කොපිකිරීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔව්….. විභාග වලදී කොරන එක තමා… නෑ ඉතින්… මං ගියේ ගර්ල්ස් ස්කූල් එකකට නිසාත් එකේ ඉන්න බහුතරය පරම ආත්මාර්ථකාමී කතුන් නිසාත් ගොඩක් වෙලාවට විභාගයකදී උත්තරයක් අහගන්න හික් මීයෙක් වත් නැති මහා මහා වාලුකා කාන්තාරයක් බවට පත්වනවා අපේ ඉස්කෝලේ….
ඒත් ඉතින් අයියෙ! අක්කේ! නංගියෙ! මල්ලියෙ! අම්මේ! තාත්තේ! අත්තම්මේ! සීයෙ! මොකක් හෝ ප්රාතිහාර්යක් සිද්ධ වෙන්ට යෙදුණු නිසා එක්තරා පන්තියක දී අති නසරානි පප්පිලා ටිකක් එකම පන්ති කුලකයකට වැටුණා. ඔය කියන කලි යුගයේ විභාගය වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම group work එක ක් තමා ඉතින්.
ඔන්න දවසක් බුද්ධාගම paper පේපර් එකක පන්තියේ බලු බල්ලෙක් වත් නොදන්නා කවියක මුල් පදය හිනා වෙවී හිටියා. අපිට ඉතුරු ටික පුරවන්ඩ පුරවන්නයි කියලා….. හැමෝම දැන් කතා වෙනවා කවිය මොකද්ද කියලා… මොකෙක් වත් දන්නේ නෑ.. අන්තිමේදී පේප්ර් එක් භාර දෙන්න විනාඩි පහකට විතර කලින් යන්තම් පන්තියේ කොනේ හිටිය දිව්යාංගනාව කට අදාළ කාව්ය රත්නය වකුගඩුවකට පහළ වෙලා… සුබ මොහොතින් චිට් පත්රයක ලියලා පන්තියටම පාස් කරා ඉතින් පන්ති වාසී ජීවීනුත් සතුටින් ඉපිලී… ඉතිරි… වැතිරී… යමින් කවිය ලියලා පේපර් එක දීලා දැම්මා.
ලකුණු දෙන දවසේ තමා අපේ ඉතිරි ඉපිලී පැතිරී වැතිරී තිබ්බ සතුට පිපිරී ගියේ……. අර යටකී දෙව් දූ කවිය රීමික්ස් කරලා තමයි අපිට දීලා තියෙන්නේ… කවියෙ දෙවනි පදේ වෙන කවියක …… තුන් වෙනි පදේ තව කවියක…….. හතර වෙනි පදේ සිංහල පොතේ තිබ්බ කවියක එකක්……. දැන් සැප කනේ……. නෑ පිංවතුනි මුලු පංතියක්ම හරියට කවිය ලියල තියෙන්න පුලුවන් … මුලු පන්තියම කවිය නොලියා ඉන්න පුලුවන්…… මුලු පන්තියම කවිය එකම වැරද්ද එක්ක ලියන්නෙ කොහොමද?? දැන් මැඩම් ට හරි ප්රශ්නෙ…… මැඩම් ඇවිත් අපෙන් ඇහුව මොකද වුනේ කියල …. කොපි කරාද අහුවා…. එතකොට අර මොලේ වකුගඩුවකින් රිප්ලේස් වෙලා හිටපු දිව්‍යාන්ගනාව එකපාරටම නැගිටල කියපි….  මැඩම් මම පොතේ කවිය ලියගෙන තිබ්බෙ වැරදියට කියලා…. හරි පුතේ එතකොට අනිත් අය කොහොමද ඔයාගෙ පොතේ තියන කවිය ලියන්නෙ කියල මැඩම් ඇහුවා. නෑ මැඩම් අපි ඒ පොතෙන් ම තමා පාඩම් කලේ කියල කිව්ව අපෙ දෙවියා… අනේ ඉතින් නවයෙ පන්තියෙ හිටියට අදාල කාන්තාවගෙ මුල් ලමාවිය සන්වර්ධනය වෙලා නෑ ඉතින්…… නෑ ඉතින්…… ආ දැන් ඔයලගෙ මුලු පන්තියටම තියෙන්නෙ එක පොතයි ද??? ඔයා නේද ඔය කවිය ලියල පාස් කලේ මුලු පන්තියටම? අහ්? ඉන්ඩ මම කියනවා ප්රින්සිපල් ට…. මේ වගේ ඉස්කෝලෙක ලමයි හැදෙන් විදිහ…….. හරි ශෝක්!!!!!
