කොවිඩ් ආසාදනය වී සුවවු කාන්තාවන්ට මාස තුනත් මාස හයත් අතර කාලයකදී වැඩි බලපෑමක් ඇතිකරන දිගුකාලීන රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
මෙම රෝග ලක්ෂණ පිරිමි පුද්ගලයන්ට ද ඇතිවිය හැකිය.
එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය නමැති රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතියි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකය සිදුකළ අධ්‍යයනයකින් එවැනි රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇත.
අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම සියයට 8ක් (8%) , උදර රෝග ලක්ෂණ සියයට 8ක් (8%), මානසික අවපීඩනය සියයට පහළොවක් (15%) , පපුවේ සහ උගුරේ වේදනාව සියයට හයක් (6%) , සංජානන ගැටලු සියයට 4ක් (4%) , තෙහෙට්ටුව, හිසරදය සියයට 5ක් (5%), මාංශපේශී වේදනාව සියයට 5ක් (5%) සහ වෙනත් වේදනාවන් සියයට හතක් (7%) වශයෙන් රෝග ලක්ෂණ මතුවන බවට හඳුනාගෙන තිබේ.
මෙම දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝගයක් විය හැකි බවද ආචාර්ය චන්දිම ජීවන්දර ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
උපුටා ගැනීම: Gossip Lanka News