනා ඇයි මේවා බලන්න මං තව ජීවත් වෙන්නේ කියලා.
අපෙ අම්මගෙ තත්වෙ කියන්න ඕන නෑනේ…අම්මා කියපුවට අයියා ගැබ් ගන්නත් ඉඩ තිබුනා.
මගෙ යාලුවා ශොක් වෙලා.වගෙ හිටියා.
අයියා ඒ පාර ටික ටික යවලා බැලුවා හොල්මන් තියෙද කියලා.මොන මෙක නිකං කාම සුත්ර වගේ…
ෆුල් ආතල්.
අපෙ අයියා: “තමුසෙ මොකක්ද් ඕයි ලියලා යැව්වෙ?”
මං: හොර ෆිල්ම්.
අයියා: “කෝ කොලේ?”
මල්ලි කොලේ දික් කරමින්.
අයියා..: “ඈ බූරු දෙන තෝ සිංහලෙන් ද ලිව්වෙ?”
මං : “ඔව් ඉතිං ඒකට ඉංග්රීසි කියවන්න දන්නවද දන්නෙ නෑනෙ”
අයියා: ඌ හිතන්න ඇති හොර ෆිල්ම් එකක් කිව්වාම නිල් එකක් කියලා.ඒකනෙ මේ එවලා තියනනෙ.අයියා නිකං මගෙ යාලුවගෙ ඉස්සරා නිර්වස්ත උනා වගේ දැනෙන්න ඇති..
මල්ලී – ඌ ගැන කියලා වැඩක් නෑ
අම්මා ඇඟේ හිරි ඇරගත්තා එදා අයියගෙන්..
මියුසික්….
පියූ..
උපුටා ගැනීම: Piumi Mandira

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!