මං පොඩි නැප් එකක් දාන්න හිතන් , ප්ලේන්ටියකුත් අරන් ගේ ඉස්සරහා ජම්බු ගහයට හිටවලා තියන කොටේ උඩින් වාඩි උනා විතරයි, චාර්ජ් වෙන්න දාලා ආපු ටකේ හූ තියන් වදිනවා කොහොමත් ඔය මලදානේ රින්ග් වෙන්නෙම මොකක් හරි වැඩක ඉන්නකොටමයි, කෝල් කරන්න මොකෙක්වත් නැත්නම් අල්ලපු කාමරේ ඉඳන් ගෑණි හරි කෝල් කරලා අහනවා
කොහෙද ඉන්නේ ….මොකද කරන්නේ කියල. සෙනිකව දුවල ගිහිල්ලා ගත්තා කෝල් එක , අඩේ දන්නේ නැති නොම්බරයක්. ටක් ගාලා පෝන් එක පහුරු ගාලා ආන්සර් කලා.
“හලෝහ්…”
“ඔබගේ ලග්නයට අදාලව දවසේ පලාපල දැන ගැනීමට ….. ග්රැනීට රයිස් ගරන්ඩ මිනිහෙක්ට නිදහසේ ඉන්ඩ නොදී දවසට පස් හය පාරක් එක එක බිබික්කම් වලට කෝල් කරන්ඩ මොබයිල් සර්විස් ප්රොවයිඩර් කෙනෙක්ට තියන අයිතිය ගැන මට පට්ට කුකුසක් උපන්නා. ඇයි යකඩෝ
උදේම ලග්නේ පලාපලේ, ආයේ ටිකකින් කවුදෝ නිලියෙක්ට ලාම්පුව අල්ලන්න , ආයෙම ටිකකින් ඔබගේ සමීපතමයන් ඉන්න තැන බලා ගන්න, අලුත්ම සිංදු රිගින් ටෝන් දාන්න, බූරුවා ගහන්න, ගුඩු පනින්න, වල කජ්ජු ගහන්න, සකලයන් අඹන්න එකි නොකී මෙකී සෑම සියලුම ඒවට මුන්දලා හිතූ මනාපෙට කෝල් කරනවා.
මල පනිනවනේ සාන්ත .නැද්ද , ගත්ත කස්ටමර් ඩෝන්ට් කෙයාර් එකට කෝල් එකක්. ටිකක් වෙලා රැඳී හිටියම අනෙක් පැත්තෙන් කතා කලා
“හලූඌඌඌඌ මම සමයන්ති කෙචේද යොබට සාය වන්නේහ් “
“ආයූබෝවන් මම මේ කතා කරන්නේ පොඩි විස්තරයක් දැන ගන්න කියලා”
” මච මේ කචා ක්ර්ර්නා මහච්මයාගේ නම දැනගන්ච පුලුවන්ච?”
දරුකමට හදාගන්නද කියලා අහන්ඩත් හිතලා ඔන්නොහේ නම කියලා දැම්මා.
“මේකයි මිස්, මට දැන් කෝල් එකක් ආවා මගේ ලග්නේ පලාපල කියලා. ඒකට අනුව මට අම්බානකට අපල. පට්ටට ඒරාස්ටක එරාවුර් පුදුකුඩුරිප්පු කාලයක් උදා වෙලා තියෙන්නෙ ….”
