කොවිඩ් එන්නත ලබා ගත් කාන්තාවක මරුට (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ෆයිසර් කොරෝනා මර්දන එන්නත ලබා ගත් නවසීලන්ත කාන්තාවක් මිය ගොස් ඇති බව, එරට සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

වෙලිංග්ටන් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ ෆයිසර් කෝවිඩ් -19 එන්නත හා සම්බන්ධ ව එරටින් වාර්තා වූ පළමු මරණය මෙය බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වාධීන COVID-19 එන්නත් ආරක්‍ෂක අධීක්ෂණ මණ්ඩල සමාලෝචනයෙන් පසු මෙම මරණය පිළිබඳ ව නිවේදනය කළ ද අදාළ කාන්තාව පදිංචි ප්‍රදේශය,නම, හෝ වයස ආදී පෞද්ගලික තොරතුරු කිසිවක් හෙළිදරව් නො කිරිමට එරට සෞඛ්‍ය බලධාරීන් වගබලා ගත්තා.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ මරණය හෘද පේශිවල දැවිල්ලක් සමඟින් හෘද ස්පන්දන රිද්මයේ වෙනස්කම් ඇතිකර එමඟින් රුධිරය පොම්ප කිරීමේ හැකියාව සීමා කෙරෙන මයිකාඩයිටිස් නැමති සංකූලතාව නිසා ඇති වූවක් බව නවසීලන්ත වෛද්‍ය මණ්ඩලය සලකනවා.

මෙය ෆයිසර් කෝවිඩ් -19 එන්නතෙහි දුර්ලභ අතුරු ආබාධයක් ලෙසයි සඳහන් වන්නේ.

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!