ඔව් චීනය පසුගියදා ප්‍රථම වතාවට එයාලගේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා යන්ත්‍රය ක්‍රියාත්මක කරනු ලැබුවා. වෙන වචන වලින් කිව්වොත් ඉතිං කෘතිමව සූරිය හැදුවා වගේ තමයි….
අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ නෂ්ටික ප්‍රතික්‍රියා කරන්නේ කියලා. ඇත්තටම කිව්වොත් න්‍යශ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියනවා. එකක් තමා න්‍යශ්ටික විඛණ්ඩක ප්‍රතික්‍රියා. අනිත් එක නෂ්ටික විලයන ප්‍රතික්‍රියා. න්‍යශ්ටික විඛණ්ඩක ප්‍රතික්‍රියාවකදී වෙන්නේ විශාල න්‍යෂ්ටියක් කුඩා න්‍යෂ්ටි කිහිපයකට කැඩී යාමයි. මෙම ක්‍රියාවලිය තමා ලෝකයේ හැම තැනම තියෙන න්‍යශ්ටික බලාගාර හා පරමාණු බෝම්බ වල සිද්ධවෙන්නේ.
ඒත් වැඩි ශක්ති ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වෙන්නේ නයශ්ටික විලයන ප්‍රතික්‍රියා වලින්. එතනදි වෙන්නෙ පරමාණුක න්‍යෂ්ටි දෙකක් එකතු වෙලා විශාල න්‍යශ්ටියක් හැදීම. ඒක තමා හිරුගෙත් සිද්ධවෙන්නේ. සූර්යයාගේ සිද්ධවෙන්නේ හයිඩ්රජන් පරමාණු දෙකක් එකතු වෙලා හීලියම් පරමාණුවක් හැදීම. ඒක මෙච්චර කල් කරන්න බැරි වෙලා තිබ්බේ අවශ්‍ය අධික උශ්ණත්වයට ළඟාවිය නොහැකි නිසාවෙන්. ඒත් චීන විද්‍යාඥයන් මේ උශ්නත්වයේදි මෙම න්‍යශ්ටික විලයන ප්‍රතික්‍රියාව කරන්න සමත් වෙලා තියනවා.
මෙතැනදී මිලියන 150ක් සෙල්සියස් උෂ්ණත්වයක් කරා ලඟා වෙලා අදාළ න්‍යශ්ටික විලයන ප්‍රතික්‍රියාව අරඹන්න මෙම යන්ත්‍රයට හැකියාව තියෙනවා. ඒ කියන්නෙ සූර්යයාගේ උෂ්ණත්වය වගේ දහ ගුණයක උෂ්ණත්වයකට ළඟාවීමට මේ යන්ත්‍රයට පුලුවන් . මේ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රබල චුම්භක ක්ෂේත්‍ර හා අධික උෂ්ණත්වයෙන් යුතු ප්ලාස්මා භාවිතා කරලා තියෙනවා. චීන විද්‍යාඥයන් කියන විධියට මෙය ප්‍රබල ශක්ති ප්‍රභවයක් විදියට යොදා ගන්න පුළුවන්. එය චීනයේ බලශක්ති අර්බුදයට කදිම විසඳුමක් සපයනු ඇති බවත් චීනය මූල්‍යමය කටයුතු ශක්තිමත් කරනු ඇති බවත් ඔවුන්ගේ විශ්වාසයයි.
ඔබ නොදත් මේ වගේ තවත් තොරතුරු දැනගන්න ඒ ලෙවල් පන්තියට එක එකතු වෙන්න. ඒ වගේම මේ ආටිකල් එකට ලයික් like කරන්නත් අමතක කරන්න එපා
රන්දිකා සමරකෝන්
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි