ඕං ඉතිං හිතෝතුනි මං හා පුරා කියලා සාමාන්ය පෙලින් පාස් වෙලා උසස් පෙල ලියන්න වාඩි වුන අවුරුද්ද ආවා .2017 තමා මං ඔය උසස් යැයි සම්මත පෙල ලියලා පලමු වතාවට ඇන ගත්ත අවුරුද්ද .දැං වයස හදන්නෙපා ඈහ් .ඉතිං ඔය කාලේ මායි මගේ යාලුවෝ සෙට් එකයි ඕං රසායන විද්යා පන්තියකට සිංහලෙං කිව්වොත් කෙමිස්ට්රි ක්ලාස් යනවා .කෙමිස්ට්රි ක්ලාස් එක තියෙන්නේ කච්චේරිය එහා පැත්තේ .
දවසක් ක්ලාස් පටන් ගන්නකං එලියට වෙලා ඉන්නකොට දැක්කා අඩි පහමාරක් විතර උස පොයින්ට් එකට රැව්ල කපපු ලස්සන කොලු පරානයක් ඔතනින් යනවා .අපේ සෙට් එකේ උංගෙත් කටවල් වහං ඉන්න බැරි ලෙඩක් තියෙනවනේ .ඒ නිසා අපි ඉතිං ඌට අනං මනං කිව්වා .හැබැයි ඌ නෙවෙයි ඔලුව උස්සලා අපේ දිහා බැලුවේ .බිම බලාගෙන හාමුදුරුවෝ වගේ යනවා .දැං අපිටත් නොන්ඩිය .ඌ මුකුත් කිව්වෙ නෑනේ .ඒ නිසා ඉතිං කට්ටිය ඌ මගේ එකා ගගා වැලලෙන්න හදනවා .පලවෙනි දවස ඔහොම ගෙවුනා .ඊලඟ සතියෙත් ක්ලාස් පටං ගන්නකං ඉන්නකොට ඔන්න එනවා අමීර් ඛාන් පාර දිගේ .( අහ් නම දන්නේ නැති නිසා අපි ඌට දාලා තිබ්බ කාඩ් එක අමීර් ඛාන් .) එදා හැබැයි ඒකාව දැක්ක ගමන් මගේ හඳුන්පොත මොකද්දෝ වෙලා ගියා ඉතිම් .( .මවා ගන්නකෝ මූණම් රතු වෙලා ඇස් ගම් ගාලා අලෝලා වගේ කොල්ලෙක් දිහා බලං ඉන්න කෙල්ලෙක්ගේ රූපයක් ).
ඔය විදියට මාස දෙක තුනක් ගෙවිල ගියා .හැමදාම බ්රහස්පතින්දා උදේට දැං අමීර් ඛාන්ගේ දර්ශනය දකිනවා නෙවෙයි මිත්රවරුනි දකින්න බලං ඉන්නවා .ඒකව දකින දවසට ඉතිං අපි ආදරේ කරනවා, පිස්සු නටනවා, ගහගන්නවා, මරාගන්නවා, කසාඳ බඳිනවා.ඔක්කොම හීනෙං හැබැයි .( දැං කියන්න එපා හපෝ මේකි මහ වල් කෙල්ලෙක් දකින දකින කොල්ලට පැනි පෙරනවා කියලා .ඒක පාර්සික උනත් ඒ මගේ ප්රතම ප්රේමය හොඳේ .) ඕං ඉතිං ඔහොම සිතිං විතරක් පෙම් කරගෙන දුරින් ඉඳං ඌ දිහා බලං ඉන්න අතරවාරේ අපේ මව් වහන්සේ කතා කරනවා පත්තිරුවක් ගන්න යන්න කච්චේරියට .අම්මා හරි තාත්තා හරි එක්ක ගමනක් යන දවසට ඕන කඩචෝරුවක් ඉල්ලන සැනින් අරං දෙන නිසා මාත් ඉතිං කිව්ව පමාවට ලෑස්ති වෙලා අම්ම එක්ක කච්චේරියට ආවා .දැං ඕකේ තිබුන ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලයට ගිහිං පත්තිරුව ගන්න අම්මා ඇප්ලිකේශන් පුරවන අතර වාරේ මගේ ඇස් වටේ දුවනවා .නවත්තන්න හැඳුවට නවතින්නෙම නෑ .ටිකක් වෙලා එහෙමෙහේ දුවනකොට මංතුමීට දැං පේනවා හුරුපුරුදු රුවක් ඇදෙනවා කවුදෝ එනවා අපේ පැත්තට .අම්මටසිරි අමීර් ඛාන් .දැං ඉතිං මගේ හඳුන්පොත කීං ගානවා .මං ඉතිං කල්පනා කරනවා මාත් එක්ක කතා කරයි .මං මොනාද කියන්නේ .කොහොමද ඉන්න ඕනි කියලා .කියන්න සන්තෝසයි මිත්රවරුනි මං හීන ලෝකේ ඉන්න අතරේ මේ මිනිහා ගිහිං කෙල්ලෙක් එක්ක කතා කරානේ .හනේ ඉතිං මගේ හීනලෝකේ දෙපාමුලම කඩං වැටිලා චප්පම වෙලා ගියා සහෝදර වරුනි .
