දෛවයෝගය (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
#කෙටි කථාවකි
“නැගපු අය ටිකට් ගන්න.. කෝ මල්ලි ෆූට් බෝඩ් එකේ ඉන්න එපා. එන්න එන්න ..ඔතනින් යන්නකෝ ඉස්සරහට “
යාන්තම් ගොඩවෙච්චි බස් එකේ සෙනග පිරිලා.උස්ම ගන්නත් ඉඩක් නැහැ . මායි දමිතුයි හිතන් හිටියෙ ෆූට් බෝඩ් එකේ හුලං වැදී වැදී ආතල් එකේ යන්න. කොහෙද ඉතින් කොන්දා බෙරිහන් දෙනවනේ . කෙල්ලොත් ඉන්නවා ලැජ්ජාවෙ බෑ. බාගෙට බාගයක් අපේ ක්ලාස් එකේ කෙල්ලොත් ඉන්නවා බස් එකේ.
“අයියේ නුගේගොඩ හංදියට හතරයි”
“කෝ කවුද හතර දෙනා”
“අර ඉස්සරහ ඉන්න දෙන්නයි මායි මේයායි”
“මාරු සල්ලි රුපියල් පහක් නැද්ද”
“නෑනේ අයියේ”
අම්මේ හද්ද වයස මිනිහට අයියේ කිව්වම තියෙන සතුට. කට කොනින් හිනා වෙනවා ෂේප් එකේ. බස් එකත් තව තව සෙනග පුරවාගෙන අපිව තව තවත් හිර කරද්දී ලස්සන කෙල්ලෙක් මගේ එහා පැත්තේ ඉඳල මගේ පිටට හේත්තු වෙලා ඉන්නවා කියලා දැනුනේ වත් නැහැනේ. මං ෂෙප් එකේ බෙල්ල හරවලා බැලුවා.
අම්මෝ කු…කූ…කු…කු.. කම්බිලි පූචි තන්ගච්චි කිව්වලූ. මාරම ලස්සනයි කෙල්ල. මං ශේප් එකේ ඉස්සරහට හැරුණේ කෙල්ල දකින්න කලින්. මං දැන් මේ කෙල්ල ගැනම හිත හිත ඉද්දී මගේ පිටට තට්ටු කරා කවුරු හරි. ගැස්සිලා හැරිලා බලපුවාම අර කෙල්ලනේ බොලේ.. මන් බය වෙලා වගේ ඒ මුහුණ දිහා බලාගෙන හිටියා. ඒ කෙල්ල එයාගේ බෑග් ඒක පෙන්නලා බස් එකේ උඩ රාක්කේ පෙන්නුවා. මං දැන ගත්තා බෑග් එක උඩට දාන්න කියලා තමයි කියනවා ඇත්තේ කියලා. මං නිකන් හල්ක් වගේ තෙරපි තෙරපි බෑග් එක අරගෙන උඩින් දැම්මා. වැඩේ කියන්නේ බෑග් පිරිලා රාක්කෙ. ඉඩත් නැහැ. බෑග් එක වැටුණා කියනකෝ ෂිට් එකේ වාඩි වෙලා හිටපු මහත ඇන්ටිගේ ඔලුව උඩට. ඇන්ටි බැලුවා බැලිල්ලක් මන් දිහා ඔරවලා. මං හිතුවා බණි තමයි කියලා. මගේ වෙලාවට එහෙම උනේ නැහැ. ඊට පස්සේ ඇන්ටි එයාගෙ උකුල උඩින් බෑග් ඒක තියා ගත්තා.
එක පාරට එහා පැත්තෙන් මගේ කකුල කෙනිත්තුව කවුරු හරි. ඒක පාරක් නෙවේ දෙපාරක්. මං ඔරාවගෙන බලානකොට ඒ දමිත්. කියලා වැඩක් නෑ මිනිහා ඔක්කොම බලාගෙන ඉඳලා තියෙන්නේ. දැන් ඉතින් ෆුල් නෝන්ඩිය දායි. මම මිනිහට හිනාවෙලා ඉස්සරහ බලා ගත්තා.
