චුට්ටක් අහන්න (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වීමත් සමග ඔසප් චක්රය ආරම්භ වෙනවා.මාසේකට සැරයක් ඔසප් වීම මේ ලෝකේ සෑම ගැහැණු ළමයෙක් මූණ දෙන ස්වාභාවික දෙයක්. ශාරීරිකව මෙන්ම මානසිකවද යම්කිසි ව්යාකූල තත්වයකින් පෙලෙනවා මේ වගේ දවස්වලට. මේක පිරිමින්ගෙන් හංගන්න වගේම පිරිමි නොදන්න කාරණයකුත් නෙමෙයි.පිරිමි ළමයි ඉගෙන ගන්න පාසලක ගැහැණු ළමයෙක්ට ඔය වගේ දවස ගවුමේ ගෑවුණොත් අන්න සීල් එකක්,ඔයිල් ලීක් වෙලා වැනි වදන් තමා අහන්න වෙන්නේ.
ඇත්තටම මේ වගේ වෙලාවක කෙල්ලෝ ලොකු අපහසුතාවයකට පත් වෙනවා.ඇත්තටම මේක ඒම හාස්යජනකව බලන්න දෙයක් නෙමෙයි.
ප්රශ්නේ තියෙන්නේ අපේ රටවල මේවා ගැන හරි දැනුමක් ලබා නොදෙන එක වගේම මේවා පිරිමින්ගෙන් සැගවිය යුතු රහස් බවට පත් කරගෙන සිටීම.ඇත්තටම ඇයි එහෙම කරන්න ඕනි? කසාදයක් බැන්ද දවසට දැන ගන්නේ නැද්ද? ගෙවල් වල ගෑනු ඉන්න පිරිමි මේවා දන්නේ නැද්ද ? සමහර වෙලාවට මේ ගැන අවබෝධයක් නැති නිසාම ඔවුන්ට තේරෙන්නේ නෑ මේ වගේ දවස්වලට ගැහැණුන් මූණ දෙන අපහසුතාවය.
එක්තරා පවුලක වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවෙක් හිටියා.ඔහු පිරිමි පාසලක ඉගෙන ගත්තේ.දවසක් ඔහු සහභාගී වූ අමතර පන්තියක ගැහැණු ළමයෙක්ට ඔසප් වීම සිදුවෙලා ඇය ඉතා අපහසුතාවයෙන් ඉන්නවා.ඇයට පන්ති කාමරයෙන් බැහැරට යාමට අවශ්ය වෙලා.ඇදුමේ ගෑවිලා.කෙල්ලෝ ටික ඇඹරෙනකොට කොල්ලාට මේක නිකන් ඉවෙන් වගේ දැනිලා ගිහිල්ලා අහලා මොකද ප්රශ්නයක්ද කියලා.පස්සේ ඔව් කියලා කිව්වම ඒ කොල්ලා අනිත් කොල්ලෝ ටිකත් අරන් එතනින් පොඩ්ඩක් එහාට වෙලා අර ගැහැණු ළමයට වොශ් රූම් එකට යන්න අවස්ථාව හදලා දීලා.තවත් දෙතුන් දෙනෙක් මේක දැකලා සීල් ගහන් මොකද කියලා කෑගහලා අහලා.පස්සේ කොල්ලො අතරේ පොඩි කතාබහක් ඇති වෙලා.මේ ගැන විමසීමක් කරලා ආදාල ගුරුවරයා ළමයින්ගෙන්.පස්සේ ඔහු අර පිරිමි ළමයට වගේම ඔහුගේ මව ගැනත් ප්රශංශා කරලා ළමයින්ට මේක ගැන පැහැදිලි කරල දීලා.
ඒ කොල්ලට ගෙදර ඉන්නේ අක්කලාම තුන් දෙනෙක්ලු. මේවා අමුතු මැජික් නෙමෙයි.මේවා ගැන හැමෝටම අවබෝධයක් තියෙන්න ඕනි.ගැහැනියෙක්ගේ ශරීරය කියන එක මැජික් එකක් කරන තාක් කල් මේ රටේ මිනිස්සුන්ට තියෙන අසහනය නැති කරන්න බෑ.පාසලේදී උනත් මේ පාඩම් උගන්නද්දී ගුරුවරයා ප්රශ්න අහන්න එපා කියන දේ අහන් ඉන්න කියලා උගන්වන ක්රමයෙන් එලියට එන්න ඕනි.
සමහර වෙලාවට ගැහැණු ළමයින්ටත් මේ මොකක්ද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් නෑ.මොකද දැනුවත් වෙන්න ක්රමයක් නෑ.
තාක්ශණය දියුණුයි දැන් අන්තර්ජාලයෙන් හරි හොයලා බලලා ඉගෙන ගන්න මේ දේවල් ගැන.ඇත්තටම මෙහෙම අනෙකාගේ අපහසුතාවලට හිනා වීම මත තව කෙනෙක් ඇගේ අපහසුම දවස්වල තවත් මානසිකව වැටෙනවා.ඔබ මවක් නම් , සහෝදරියක් නම් ඔබගේ දරුවාට ,සහෝදරයාට කියලා දෙන්න් මේක මැජික් එක්ක් නොවන බව.හැම පිරිමි දරුවෙක්ම ගැහැණු ළමයෙක්ගේ අපහසු දවස් සහ ඒ ගැන අවබෝධයෙන් ඉන්න එක දෙගොල්ලොන්ටම ලොකු සහනයක්.ප්රජනන ක්රියාවලියේ එක් අංගයක් ඔසප් වීම.ඇගේ ගර්භාෂය සූදානම් වෙනවා පිලිසිද ගැනීමකට.
විද්යාත්මකව ඕක තමයි කතාව.
පිරිමි දැන ගන්න හොඳ නෑ.කියන්න හොඳ නෑ.ඕවා ඔක්කෝම මවා ගත්ත විකාර.දරුවෙක් ලැබෙන්න අපි යන්නෙ පිරිමි දොස්තර කෙනෙක් ගාවට නෙමෙයිද? පෑඩ් හදන ෆැක්ට්රි වල කොල්ලෝ නැද්ද? අපි ඕක ගිහිල්ලා ගන්න කඩේ ඉන්න මුදලාලි? පිරිමි දන්නේ නැද්ද මේ ගැන.
මේ වගේ අපහසුතාවයකට කෙල්ලෙක් පත්වෙලා ඉන්නවා දැක්කම ඇයට උසුලු විසුලු කිරීමෙන් වැලකිලා ඉන්න.කෙල්ලෝ කවුරුත් ආසාවෙන් කැමත්තෙන් කර ගන්න දෙයක් නෙමෙයි මේක.අපිත් බොහොම අපහසුවෙන් මේ දවස් ටික ගත කරන්නේ.අපිත් නොදැනුවත්වම තමයි ඇදුම් වල ගෑවෙන්නේ.එහෙම වෙලාවට නොදැක්කා වගේ ඉන්න එක තමයි කරන්න පුළුවන් ලොකුම උදව්ව හිනා නොවී.
උපුටා ගැනීම:  වයනි මධුශාණි 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!