කොළඹ මැද මගේ ව්‍යාපාරය කරන් යන නිසා මගේ වැඩිපුරම පාරිභෝගිකයන් වැඩි දෙනෙක් ම අහමඩ් ලා, රාජ්කුමාර් ලා, නවාස්ලා, සෙල්වකුමාර් ලා, ආබ්‍රහම් ලා ය. කීප දෙනෙකු හැරෙන්නට ඔය ඔක්කොම යම්තාක් දුරකට හොදින් සින්හළ කථා කරන අයයි. දෙමළෙන් කතා කරන්නටත් දෙමළ ඉගෙන ගැනීමටත් මම කැමතිය. නමුත් ඒ අය නොවේ මා සමග දෙමළෙන් කතා කරන්නේ.
දිනකට ලන්කාවේ උතුරු නැගෙනහිර පළාත්වලින් ඇමතුම් දෙක තුනක් හෝ ලැබෙයි. නමුත් මා අමාරුවේ වැටෙන්නේ යාපනේ , මඩකළපුවේ හෝ කින්නියා වැනි ප්‍රදේශවල පාරිභෝගිකයන් කතා කළවිටයි.
” සොල්ලුන්ග අයියා උන්ගලුක්ක එන්න වේනුම් “
( කියන්න අයියා ඔයාට මොනවද ඕනෑ ? “)
කියමින් මා කතාව පටන් ගන්නේ දෙමළ භාෂාවේ කප්පිත්තෙක් ලෙසිනි.
” එත්තන පීසස් වේනුමා ? “
( කෑලි කීයක් ඕනෙද? ” )
” ඉද නල්ල ප්‍රයිස් නානා “
( නානා මේක හොද ප්රයිෂ් එක )
” පරවා ඉල්ල කාසි පෝඩුන්ග “
( කමක් නෑ සල්ලි දාන්ඩ )
ආදී වචන දමමින් කතා කරද්දී සමහර විට ඔවුන් මුල් විනාඩි කිහිපයේ සිතන්නේ මා හොදින් දෙමළ කතා කරන්නෙකු ලෙසයි . දැන් ඔවුන් ව්‍යාකාරණ දමමින් දෙමළ කතා කරන්නට පටන් ගනියි. නොදන්නා දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්නවා කියන්නෙ ඔය වාගෙ වුන අයට විය යුතුය.
දැන් ඔවුන් කතා කරන දෙමළ මට අන්ඩර දෙමළ මෙනි. මෙලෝ දෙයක් තේරෙන්නේ නැත. සින්හළත් නොදන්නා ඉන්ග්රීසීත් නොදන්නා දෙමළ පමණක් කතා කරන කෙනෙක් සෙට් වුවහොත් වැඩේ ජෝන් බාස් ටය. ඉන්ග්‍රීසිත් ටිකක් හෝ දන්න කෙනෙක් නම් දෙමළ ඉන්ග්‍රීසි කලවමේ හෝ කතා කොට ජාමය බේරා ගත හැකිය.
සමහර යාපනේ දෙමළ ඌරුව තේරුම්ගැනීමත් උගහටය.
” කොන්ජම් ඉරින්ග අන්නා “
කියමින් මා එවිට දුව යන්නේ පහළ තට්ටුවේ දෙමළ ටේලර් ගාවටය. එවිට ඔහු ඔහුගේ ඇදුම් වැඩේ නවත්වා දමා මගේ තෝල්ක වැඩේ කර දෙයි.
” සල්ලි නම් දාන්න පුළුවන් බඩු එවයි කියළ ෂුවර් ද? “
යාපනයේ කෙනා අසයි. ටේලර් ඒවාට පිළිතුරු දෙයි. දෙදෙනා දෙමළෙන් බරටම කතා කරයි. වැඩේ සෙට්ල් ය.
” රොම්බ තෑන්ක්ස් “
හදිසියේම දෙමළෙන් කතා කළ කෙනා පහුවෙනිදා
” අයියා. කොළඹ වෙෂ්ෂ ද ? ” කියා අසයි.
” අයියා සින්හළ ටික ටික පුළුවන් . වෙරදියට කියලා අයියාගේ හිත රිදෙයි කියලා තමයි ප්‍රශ්න . ඒකයි තමිල් ම කථාකළා “
” ඔය කතා කරන්නෙ හොදට “
“ෂරි ෂරි නන්ඩ්‍රි “
ඔහු කියයි.
වැරදි දෙමළ බැරි මමද ,සින්හළ බැරි ඔහුද ? දෙදෙනාමය.
ඊළග දවසක යාපනේ මිත්‍රයා කථා කරයි.
මම ඔහුට පිළිතුරු දෙන්නේ
” තම්බි.. එප්පඩි සුකම්, එන්න කද ? “
කියමිනි
” ඔව්..ඔව්..හොදයි මහත්තයා..නල්ල කද..නල්ල කද “
ඔහු කියයි.
හැමෝටම රොම්බ තෑන්ක්ස්
උපුටා ගැනීම: සන්ජය දොළමුල්ල.