ඩේටිං සයිට් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තනිකඩව ඉඳලා බැරිම තැන කෙල්ලෙක් හොයාගන්න ඔන්ලයින් ඩේටිං සයිට් එකක රෙජිස්ටර් වෙලා බැලුවා…🙂
ටික දවසකින් වැඩේ හරි ගියා.එක්කෙනෙක් සෙට් උනා.දැන් ඉතිං අපි හම්බෙන්න තැනක් එහෙම කතාකරගෙන හම්බෙන්න දවසකුත් දාගත්තා.තාම දැකලා නෑ හැබැහින්.මොකද සේරම ඔන්ලයින් චැට් විතරයි..😁
දැන් මොනවා උනත් මගේ හිතට පොඩි මෙව්වා එකකුත් තියෙනවා මොකද කෙල්ල මං හිතාගෙන ඉන්නවා වගේ නැතිව කැත උනොත්..
(කවුරුත් කැත නෑ.. ලස්සන සාපේක්ෂයි ඈ)
😏❤️
ඉතිං..මං ඔය කතාව මගේ යාළුවෙක්ට කිව්වා.ඌ මේ ඩේටිං සයිට් එකේ ටිකක් කල් ඉඳන් ඉන්න පරිණත බුවෙක්.මගේ අවුල මං කිව්වා මූට..
😋
අයියෝ බං..ඕක අවුලක් නෑ.. ඕකට වැඩක් මේකෙම තියෙනවා.උඹ ගනින් අහවල් ඇප් එක.
එකෙන් පුළුවන් උඹේ පළවෙනි මීට්අප් එක දවසට එන්න කෝල් එකක් Schedule කරගන්න..
උඹ ගාණට හම්බෙන්න ඉන්න වෙලාවෙන් විනාඩි පහක් දහයක් විතර පස්සේ කෝල් එක එන්න හදාගනින්..
ඔන්න කෑල්ල උඹට සෙට් වගේ නම් උඹ කැමතියි නම් කෝල් එක ආපුවම කට් කරලා දාපන්..✔️
නැත්තම් කෙල්ල සෙට් නැත්තම් කෝල් එක ආන්සර් කරලා අහපන්
“ඇයි අම්මේ..මොකක්ද අවුල? ඔයා හොඳින් නේද? ” 👍
කියලා..
එතනින් ලිස්සලා වරෙං..
💪
අඩෝ.. තැන්ක්ස් ඈ..
😏
මටත් දැන් ෆිට්! කෙල්ල අවුල් නම් වැඩේ අතෑරලා දාන්න විසඳුමකුත් තියෙනවානේ..
ඔන්න ඉතින් ඒ දවසේ මං හොඳට ඇදගෙන එහෙම එයාව හම්බවෙන්න ගියා..
ඔයාට කියන්න..
ඇය හරිම ලස්සනයි 🔥
ලස්සන මලක් වගේ.ඇගේ හිනාව මං හොයපු හිනාවමයි..🔥
මටම මවපු ඇය දිහා මං හරිම ආදරෙන් බලාගෙන හිටියා ටික වෙලාවක්..❤️🔥
ඇයත් මට යන්තමින් හිනාවෙලා ඇයගේ මේසයට එන්න කිව්වා.
මම ක්ෂණිකව ගත්තා මගේ ෆෝන් එක.අරන් Switch off කරලම දැම්මා…😇 ඇයි යකෝ මීටත් වඩා මට ගැලපෙන කෙනෙක් කොහේද..
මං හරිම සංතෝසෙන් ඇය ගාවින්ම ඉඳගත්තා!
මං ඉඳගන්නවත් එක්කම ඇයට කෝල් එකක් ආවා..
එයා ඒක ආන්සර් කරා..
😶
“ඇයි අම්මේ.. මොකක්ද අවුල? ඔයා හොඳින් නේද? ”
😴
කොපි තමා-සුදු අධිරාජ්ජේ
(මේක කියවලාවත් කෙනෙක් මට හම්බේවා කියලා හිතාගෙන මේ ලියන්නේ..
මං පේල්!)
උපුටා ගැනීම: Pragathi Sarartha Vithanage

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!