කුමරි බස් එක නුගේගොඩට ත් ආවා.
“නුගේගොඩ බහින්න නුගේගොඩ බහින්න. කෝ මේ ඉස්සරහට එන්න ඉස්සරහට එන්න ඉස්සරහින් බහින්න”
කොන්දා අය යද්දි අව පටන් ගත්තා. අපි පට පට ගාලා බෑග් අරගෙන බැහැ ගත්තා. කෙල්ලෝ මතක් උනේ ඊට පස්සේයි. පිටිපස්සේ ඇරලා ෂේප් එකේ බලනකොට මෙන්න බොලේ කෙල්ලත් එනවා. ෂුවර් එකටම නුගේගොඩ ම පන්ති යන කෙල්ලෙක් වෙන්න ඕනේ.
“ඒ බං එකෙක් කෙල්ලගේ බෑග් රැක් එකට දානවා . ඒ කෙල්ල දිහා හොරෙන් හොරෙන් බලනවා”
අන්න ඉතින් හිතුවා වගේම දමිත් පටන් ගත්තා නෝන්ඩි කරන්න. ඔක්කොම උන් මන් දිහා බලලා හිනා වෙනවා. මාව චාටර් කර කර පන්තිය ලඟටම ආවා. මන් මුන්ට නොපෙන්නුවට කෙල්ල ගැන අවදානෙන් ආවේ. කෙල්ලත් ගානට තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක අපේ පස්සෙන්ම එනවා. සෙනග සූ ගහලා අපි පොරකාගෙන පන්තියට ගියේ ඉක්මනට ඉඩක් අල්ලගන්න. අපි හතර දෙනා කාඩ් මාර්ක් කරලා සුටුස් ගාල ගිහින් වාඩි උනා. මගේ හිත තිබුනේම ඒ කෙල්ල ගැන. මං ලාවට හැරිලා බැලුවා ම මෙන්න බොළේ කෙල්ල ඉන්නවා කියන්නකෝ කෙල්ලන්ගේ ඩේස් පෝලිමේ එහා පැත්තේ. මට දැන් මාර සතුටුයි. ඒ කියන්නේ කෙල්ලත් ඒ ලෙවල් වලට මැත්ස් කරන අපේම වයස කෙල්ලෙක්. දැන් මගේ හිතට ආවේ ම කෙල්ලට කොහොම හරි ට්රයි කරන්න. කෙල්ල ගැන හිත හිත ඉන්නකොට ම සිහිය යථාතත්වයට අරගෙන සර් ආවා.
ඉතිං ඔහොම සති ගනන් ගෙවිලා ගියා. මට දැන් කෙල්ලගෙන් අහන්න ඕනේ. හැබැයි හිතට ගොඩක් බයයි වගේ. අදහනවා හෙට අහනව කියල හිතුවට අහන එක මිස් වුණා. බැරිම තැන මං මගේ යාලුවෙක්ගෙ අතේ පණිවිඩයක් යැව්වා.
“මං හිතලා බලලා කියන්නම් කියන්න”
මගේ යාළුවා අපිට ඇවිත් කිව්වේ උත්තරේ. එහෙම කියපු එක ලොකු සහනයක්. හිතලා බලලා කියන්නම් කියන්න මොකක් හරි කැමැත්තක් හිතේ තියෙන නිසා වෙන්න ඕනි කියලා මං හිතුවා. ඒ අතර ඒ කෙල්ලට ට්රයි කරපු ගොඩක් අය හිටියා. එයාගේ නම දිනුරි
ඔහොම තව දවස් ගානකට පස්සේ බිනුලි කැමතියි කියලා මගේ යාළුවගේ අතේ ම පණිවිඩය එවල තිබුණා. මං නිකං ම ලෝක යුද්ධයක් ජයග්රහනය කරා වගේ මාර සතුටක් දැනුනේ.
