ඕස්ට්‍රේලියාවේදී සිදුකළ වසර 15 ක වෙහෙසකර මෙහෙයුමකින් අනතුරුව ලොව විශාලතම ඩයිනෝසර ප්‍රබේධයකට අයත් යැයි සිතිය හැකි දැවැන්තයෙකුගේ ෆොසිලියක් මතුකර ගැනීමට හැකියාවක් ලැබී ඇති අතර, මෙම දැවැන්තයාව හැඳින්වෙන්නෙ “කූපර්” නම් සුරතල් නාමයෙනි.
සෞරෝපාඩ් ඩයිනෝසර් ප්‍රබේධයට අයත් “කූපර්” ගේ පොසිලය 2006 වසරේදී මුල් වරට සොයාගනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ නිරත දිගට වන්නට එරෝමන්ගා හි පිහිටි ස්ටුවර්ට් සහ රොබින් මැකන්සි යුවළට අයත් ගොවිපොළක් තුළදීය.
ඉන් වසර 15 කට පසුව සම්පූර්ණයෙන්ම පොළොවෙන් ගොඩට ගෙන ඇති මෙම ඩයිනෝසරයා මීට වයස අවුරුදු මිලියන 95-98 ඉහතදී ජීවත් වෙන්නට ඇතැයි අනුමානය කරන අතර, ඌ මේ දක්වා ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන ඇති දැවැන්තම ඩයිනෝසරයා ලෙසින්ද සැළකෙයි.
කූපර්ගේ දිග මීටර් 30 ක් වන අතර, උස (පොළොවේ සිට ඉඟ දක්වා) මීටර් 6.5 කි.
කූපර් ට නව ඩයිනෝසර් විශේෂයක් ලෙසින් වර්ගීකරණය කිරීමට නියමිත අතර, ඌ මීට පෙර දකුණු ඇමෙරිකාවෙන් පමණක් සොයාගනු ලැබූ “ටයිටනෝසෝරස්” ප්රබේධයේම උප විශේෂයක් මෙන්ම ලොව විශාලතම ඩයිනෝසරයන් 10 දෙනාගෙන් එකකි.
මීට අවුරුදු මිලියන 65 කට පමණ පෙර පෘථිවිය හා ගැටුණු උල්කාපාතයක් හේතුවෙන් ඩයිනෝසරයන් සම්පූර්ණනේම මෙළොවෙන් තුරන් වී ගිය බවට විද්‍යාඥයන් විශ්වාස කරන අතර, කූපර් ඊට බොහෝ කලකට පෙර ඕස්ට්‍රේලියාවේ ජීවත්ව සිටින්නට ඇතැයි සැළකේ.
ඡායාරෑප:
1. කූපර් ව චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්
2කූපර් ගේ ශරීර ප්‍රමාණය සහ උගේ අස්ථි සොයා කැනීම් සිදුකරන ස්ථානය සමග සසඳා නිර්මාණය කරන ලද චිත්‍රයක්
– අනිල් කරැණාරත්න –