” සමාවෙන්න මහත්තමයා ඔබ පවසන දෙය මට පැහැදිලි මදි “
“රයිට් නෝනා මං පැහැදිලි කරන්නම්, මට දැන් මගේ අපලවලට බලියක් අරින්න හරි තොයිලයක් නටන්න හරි මහ සමයම නටවන්න හරි හොඳ කට්ටඬියෙක් ඉන්න තැනක් ගැන දැන ගන්න ඕන”
එහා පැත්තෙන් මීක් නෑ, එයාට කෝල් එක කට් කරන්නත් බෑ
“හෙලෝ හෙලෝ සමයන්ති මිස් ඉන්නවද “
“සමාවෙන්න මහත්මයා අපට ඔබට සහය වන්නට නොහැකී මේ ගැටලු සම්බන්දව ඔබට මීට අමතරව වෙනත් යමක් දැනගැනීමට අවශ්ය්…”
“නෑ මේකයි නෝනා, මං ඉල්ලලා නෙමෙයිනේ ඔයාලා නැකැත් බලවන්ඩයි, නඩු බලවන්නයි, නයි පටවන්නයි කියලා කෝල් කරන්නේ… ප්රමෝශන් කරන්නේ.. බලහත්කාරයෙන් නේ.. එතකොට අපල උපද්රව තියනවා කියලා කියන්නෙත් ඔහෙලා නං ඒකට කට්ටඬියෙක් හරි තක්කඩියෙක් හරි සෙට් කරන එකත් ඔහෙලාගේ යුතුකම … ඕනං ඩේටා කාඩ් වගේ කට්ටඬි කාඩ්, කූත්තාඩි කාඩ්, බ ඩු කාඩ් ගහලා විකුණ්නත් පුලුවන්නේ…
එහෙම බැරි නං බාගේට පලාපල කියවන්ඩ එපා. බලහත්කාරයෙන් කෝල් කොරන්ඩත් එපා. රෙද්ද
එහෙම කියලා මලෙන්ම කට් කරලා දැම්මා හිතවතුනි.
ඒ වගේම
ජංගම දුරකථනය වේවා ස්ථාවර දුරකථනයක් වේවා ඒක මනුස්සයෙක් ගේ පුද්ගලික ජීවිතයට සම්බන්ද දෙයක්. ඒ මනුස්සයට කතා කරන්නේ කවුද ,නොකරන්නේ කවුද කියන එක ඒ මනුස්සයා තීරණය කරන ආකාරය මත තමයි ඒ දුරකථන අංකය එකිනෙකා අතර හුවමාරු වෙන්නෙ. ව්යාපාර සහ ආයතන වල දුරකථන අංක ප්රසිද්ධ කලාට
දැකලා තියනවද ගෙවල් ඉස්සරහා තාප්ප වල මං අහන්නේ සී එස් එම් කියලා බෝඩ් එල්ලනවා වගේ ගෙදර අයගේ මොබයිල් ෆෝන් නොම්බර ලියලා එල්ලලා තියනවා?
නෑ මිත්රවරුනි , එහෙම අපි කැමැත්තෙන් අපේ දුරකථන අංක ප්රසිද්ධියේ ඇලෙව්වේ අර පාස්කු ප්රහාරයෙන් පස්සෙ විතරයි, ඒකත් ආරක්ෂක හේතුවක් මත , වැසිකිලි බිත්ති , බස් එකේ ආසන වල, පන්සල් වල ,ගස් වල නොම්බර ලියන අප්රාණවාචී නාම පද කොටස ගැන කතා නොකර මේ කියන්නෙ.
ඒ නිසා එක එක මිනිසුන්ට ඕන පලියට, ඕන ඕන වෙලාවට තමන්ගේ ව්යාපාර ප්රමෝට් කරන්න අපි නිකං බයිට් වෙන්න ඕනද? සමහර විට ඒ කෝල් එක එද්දි ඒ මනුස්සයා මහපාරේ ට්රැෆික් එකක මෝටර් බයිසිකලේක වෙන්න පුලුවන් , එක්කො බස් එකේ හිටගෙන වෙන්න පුලුවන්, එක්කො වැදගත් කෝල් එකක් බලාපොරොත්තුව ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් ඒ යාචක කෝල් එක ආන්සර් කරද්දි ඒ මනුස්සයට ජොන්,ඉන්ටර්වීව් එකකට ආපු කෝල් එකක් මිස් වෙන්න පුලිවන් , මොකද ඩයලොග් එකට, මොබිටෙල් එකට , හචින්සන් එකට, එයාටෙල් එකට අදාල නැති උනාට හැම මනුස්සයෙක්ටම ජීවිතේ කුමක් හෝ වටිනාකමක් තියන මොහොතක් වෙන්න පුලුවන්.