ඔන්න ඉතින් අපේ ආදර කතාව හරි ලස්සනට ගලාගෙන ගියා. මට හිතුන ජීවිතේ සුන්දරම දවස් තමයි මේකෙ වෙන්නෙ කියලා. ගොඩාක් සතුටින්මයී හිටියේ.
මං කෙවින්. මං දමිල කොල්ලෙක්. තෙලෙළු උනාට හරි හැන්ඩියා කියලා හැමෝම කියනවා. මං හරි සෝද ශීලී කියලත් හැමෝම කියනවා. ඕන කෙනෙක් එක්ක ලෙසින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් කියලත් කියනවා. ඒ මාව දන්න කියන අය මාව පිණිස කරපු විදිහ. මගේ පවුලෙ අම්මයි තාත්තයි අක්කල දෙන්නයි මායි විතරයි හිටියේ. අක්කලා දෙන්නත් එක්ක යුද්දේ තමයි දවසෙම. හැබැයි අපි හරි ආදරෙන් ඉන්නවා. මං ඕලෙවල් කරේ පුංචි පාසලක. ඒ උනාට අපිට හොඳටම අධ්යාපනය දුන්න. මං ඕ ලෙවල් හොඳටම පාස් වුණා. ඉස්කෝලේ හොදම ප්රතිඵල මගේ. ඒ ප්රතිඵල වලින් තමයි මම ඒ ලෙවල් කරන්න ලොකු ඉස්කෝලෙකට එන්නේ. ඒත් ඉස්කෝලේන් හමුවුන යාළුවෙක් තමයි ඉරෝෂ් කියන්නේ.
අපේ ආදර කතාව හරිම ලස්සනට ගලාගෙන යනකොට මට දීනුරි ගෙන් කෙටි පණිවිඩයක් ආවා.
” අපි මේ සම්බන්ධෙ නවත්තමු. අපෙ අම්මා දැනගෙන ඔයා දෙමළ කියලා. ඔයාලා ගෙදරිනුත් කැමති වෙන එකක් නෑ මේකට. තව දුරදිග අරගෙන යන එක තේරුමක් නෑ. අපි නවත්තමු. ඔයා හොදට විභාගය පාස් වෙන්න. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. පරිස්සමින් ඉන්න”
මම පුදුම වුණා. හැමෝටම වැඩි විශ්වාස කරපු කෙනා හිටිහැටියේ මේම වෙනස් වෙයි කියලා. දරාගන්න බැරි වුණා. මටත් නොදැනීම මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. හිතාගන්න බෑ කිසි දෙයක්. මට ඇඬුණා. මං ඔයාට කොච්චර ඇවිටිලි කළත් එයා එකම දේ මයි කිව්වේ. මාත් නිකං හරියට උමතුවෙන් මත් වෙච්ච පිස්සෙක් වගේ වුණා. ගොඩක් ආදරය කරපු කෙනා මෙහෙම වෙනස් වෙද්දි.
දෛවයෝගයකින් නොවේදෝ…
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ….
හැම වෙලේම මගේ මනසේ ඇ ඒ ගීතය
මගේ යාළුවෝ නොහිටින්න මං අද පිස්සෙක් වෙලා ඇති. ඇත්තටම මගේ විභාගය අඩාල වුණා. පාඩම් කරන එක සම්පූර්ණයෙන්ම නැති වුණා. හීන පොකුරක් හිතේ තිබුණා. සාමාන්ය පෙළ වගේම උසස් පෙළත් හොඳටම සමත් වෙනවා කියලා. පාඩම් කරන්න හිතෙන හැම මොහොතකම මට එයාව මතක් උනා.
