කොවිඩ් වෛරසයට එරෙහිව ලොව ප්‍රථම මිනිස් DNA එන්නත ඉන්දියාව නිපදවයි … (විද්‍යා හා තාක්ෂණය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කොවිඩ් 19 වෛරසයට සුභවාදී පිළිතුරක් සපයමින් ඉන්දියාවෙන් නව එන්නත් නිෂ්පාදනයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලොව ප්‍රථම මිනිස් DNA එන්නත නිපදවීමට ඉන්දියාව සමත් වී ඇත.

කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා මේ වනවිටත් ලොව පුරා විවිධ පර්‍යේෂණ රැසක් සිදුවෙමින් පවතී. මේ අතරතුර ඉන්දියාවේ විද්‍යාඥයන් පිරිසක් නව සොයාගැනීමක් සිදුකර ඇත.මේ අනුව ලොව ප්‍රථම වරට DNA පදනම් කරගත් එන්නතක් නිර්මාණය කරන්නට ඔවුන් සමත්ව ඇත.

“ZYCOV-D”නැමැති මෙම එන්නතට අනුමැතිය ලබාදෙන බවට අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතාද ප්‍රකාශ කර ඇත. මෙය කොවිඩ් 19 රෝගයට එරෙහිව ලොව ප්‍රථම වරට මිනිස් DNA සහිතව නිශ්පාදනය වන එන්නතයි.

ලොව ප්‍රථම “DNA කොවිඩ් මර්ධන එන්නත” නිශ්පාදනය කරනු ලබන්නේ කැනිලා හෙල්ත් කෙයාර් ආයතනයයි.මෙමෙ එන්නත මාත්‍රා තුනකින් සමන්විතයි.මාත්‍රා තුනක් සහිත මෙම ZYCOV-D එන්නත මගින් එන්නත් කල අයගෙන් 66% කට ප්‍රතිශතයකින් රෝග ලක්ෂණ වලක්වා ගත හැකිවන බව පැවසේ.

ඉන්දියාව මේ වනවිටත් කලින් අනුමත කරන ලද එන්නත් මිලියන 570 කට වඩා ලබාදී ඇත.ඉන්දියාව විසින් ස්වෙච්ඡා සේවකයින් 28,000 ක් සම්භන්ධ කර ගනිමින් මෙම නව DNA එන්නත අත්හදාබලා තිබිණ .

කැනිලා හෙල්ත් කෙයාර් ආයතනය පවසන්නේ මෙය ඉන්දියාවේ තරුණයින් සම්බන්ධ කර ගනිමින් කොවිඩ් 19 එන්නතක් පරීක්ෂා කළ ප්‍රථම අවස්ථාව බවයි.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම DNA එන්නත ලාබ ,ආරක්ෂාකාරී සහ ස්ථායී බවයි .මෙම එන්නත අවුරුදු 12ට වැඩි ළමුන් සහ වැඩිහිටියන් ඇතුළු ජනතාවට ලබාදිය හැකි බව එරට විද්‍යාඥයන් සහ තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

මෙම එන්නත ඉන්දියාවේ භාවිතය සඳහා අවසරලත් හයවන එන්නතයි. කෙසේ නමුත් මෙම සොයා ගැනීමත් සමඟ දරුවන් වෙනුවෙන් මෙය ඉතාමත් වැදගත් වේ යැයි සියලු දෙනා අපේක්ෂා මත පලකරයි .

reference : https://www.lankatelegraph.info/archives/6953

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!