අනිත් කතන්දරය තමයි මෙවුන්දලා එවන ප්රමෝශන් sms ටික. අපේ වයසක අම්මලා තාත්තලා තාක්ෂණය එක්ක එච්චර මුහු නොවුන පරම්පරාවක නිසා ඔය එන හැම මැසෙජ් එකටම එයාලා කරන්නේ ඕකේ කියන බොත්තම ඔබන එක
දවසකට කොමියුනිකේෂන් වලට ෆෝන් හදන තැන්වලට අහිංසක මිනිස්සු කීදෙනෙක් එනවද කියලා නිකමට බලන්න
“අනේ මේකේ සල්ලි කැපෙනවනේ “
“ඊයේ සීයක් දාලා එකම එක කෝල් එකයි ගත්තේ ඒකත් විනාඩියයි දැන් සල්ලි නෑ “
“හැමදාම නිකං රුපියල් දහයක් කැපෙනවා”
සමහරවිට ඒ මනුස්සයා එදා වේල හම්බකරන නාටාමියෙක්, කුලී කාරයෙක් වෙන්න පුලුවන්.
හැබයි කතා කරලා අහපුවම තවත් කීයක් හරි වියදම් කරන් මැසේජ් කරන්න ඕන ඒක කැන්සල් කරන්න.
දෙයියනේ ඕක එවන්නේ නැතුව හිටියම ඉවරනේ මුලින්ම. මොකද දුරකථන සේවාව ලබාගන්නේ සල්ලි දීලනේ. ඔන්න නිකම් නම් කමක් නෑ එයාලගේ ඕනම කැටයමක් ඉවසලා බලන් ඉන්න පුලුවන්. නෑ එක්කො නිකන් දුන්නත් එහෙම ඇඟිලි ගහන්න බෑ පුද්ගලිකත්වයට.
සුනඛයන් සුනඛ වැඩ කරන්නේ නිරුවතින් ඉඳගෙන. කච්චිය පිච්චියට ගියත් බල් ලා හෙලුවෙ න් කියන්නෙ අන්න ඒකට.
හැබයි ටයිකෝට් මිනි ස්කර්ට්ස් ඇඳන් ඉංග්රීසියෙන් කරන මේ වැඩවලට සරල සිංහලෙන්ම කියනවා නම් කියන්න තියෙන්නෙ එක නමයි
ඔව්වා මහ ධාතු වැඩ
ඒවා අවුලක් නෑ, මේක ඩිජිටල් ලෝකේනේ, ඕක මොකද්ද , ඕන නැති කෝල් එකක් නම් කට් කරාම ඉවරනේ කියලා ජනේලෙන් පූජා කරන ඈයන්ට කියන්න තියෙන්නේ..
ලඟදිම
එක එක කොම්පැණි, පිරමීඩ, ඉන්සූරන්ස් , ලීසිං වලින් කතා කරලා තමන්ගේ නම කියලම කතා කරලා ඔයාටත් ලීසිං එකක් ඕනද, පිරමීඩයක් විකුණනවා ගන්නවද කියලා අහද්දි පරක්කු වැඩිවෙයි.
ඩිජිටල් යුගයක ප්රයිවසි එක ආරක්ෂා කරන්න ලෝකෙම උපරිම උත්සහා කරද්දි , අමු අමුවෙම ඒක අස්සට ඔලුව දාන්න ඉඩ දීම නවතින්න ඕන.
අනික ප්රමෝශන් කරනවා නම් ඔය ඕන තරම් ටීවී රේඩියෝ පත්තර, ලීෆ්ලට් පෝස්ටර් තියෙන්නෙ.
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්‍රේමසිරි