ඔහොම කාලය ගෙවිලා ගියා
කොහොමහරි ගොඩක් අමාරුවෙන් මන් මගේ හිත හදාගත්තා. විභාගෙත් ලං වෙලා.එස් තුනකින් හරි පාස් වෙන්න ඕනෙමයි කියලා හිතුනා. මගේ අම්මා තාත්තා මං වෙන වියදම් කරපු සල්ලි ගැන මතක් උනා. මෙතුවක් නාස්ති කරපු කාලය මතක් උනා. විභාගයට තව මාස දෙකයි. කිසිම සූදානමක් තිබුණේ නැහැ. අම්මලාගේ හීන කඩාකප්පල් කරන්න මට බැහැ. මම මේ මාස දෙකේ හොඳටම වෙර දරලා විභාගෙ පාස් වෙනවා කියලා හිතුවා.
මං ගොඩක් මහන්සි වුනා. උසස්පෙළ අංශයෙන් ගණිතය විෂය මාලාව සමත් වෙනවා කියන්නේ හරිම අමාරු කටයුත්තක්. එස් සාමාර්ථ තුනක් ගන්නත් ගොඩක් මහන්සි වෙන්න ඕන. මං හැම වෙලේම හිතුවෙ එහෙමයි. කොහොමහරි විභාගය දවසත් ආවා. විභාගයට පෙනී සිටියා. පුළුවන් උපරිමයෙන්ම මං ප්රශ්න පත්තරේට උත්තර ලිව්වා.
ඔහොම විභාගෙත් ඉවර වුනා. කාටත් නොපෙන්නුවාට හිතේ ලොකු බයකින් හිටියේ. ප්රතිඵල කොහොම වෙයිද කියලා.
මේ කාලෙ ගෙවිල ගියෙ හරිම ඉක්මනින්. ටික විභාග ප්රතිඵල මුදාහැරලා කියලා පණිවිඩය ලැබුණා.
මගේ හිත වේගයෙන් ගැහෙනවා බය වැඩිකමට. මගේ අත්දෙක වෙව්ලනවා. හිතාගන්නවත් බෑ. මං විභාග සමත් වෙලා. ඒස් සාමාර්ථ තුනක් තියෙනවා. මට මේ ටික හොඳට ඇති. පළවෙනි පාරෙම විභාග සමත් වෙච්ච නිසා. අඩු කාල පරාසයක් තුළ මං මහන්සි වෙච්ච නිසා. නමුත් අම්මල මීට වඩා බලාපොරොත්තු වුණා. මේ කිසි දෙයක් අම්මලා දැනගෙන හිටියේ නෑ.
මං පණ වගේ ආදරේ කරපු දිනුරී විෂයන් දෙකක් අසමත් වෙලා කියලා මට යාළුවෙකුගේ මාර්ගයෙන් ආරංචි වුණ. මට ගොඩක් දුකයි. මං කවදාවත් එයාට වෛර කළේ නැහැ. කිසිම වැරැද්දක් කිව්වෙත් නෑ. එයාට ඕනම තීරණයක් ගන්න අයිතියක් තියෙනවා. ඉගෙන ගන්න කාලේ ප්රේම සම්බන්ධතා කියන එක අධ්යාපනයට ලොකු බාධාවක්. ඒක නිසා එයා සාධාරණයි.
නමුත් එයාට හරියාකාරව විභාගය සමත් වෙන්න අවස්ථා තිබ්බා. මගෙන් පස්සෙ එයාගෙ ජීවිතේ මොනවා සිද්ධ උනාද කියන්න මං හරියටම දන්නෙ නැහැ. හැබැයි මගෙන් පස්සේ අලුත් ප්රේමවන්තයෙක් එයාට ලැබුණ කියලා මම දැනගෙන හිටියා. මං හදවතින්ම ඒ දෙන්නට සුබ පැතුවා
අධ්යාපනය කියන්නේ ජීවිතේට ලොකු අස්වැසිල්ලක්. අධ්යාපනය ජීවිතකාළයේම හදාරන්න පුළුවන් උනොත් කඩඉම් විභාග තියෙන්නේ ටික කාලයයි. ඒ කාලේ ඒ දේවල් වලට විතරක් අවධානය දීම ඉතා වැදගත්. ආදරය කියන්නේ ජීවිත කාලෙදිම ලබාගත හැකි දෙයක් .අධ්යාපනය වෙනුවෙන් කැප කරන්න පුළුවන් කාලය උපරීමයෙන්ම කැප කළ යුතුයි.