අපි අහගන්න ඔනෙ ටික අහගත්තා මැඩම් ගෙන්…. අර දිව්ය දූතිය ගම කෑවනෙ ඉතින්…… එදා ඉදං කවදාවත් ආය විභාග වලදි අපේ පංතියේ අය එක ලග තිබ්බෙ නෑ ඕං…. හැම දාම අනික් පංති එක්ක මාරු කරලා තමා දැම්මේ…..
කොපි කිරීම ගැන කියද්දි අපේ ඔෆීසියේ වැඩ වාසය කරන ‘ස’ තුමා ගෙ කතාවකුත් නොකියාම බෑ. ඔන්න අපේ ‘ස’ තුමා අති රමනීය පාසල් භූමියක හය හතර හදාරන කල්හි කොපි කරල ටීචර් කෙනෙක්ට අහු වෙලා ඉතින්….. මේකට මේ ටීචර් ‘ස’ තුමා ඇතුලු නිබ්බලා ටිකට ටීච කෙනෙක් බැන්නලු ඉතින් හොඳටම. බනින්නැතුව පුලුවන් යෑ ඉතින් ආය මෙහෙම copy කරද්දි …. නැද්ද මං අහන්නේ? කොහොමින් කොහොම හරි අපේ හය හතර පවා කොපි කල කළ සර් තුමා ඇතුළු නිබ්බලා ටිකට ඔන්න ඕකට ඔය ටීච එක්ක තරහ ගියා ලු. ‘ගේම නං ගේම’ නම් විල්සන් කරූගේ  තියරිය apply කරන්ඩ වැඩි වේලාවක් ගිහින් නැල්ලු ඉතින්……. ඔයිට අල්ලපු දවසෙම අලිබබා හා හොරු 40 වගේ අහවල් ටීචර් ෂොපින් යද්දි අනිමිස ලෝචන පූජා මෝඩ එකත් ඔන් කරගෙන කස්ටිය ටීචර් ෆලෝ කරා ලු. ඔන්න ඉතින් ටීචර්ත් වාහනේ පාරක අයිනක නවත්තලා ගියාලු shopping.
අනේ ඉතින් අර මරුමුස් කල්ලිය අර අසරණ teachers තුමීගේ වාහනේ ටයර් හතරෙ හුලං යවලා ලු නේ ආයුබෝවන්ඩ…… අර කොපි කරා කියලා බැන්න එකේ තරහට…… ඔව් ඔව් ඊට පස්සේ ටීචර් කොහොම ගෙදර ගියාද කියලා නම් කියල නම් දන්නෙ නෑ ඉතින්………
කොපි කරපු එක ගැන තව හොඳ ජාතක කතා වස්තුවක් අපේ සර් තුමා දේශනා කරා. ඒත් ඒක ලියලා මාව වැඩ කරන තැන ජනේලෙකින් පල්ලෙහාට විසි කරන්ඩ බැරි නෑ. මොනවා උනත් අපරාදෙනෙ මගේ තරුණ ජීවිතේ……….. ඔව් කලින් එක එක ලිව්වටත් මොනවා කියයිද දන්නේ නෑ.. ඉතින් ඔයාලා කියෙව්වට කමක් නෑ…. සර් තුමාට නොපෙන්වා හිඳීමෙන් මාගේ පන කෙන්ද ආරක්ෂා කිරීමේ මහා පුණ්යකර්මයට ඔබටත් සතයකින් හරි දායක විය හැකියි…………

 රන්දිකා සමරකෝන් 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!