චීනය ඉන්දියාව ඇතුළු ජනගහනය අධික රටවල් බොහෝමයක තිබෙන ගැටලුවක් විදිහට සැළකෙනවා වාර්ෂික උපත් සංඛ්‍යාව. දශක ගණනාවකට කලින්, ජනගහනය පාලනයට සහ උපත් සංඛ්‍යාව අඩු මට්ටමක තබා ගන්න බොහෝමයක් රටවල් සදාචාර විරෝධී දේවල් පවා කරලා තියෙනවා. හැබැයි වතිකානුවට නම් කවදාවත් ඒ විදිහට උපත් අනුපාතිකය ගැන වද වෙන්නට සිදු වුණේ නැහැ.
ඔව්.. මේ කෙටි ලිපිය, ළදරු උපත් අනුපාතය 0% ක අගයක පවතින රෝමයේ වතිකානු නගරය ගැනයි.
දැනට වතිකානුවේ උපන් ප්‍රථම සහ අවසන් දරුවා විදිහට සැලකෙන, “Pius” හෝ “Pio” නමින් නම් කෙරුණු දරුවගෙන් අනතුරුව, අද වන තෙක් වතිකානුවේ උපත ලද දරුවෙක් ගැන වාර්තාවන් වල සඳහන් වෙන්නේ නැහැ.
මේකට හේතු කිහිපයක්ම බලපා තියෙනවා.
පළවෙනි කාරණය තමයි වතිකානු නගරයේ කාන්තාවන් සංඛ්‍යාව ඉතාම අවම වීම. සංඛ්‍යාත්මකව ගත්තොත් වතිකානු නගරයේ කාන්තාවන් ගණන දුසිම් දෙක තුනකට වඩා වැඩි වෙන්නේ නැහැ. උග්‍ර ආගමික පසුබිමක් තිබෙන මේ නගරයේ ජීවත් වෙන වෙන සුළු සංඛ්‍යාවක් වුණු කාන්තා ජනගහනයෙනුත්, අතිබහුතරයක්, පූජකවරියන් වෙනවා.
දෙවැනි කාරණය තමයි වතිකාණුවේ රෝහල් නොමැති වීම. “Bambin Gesu” නමින් හැඳින්වෙන සාමාන්‍ය ප්‍රතිකාර ලබා දෙන ස්ථානයේත් දරු ප්‍රසූතාගාරයක් නැති බව කියැවෙනවා.
මේ නිසා කිතුනු භක්තිකයන්ගේ පූජනීය ස්ථානයක් විදිහට සැලකෙන මේ නගරය උපන් ස්ථානය ලෙස උප්පැන්න සහතිකයක සටහන් වනවාට කිසියම් කෙනෙක් කැමති වුණත්, ඒ සඳහා කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රසුතිය සදහා අනිවාර්යයෙන්ම යාබද නගරයක තියෙන රෝහලකට යන්නට ඔවුන්ට සිද්ධ වෙනවා.
මොනයම්ම හෝ තත්ත්වයක් මත දරුවෙක් වතිකානු නගරයේ ඇතුළත ඉපදුනත්, ඔහු හෝ ඇයගේ උප්පැන්න සහතිකයේ, උපන් නගරය වතිකානුව ලෙස සටහන් වෙන්නේ නෑ. ඒ වෙනුවට “Rome, Italy” විදියටයි සටහන් වෙන්නේ.
සම්පූර්ණ ජනගහනය දහසකට අඩු වතිකානු නගරය මේ වගේ තව කරුණු රාශියක් නිසා ලෝකයේ වෙනත් සාමාන්‍ය නගර වලට වඩා වෙනස් වෙනවා. ඒ ගැන තවත් ලිපියකින් කියන්නම්..
මූලාශ්‍ර : https://www.quora.com/ , https://www.telegraph.co.uk/,
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.