මං සාමාන්ය පෙළ ඉහළින්ම සමත් උනේ මන් ඒ කෙරෙහි අවධානයෙන් කැප වීමෙන් මහන්සියෙන් උනන්දුවෙන් වැඩ කළ නිසයි. මට තිබුණා මගේ අරමුණු පස්සේ දුවන්න. හැබැයි උසස්පෙළ කාලෙදි මට මගේ අරමුණු මග හැරුණා.දැන් ඒ ගැන පසුතැවිලි වීම කිසිම තේරුමක් නැති කර්තව්යයක්.
උසස්පෙල විභාග ප්රතිඵල ලැබීමෙන් පසු මන් අලුතින් මගේ ජීවිතය කෙරෙහි අරමුණු හදාගත්තා. මං ඒ අරමුණු දිහාවට දුවන්න පටන් ගත්තා.බාහිර උපාධි කිහිප්යක්ම හැදෑරුවා. මට ප්රදාන පෙළේ රැකියාවක් ලැබුණ. මං රැකියාවෙන් ඉහළ තනතුරු හිමි කර ගත්තා. මට දැන් මගේම වාහනයක් තියෙනවා .මට හිතෙනවා මන් දැන් සම්පූර්ණයි කියලා.
එහෙම ඉන්න අතරතුරදී මට ලස්සන ගැහැණු ළමයෙක් මුණ ගැහුණා. හරිම නිහතමානී. මට එයා කෙරෙහි ආදරයක් ඇති වුණා. ආදරය කියන්නේ. ලැබිය යුතු දෙයක් මිසක් යැදිය යුතු දෙයක් නොවන වග පසක් කර දුන්නේ එයා. මගේ ජාතිය ආගම එයාට ප්රශ්නයක් උනේ නැහැ.මන් කුඩා කාලයේ සිටම හැදුනේ සිංහල පරිසරයක් එක්ක. මට ඉන්නේ සිංහල යහළුවෝ. මං කතා කරන විදිහෙන් කිසිදු කෙනෙක්ට හිතන්න බැහැ මන් දමිළ කෙනෙක් කියලා. මං දහම්පාසල් පවා ගියා.
අවසානයට අපි දෙන්නා විවාහ උනා.දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය මැද. දැන් පුංචි පුතෙකුත් ඉන්නවා. එයාගේ නම සසෙත් රන්දිව් . එයාව ගෙදරට ගෙනාපු දවසේම අපි තෙරුවන් වැදලා ආශිවාද ලබා ගත්තා.
අධ්යාපනය වෙනුවෙන් කැප කරන්න තියෙන්නේ ටික කාලයයි. ඉතින් ඒ ටික කාලය වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරන්න. දෙමවුපියන්ගේ හීන තමන්ගේ හීන කරගන්න. තමන්ගේ ඉලක්ක වලට මුල් තැන දෙන්න. හොඳම දේවල් ජීවිතයට ලැබෙන්නේ හෙමින් කියලා කතාවක් තියෙනවනේ. හැම දේම ලැබීය යුතු කාලයේදී.ලැබෙයි. අද මන් මීට වඩා හොඳ තැනක ඉන්න තිබුණා උසස්පෙළ ඉහළින්ම සමත් උනා නම්. එහෙත් මන් දැන් මන් ගැන තෘප්තිමත්.
සත්ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ නම් ගම් මනක්කලිපිත කථාවකි.
අඩුපාඩු තියනවා නම් සමා වෙන්න
               බුදු සරණයි ❤️
 උපුටා ගැනීම:  හිරු ඩයස්✍️

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!