ඒ සිදුවීමෙං පස්සේ මං වැඩිය හීන ලෝකේ පැත්තේ කරක් ගැහුවේ නෑ .බැරි වෙලාවත් වලකටවත් වැටුනොත් කියලා හිටං . ඔය විදියට මාස දෙකතුනක් ගෙවිලා ගිහිම් එග්සෑම් එකත් ලියලා ඉවරවෙලා මං හවුස් ප්ලෑනින් කෝස් එකක් කරන්න ගත්තා .(රස්සාවක් නැති උනොත් ප්ලෑනක් ඇඳලා හරි ජීවිතේ ගැටගහගන්න එපැයි .රිසාල්ට්ස් අපු ගමං ගෙදරිං දොට්ට දානවනේ .) ඕකට යන අතරේ දවසක් බස් එකක් එනකං හන්දියේ ඉන්නකොට හෝල්ට් එකේ ඉඳපු කොලු පරාණයක් මගේ දිහා බලාන ඉන්නවා ඇහැ කොනට පෙනුනා මට .මං ඉතිං මොකාද යකෝ මේ ඇස් පේන්නේ නැති රිලා මොටා කියලා බලනකොට මෙන්න බොලේ මගේ ඒක පාර්සික ප්රේමවන්තයා මං දිහා බලලා හිනා වෙනවා .අම්මේ ඉතිම් මාත් ගියා යෑමක් හීන ලෝකෙට .. බ්රෑන්ඩ්නිව් බ්රේක් නොතිබෙන්න හීන ලෝකේ තාප්පේ වැදිලා දඩ ගෙවන්නත් වෙනවා මට .එදා ඉතිං හෙන හැපි එකේ ක්ලාස් එකටත් ගිහිම් ගෙදර ආවා .පහුවෙනිදත් ඉන්නවා මේං ඒකා හෝල්ට් එකේ .අම්මේ ඉතිම් මාත් දැම්මා පැනි හිනාවක් .උගේ කට කනට යන්න .ආයි ඉතිම් මං ඉතරක් මක්කටෙයි සෙකන්ඩ් වෙන්නෙ. එදත් ඉතිම් ක්ලාස් එකේ ඇඟ තිබ්බට හිත තිබ්බේ අමීර් ඛාන් ලඟ .කොහොම හරි හවස ක්ලාස් ඇරිලා ගෙදර එන්න එනකොට මේන් මේකා ක්ලාස් එක ලඟ .කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු .මේකා එකපාරම මා ලඟට ඇවිල්ලා නම්බර් එක ලියපු කොල කෑල්ලක් මට දීලා මැසේජ් එකක් දාන්න කිව්වා .කොයි තරම් හිතින් පෙම් කරත් ඔහොම දෙයක් උනාම කන්පියුස් වෙනවනේ මිත්රවරුනි .මං ඉතිං ඇහුවා ඒ මොකටද කියලා .මේං මේකා වාශ්ප උනා එකපාරම .
කොහොමිං කොහොම හරි මිත්රවරුනි ඔහොම පටං ගත්ත ප්රේම පුරානේ අපේ ගෙදරට ඇවිල්ලා අම්මලාගෙනුත් අහලා මාත් හා කියලා අවුරුද්දකුත් ගෙවිලා මේ අවුරුද්දේ අන්තිමට පෝරුවේ නගින්ටත් නියමිතයි සහෝදරවරුනි .අන්තිමට මගේ කස් එක මගේ ලව් එක වෙලා ලව් එක ලයිෆ් එක වෙන්නයි යන්නේ ඕං .වෙඩින් කේක් කෑල්ලක් එවන්නම්කෝ කස්ටියට .යන්නම් ඈහ් .අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි .
උපුටා ගැනීම: Chathuu Pothuwila